
ශ.ව. 1938ක්වූ කුම්භ රවි 07 භාග නවම් මස අව අටවක තිථිය ලත් පෙබ. මස 19 වැනි ඉරිදා සිට 25 වැනි ශනිදා තෙක්..
මේෂ
අන්‍යයන්ගේ ප්‍රසාදය දිනා ගනී. තම හැකියා නුරුස්සන අයගේ කුමන්ත්‍රණකාරී වැඩ නිසා ආයතන ප්‍රධානීන් සමඟ පැවැති විශ්වාසය බිඳී යයි. අසල්වැසියන් සමඟ කෙරෙන ගනුදෙනුවලින් ගැටලු විසඳා ගැනීමට හැකි වෙයි. දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි අසන්නට ලැබේ. රෝගීන්ගේ අඩුපාඩු සපුරාලීමට මුදල් වැය කෙරේ.
ජය අංකය - 08 සුබ දවස - සෙනසුරාදා
වෘෂභ
සිතේ සතුට වර්ධනය වෙයි. ශුභාශුභ මිශ්‍රපල ගෙන දෙන සතියකි. ජීවනෝපාය මාර්ගවලට අභියෝග කර ගැනීමට හැකි වෙයි. උසස් අයගේ සැලකිලි හා ගෞරවය ලැබේ. සේවා ඇගයීම්වලට ලක්වෙයි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටුවෙයි.
ජය අංකය - 02 සුබ දවස - අඟහරුවාදා
මිථුන
හිතවතුන් හා ඥාතීන් එකතු වන උත්සව කටයුත්තකට සහභාගීවීමට ඇරැයුම් ලැබේ. තරග විභාග ආදියෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්වෙයි. මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතුවල වෙනසක් ඇතිවීමට ඉඩ ඇත. ක්‍රියාශීලී ගති පැවතුම් අන් අයගේ ප්‍රසාදයට ලක්වීමට හේතු වෙයි. සති මැද මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වනු ඇත. දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වෙහෙස වීමට සිදුවෙයි.
ජය අංකය - 07 සුබ දවස - සිකුරාදා
කටක
නිවෙසේ අලුත්වැඩියාවකට හෝ අලුතින් කොටසක් එකතු කිරීමට හැකි වෙයි. මේ සඳහා තැන්පත් මුදලක් වියදම් කිරීමට සිදු වනු ඇත. ගුප්ත විද්‍යා කටයුතු කෙරෙහි ඇති උනන්දුව වැඩිවෙයි. නව නිර්මාණවල යෙදෙන අයට යහපත්ය. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික අංශවල සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකි වෙයි. මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු හොබවන අයට අතිරේක රාජකාරි බහුලව යෙදෙයි.
ජය අංකය - 06 සුබ දවස - සඳුදා
සිංහ
වාහනයක් හෝ ඉඩමක් මිලට ගැනීම පිළිබඳ තිබූ බලාපොරොත්තු ඉටුවන ලකුණු පහළ වෙයි. සම්මුඛ පරීක්ෂණයකින් ජය ලබා ගැනීමට හැකිය. අතිරේක ආදායම් මාර්ග ඉහළ යයි. රැකියා ස්ථානයේ අතිරේක වගකීම් පැවරීම නිසා රාජකාරි බහුල විය හැක. පරිගණක අංශවලින් තම හැකියා එළිදැක්වීමට හැකි වෙයි. මංගල යෝජනා ඉදිරිපත් වෙයි.
ජය අංකය - 09 සුබ දවස - සඳුදා
කන්‍යා
උසස් තනතුරු හොබවන අයගේ සහායෙන් අදහස් ඉටුකර ගත හැකිය. හිතවතුන්ගේ ආදර සැලකිලි ලැබේ. මිල මුදල් ලබා ගැනීමේ අරමුණෙන් යෙදෙන ගමන්වලින් ප්‍රයෝජන අත්වෙයි. විවිධ අය තම ඇසුරට පත්වන කාලයක් බැවින් එවැනි අය පිළිබඳ කල්පනාකාරීව කටයුතු කළ යුතුය. මංගල යෝජනා උදා වෙයි. සෙම් ආබාධ ඇති වීමට ඉඩ ඇත.
ජය අංකය - 08 සුබ දවස - බදාදා
තුලා
පර්යේෂණ කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වෙයි. දැනුම වර්ධනය සඳහා කියවීමේ රුචිය වැඩි කර ගැනීමට වෙහෙසෙයි. විශ්‍රාමිකයන්ට සහන කාලයකි. තම හැකියාවන් ප්‍රදර්ශනයට සහ ස්වයං රැකියාවල යෙදෙන අයගේ කටයුතු සාර්ථක වෙයි. වාහන ලාබයක් ඇත. රාජකාරි කටයුතුවල යෙදීමෙන් උපරිම තෘප්තියක් ලබයි.
ජය අංකය - 04 සුබ දවස - බ්‍රහස්පතින්දා
වෘශ්චික
මේ සතියේ ග්‍රහ යෙදුම් අනුව දුර ප්‍රදේශයක සංචාරය කිරීමට හැකි වෙයි. සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් වැළකිය යුතුය. ස්නායු ආබාධ වැඩි වෙයි. පූජනීය ස්ථාන භාරකාරත්වයේ සිටින අයට විශේෂ සැලකිලි හා වරප්‍රසාද හිමි වෙයි. සති අන්තයේදී හිතවතුන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට ඉඩ සැලසෙයි.
ජය අංකය - 09 සුබ දවස - සිකුරාදා
ධනු
රැකියා කටයුතුවල තරමක අවුල් සහගත තත්ත්වයක් ඇති වුවද එම තත්ත්වය සාර්ථකව මැඬ පවත්වා ගැනීමට හැකි වෙයි. නව ඥාති සබඳතා ගොඩනැඟේ. සහකරු හෝ සහකාරියට රෝගාබාධ වැලඳීමට ඉඩ ඇත. මිලට ගැනීම් හා අලෙවි කිරීම් ආදි කටයුතුවල යෙදෙන අයට යහපත්ය. තරග විභාගවලින් විශිෂ්ට ජයග්‍රහණ හිමි වෙයි. පෙම් සබඳතා වර්ධනය වෙයි.
ජය අංකය - 09 සුබ දවස - ඉරිදා
මකර
මිශ්‍රඵල ගෙන දෙන සතියකි. විදේශ ගතව අධ්‍යාපන කටයුතුවල නිරත දරුවකුගේ වියදම් සඳහා තම සහකරු හෝ සහකාරියගේ පාර්ශ්වයේ ඥාතියකු ඉදිරිපත් වීමෙන් සිතේ සහනදායක තත්ත්වයක් ඇති වෙයි. දුෂ්කර ප්‍රදේශවල රාජකාරියේ නිරත අයට තම ගම් ප්‍රදේශවලට මාරුවීම් ලබා ගැනීමට හැකි වෙයි. රිය පැදවීමේදී අවධානයෙන් හා ඉවසීමෙන් රිය පැදවිය යුතුය.
ජය අංකය - 04 සුබ දවස - ඉරිදා
කුම්භ
උසස් බලාපොරොත්තු ඇති කරන සතියකි. කාලයකට පෙර ගත් ණය මුදලක් ආපසු ගෙවා දැමීමට හැකි වීමෙන් සිතේ සතුට වර්ධනය වෙයි. රැකියා කටයුතු කෙරෙහි විශේෂයෙන් උනන්දුවන සතියකි. සති අන්තයේ හිතවතෙකුගේ ඇරැයුමක් පරිදි ප්‍රිය සාදයකට සහභාගී වීමට හැකි වෙයි. කෘෂිකර්මාන්ත කටයුතුවල නිරත අයට හා පතල් හා මැණික් ව්‍යාපාරිකයන්ට යහපත්ය. මංගල යෝජනා ඉදිරිපත් වෙයි.
ජය අංකය - 05 සුබ දවස - බදාදා
මීන
ප්‍රමාද වෙමින් පවතින වැඩ කටයුතු නිමා කර ගැනීමට අමතර වෙහෙසක් දැරීමට සිදුවෙයි. එක අරමුණක රැඳී සිටීමට අපහසු වෙ යි. කෙටි ගමන් බිමන් අධික වෙයි. වෙනදාට වඩා නිහතමානීව කටයුතු කිරීමෙන් අන්‍යයන්ගේ සිත් දිනා ගැනීමට හැකි වෙයි. රිය පැදවීමේදී අනතුරු ඇති වීමට හැකි බැවින් අවධානයෙන් හා ඉවසීමෙන් යුතුව රිය පැදවිය යුතුය.
ජය අංකය - 09 සුබ දවස - ඉරිදා