![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/03/10/government-land-sri-lanka.jpg?itok=X7kquBxY)
අනවසරයෙන් රජයේ ඉඩම්, දේපොළ අත්පත් කරගෙන සිටින පිරිස්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට තිබේ.
රජයේ පාසල්වලට, පොදු ස්ථානවලට, දුම්රිය මාර්ග දෙපසට අයත් රජයේ බොහෝ ඉඩම් පෞද්ගලිකව අත්පත් කරගෙන සිටින පිරිස් දිනෙන් දින ඉහළ යෑම මේ තීරණය ගැනීමට හේතු වී තිබේ. කොළඹ තදාසන්න හා ඉතා ඉහළ වාණිජ වටිනාකම් තිබෙන රජයේ ඉඩම්, දේපොළ ඇතැම් දෙනා පෞද්ගලිකව බලහත්කාරයෙන් අල්ලාගෙන භුක්ති විඳින බව කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇත.
රජයේ පාසල්වලට, මාර්ගවලට අයත් බිම් පෞද්ගලිකව කොටු කර වැටවල් ගසා පරිහරණය කිරීම නිසා එම පොදු ස්ථාන භාවිත කරන පාසල් දූ දරුවන්ට, ගුරුවරුන්ට රජයේ නිලධාරින්ට දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදු වී තිබේ.
එම නිසා රජයේ ඉඩම්, දේපොළ නීත්‍යනුකූලව මැන බලා නැවත වැට කඩොලු ඉදිකර දෙන්නේ නම්, එය විශාල සේවාවක් බව රාජ්‍ය නිලධාරීහු අවධාරණය කළහ.
මේ නිසා හැකි ඉක්මනින් රජයේ මිනින්දෝරුවරුන් ලවා ඉඩම් මැනීමට, නිසි හා විධිමත් ලෙස කම්බි ගසා වෙන් කිරීමට පියවර ගන්නා බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා තීරණය කෙළේය.