උසස් තාක්ෂණ ඇදුරු වර්ජනයෙන් සිසුහු 21000ක් අපහසුතාවට | සිළුමිණ

උසස් තාක්ෂණ ඇදුරු වර්ජනයෙන් සිසුහු 21000ක් අපහසුතාවට

දිවයින පුරා පිහිටුවා ඇති රජයේ උසස් තාක්ෂණ ආයතනයන්හි කථිකාචාර්යවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් එම ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 21000ක් පමණ අපහසුතාවට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස උසස් තාක්ෂණ ආයතන 18ක පමණ තාක්ෂණ පාඨමාලා 13කට අදාළ අවසන් වසරේ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවලින් උසස් තාක්ෂණ කථිකාචාර්යවරුන් ඉවත් වීම නිසා විභාග ප්‍රශ්න පත්‍ර 125000ක් පමණ ගොඩගැසී තිබේ. මේ නිසා අවසන් වසරවල විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් රජය විසින් ගැසට් කර ඇති රැකියා අවස්ථාවන්ට ඉල්ලුම් කිරීමට නොහැකිව සිසුන් දැඩි අපහසුතාවට ලක්ව ඇත. 

 

Comments