
කෝට්ටේගොඩ බෙලිවත්ත ශ්‍රී සුධර්මාරාමාශ්‍රමාධිපති රාජකීය පණිඩිත බුද්ධියාගම ධම්මසේන හිමිපාණන් විසින් පවත්වනු ලබන මවුපිය සම්භාවනා වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් හෙට (27) පෙරවරුවේ සෙවණගල සඳරාජ මහ විදුහලේ දී පැවැත්වේ.
එහි ඉදිරි වැඩසටහන් මෙසේය. 28දා හම්බේගමුව ද්විතීයික පාසල, 1දා අඟුණකොළපැළැස්ස මහ විදුහල, 2දා ඇතිලිවැව මහ විදුහල, 3දා සෙවණගල මහ විදුහල, 4දා සවස පාණදුර හිරණ ස්වර්ණ පූර්ණාරාමය, 5දා උදේ තලාව සේනපුර චන්ද්‍රරතන දහම් පාසල, සවස වැලිඔය හැලඹවැව දහම් පාසල, 6දා උදේ 8.00ට ශ්‍රීපුර පදවිය අලිවංගුව මහ විදුහල, උදේ 11.00ට වැලිඔය මහ විදුහල.7දා රත්නපුර කහංගම බෞද්ධ විදුහල, 8දා රත්නපුර ශාන්ත ලූස් විදුහල, 9දා වටුගෙදර මහ විදුහල, 10දා මොරවක ජාතික පාසල.
නොමිලේ පවත්වනු ලබන මේ වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර 0779759169 දුරකථනයෙන් විමසිය හැකි බව ධම්මසේන හිමියෝ පවසති.