බස්වලට වෙනම මංතීරු 17දා සිට | සිළුමිණ

බස්වලට වෙනම මංතීරු 17දා සිට

බස් රථ සඳහා වෙනමම මංතීරු හඳුන්වා දීමේ වැඩ සටහන ලබන සිකුරාදා (17) සිට ආරම්භ කරන බව බස්නාහිර පළාත් හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙහිදී බස් රථවලට පමණක් ගමන් කළ හැකි විශේෂ මාර්ගයක්

හඳුන්වා දෙන අතර මේ ප්‍රමුඛතා මං තීරු ක්‍රමය යටතේ බස් රථ අතර මඟ නවතාගෙන සිටීමද නතර වනු ඇත.

ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය ලෙසින් ක්‍රියාත්මක මේ වැඩ සටහන යටතේ බස් රථ සඳහා ‍අනෙකුත් වාහනවලට වඩා ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර එම තීරුවේ ගමන් ගන්නා බස් රථවලට පදිකමාරු මෙන්ම මංසන්ධිවලදී විශේෂ ප්‍රමුඛතාවක් ලබා දී ගමන් කිරීමට අවශ්‍ය ඉඩකඩ ලබා දෙනු ඇත‍.

නියමු ව්‍යාපෘතිය පාර්ලිමේන්තු මාර්ගය හා පරණ කෝට්ටේ මාර්ගය ආශ‍්‍රිතව හඳුන්වාදෙන අතර පැයක කාලයක් තුළ බස්රථ 180 කින් මගීන් 8000ක් පමණ ප්‍රවාහනය කළ හැකි බව මෙහිදී කළ සමීක්ෂණයන්ගෙන් හෙළි වී ඇත.

පෞද්ගලික වාහනවලට වඩා පොදු ප්‍රවාහන බස් රථ සේවාවට මඟීන් යොමු කිරීමට මේ ක්‍රියාදාමය ඉවහල් වනු ඇති බවද ඇමැතිවරයා විශ්වාසය පළ කරයි. 

Comments