ඉදිරියටත් කළුතර ඛේදවාචකය වැනි විපත් හටගත හැකියි ! | සිළුමිණ

ඉදිරියටත් කළුතර ඛේදවාචකය වැනි විපත් හටගත හැකියි !

පසුගිය පෙබරවාරි මස 05 දා සිළුමිණ - තරුපාර ජ්‍යොතිෂ පිටුවේ

“ වසරේ පළමු සහ එකම ජායා චන්ද්‍රග්‍රහණය ලබන සෙනසුරාදා !

ජල විපත් සහ ජ්‍යෙෂ්ඨ කාන්තාවන් පිළිබඳ දුක්මුසු පුවත් පැතිරෙයි"

යනුවෙන් පළ වූ ලිපියෙන් කළ පුරෝකතනයේ මෙසේ සඳහන් විය. " ජල බලයෙන් යුත් කටක රාශිය මෙහි ග්‍රහණ භූමිය වන අතර එය වායු බලැති ශ්‍රි ලංකා කේන්දරයෙන් 06 වැන්න වෙයි. ග්‍රහණයේ උච්ච අවස්ථාව බුධ සහ ශනි සංයෝගයක් වන අතර පෙරළා එමගින් පඨවි සහ වායු ක්ෂූද්‍ර සූක්ෂ්ම අවස්ථාවක් පෙන්වයි. පඨවි බලැති මකරයේ තැන්පත් රවි වෙතින් කුජ සහ ශනි සංයෝගයක් නිර්මාණය කරන අතර එමගින් පෙරළා ගිනි සහ වායු ක්ෂූද්‍ර සූක්ෂම අවස්ථාවක් පෙන්වයි. ග්‍රහණය සිදුවන අස්ලිස නැකතේ 4 වැනි පාදය විසින් ක්ෂූද්‍ර සූක්ෂ්ම ජල බලයම උපරිමයෙන් නියෝජනය කරයි. මෙය කාටත් වැටහෙන බසින් පරිවර්තනය කළ විට එන අරුත මෙයයි. පෙබරවාරි 11 දා සිට ඉදිරියට එන මාස 04 කුත් දින 19 ක කාලය අතරතුරදී ජලය ආශ්‍රිත මහ පරිමාණ විපතක් නිවේදනය කරයි... "

ඉහත උධෘතයේ සඳහන් පරිදිම පසුගිය පෙබරවාරි 19 දා කළුතර මුහුදු තීරයේදී යාත්‍රාවක් අනතුරට ලක්ව 15 දෙනෙකු මිය ගිය අතර 29 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරනු ලැබීය. අපගේ පුරෝකතනය සැබෑ වූ නමුත් එහිදී ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා ම සමාදානයේ සැතපේවා ! යැයි පතමු.

ඉහත කී පුරෝකතනය අනුව මේ ජලය ආශ්‍රිත විපත්තිකර කාලය තවත් මාස 4 ක් පමණ බල පැවැත්වෙන හෙයින් ජලය ආශ්‍රිත බෝවන රෝග පැතිරීම සහ ජලය ආශ්‍රිත තවත් විපත් සිදුවිය හැකි හෙයින් පරෙස්සම් විය යුතු බවත් අවධාරණය කළ යුතුව තිබේ.

Comments