සභාව උණුසුම් | සිළුමිණ

සභාව උණුසුම්

 ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිනට නියමිත කටයුතුවලට බාධා වන අයුරින් අදහස් දැක්වීම හේතුවෙන් ඇතිවූ උණූසුම්කාරී තත්ත්වය මත පාර්ලිමේන්තුව මාර්තු 21 දා දක්වා කල්තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා පෙරේදා (10) කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් හා විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ ස්වාධීන වීම පිළිබඳව කථානායකවරයා තීන්දුවක් ලබාදී ඇති හෙයින් තවදුරටත් පාර්ලිමේන්තු කාලය නාස්ති කිරීම අනවශ්‍ය බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාට දැනුම් දීමෙන් පසුව මෙම උණුසුම්කාරි වාතාවරණය ඇති විය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සිය විරෝධය පළකළ අතර දිනට නියමිත කටයුතු ආරම්භ කිරීමට කතානායකවරයා සූදානම් විය. දිගින් දිගටම මන්ත්‍රීවරු ඝෝෂාකාරී ලෙස විවිධ දේ ප්‍රකාශ කරමින් කළහකාරී ලෙස කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගියහ.

පාර්ලිමේන්තුවේ ඇතිවූ උණූසුම්කාරී වාතාවරණය හේතුවෙන් 11.50 ට පමණ පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා කටයුතු කළ අතර පාර්ලිමේන්තු රැස්වීම පැය එකහමාරකට සීමාවිය. 

Comments