
පෙබරවාරි මාසය දෙස ඇතැමුන් බලන්නේ ම වපරැසිනි. මේ මාසයේ කිසිදු සුබ කටයුත්තකට අත නො ගසන ඔවුන් පෙබරවාරියේ උපන් කෙනෙකු දෙස බලන්නේ ද අවාසනාවන්තයකු දුටුවාක් බඳු හැඟීමකිනි. ඒ එසේ නමුත් මෙය අමු මිථ්‍යාවක් බව කෙටියෙන් ම කිව හැකිය. පෙබරවාරි මාසයට දින අඩු නිසා එය අඩු මාසයක් ලු. එසේ නම් ඒ ගැන විමසිය යුත්තේ පෙබරවාරියට අඩුවෙන් දින යොදා කැලැන්ඩරය හැදු පුද්ගලයා ගෙනි. අනෙක් අතට චන්ද්‍ර මාස ක්‍රමය අනුව ගත්විට මාස 12 ම අඩු මාස වන්නේ එකම මාසයකට වත් දින 30 ක් නැති හෙයිනි. සූර්ය මාස ක්‍රමය අනුව ගත්විට එකම මාසයකට වත් දින 31 ක් නැත. දැන් මෙහි සිදු වී තිබෙන්නේ මිනිසා විසින් විශ්වයේ කාල නියමයට පටහැණිව සාදා ගත් මෝඩ කැලැන්ඩරය අනුව පෙබරවාරිය පමණක් අඩු මාසයක් වී තිබීමයි. ඒ මෝඩකම මරි මෝඩකමක් බවට පත්වන්නේ පෙබරවාරි මාසය කිසිදු සුබ කටයුත්තකට නො ගෙන කොන් කැර දැමීම නිසාය. එහෙත් ඉතා ම වටිනා නැකත් පොකුරක් පෙබරවාරි මාසය තුළ හට ගනී. කිසිවකුත් ඒවායින් වැඩක් නො ගන්නේ කිසිදු සාධාරණ හේතුවක් නැතිව බවත් පෙනී යයි.
කෙසේ නමුත් 2017 පෙබරවාරි මාසය නම් වෙනදාට වඩා සුවිශේෂ වෙයි. මේ මාසයේ දින 15 ක් ඇතුළත චන්ද්‍ර ග්‍රහණයක් සහ සූර්ය ග්‍රහණයක් යෙදීම ඒ අතරින් කැපී පෙනෙයි. ඒ සමඟ ම තවත් වැදගත් සිදුවීම් දෙකක් පෙබරවාරි 20-21 සහ 26 යන දින තුනේදී සිදුවෙයි. ඒ අනුව පිළිවෙළින් ශනි සඳු සංයෝගයක් ද කුජ යුරේනස් සංයෝගයක් ද හට ගනී. මේ සිදුවීම් ටොලමියානු සූත්‍රයට නැගු විට ඒ මෙසේ වෙයි.
- පෙබරවාරි 20 සහ 21 F-F- A + F-F - W
- පෙබරවාරි 26 W-A-E + W- F-E
- පෙබරවාරි 26 සූර්ය ග්‍රහණය A-F- A-A + A-W-A-A
මේ සිදුවීම් ත්‍රිත්වයේ එන පොදු සාධකය නම් ගිනි/ වායු රාශී සහ ග්‍රහයන් පෙබරවාරි 26 දා අවදානම් සහගත ලෙස පීඩනයට ලක්වීමයි. ඉදිරි කාලයේ ලෝකයේ බොහෝ ප්‍රදේශ පුරා ලැව් ගිනි - චණ්ඩ මාරුත - යමහල් විදාරණය - වායුගෝලයේ අධික උණුසුම - පිපිරීම් - ඇතුළුව ගින්නෙන් සහ වායුවෙන් මහ පරිමාණ විපත් පැන නැඟ ඒමට හොඳ අවකාශයක් නිර්මාණය වෙයි. පෙබරවාරි 26 සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට දර්ශනය නොවන මුත් එහි රාශී බලපෑම නම් තදින් දැනෙනු ඇත. අඩු මාසය යැයි කියමින් මිනිසා විසින් නොතකා හරිනු ලැබූ පෙබරවාරිය මෙවර අවසන් වන්නට නියමිතව සිටින්නේ කාටත් අමතක නොවන සිද්ධියකට මුල පුරමින් බැව් පෙනේ.