අර්ජුන්ගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි | Page 11 | සිළුමිණ

අර්ජුන්ගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

බැඳුම්කර වෙන්දේසියට සම්බන් සිද්ධි හා කරුණු පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත් කර ඇති විශේෂ ජනපති කොමිසමේ නිලධාරීන් විසින් පැය තුනකට අධික කාලයක් තිස්සේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සිකුරාදා (10) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

කොළඹ අලුත්කඩේ පිහිටි කොමිසම් කාර්යාලයේදී පෙරවරු 9.30ට පෙර ඇරැඹුණ මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුත්ත දහවල් 12.30 දක්වා පැවැත්විණ. 

Comments