
පසුගිය ලිපිවල 01, 02, 03 අංක පිළිබඳව සාකච්ඡා කළ අතර අද අංක 04 පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
04, 13 ,22, 31 දිනවල උපන් ඔබට මෙම අංක 04 හි ප්‍රබල බලපෑමක් ඇත. අංක 04 හරහා ඔබට ප්‍රබල ලෙස බලපෑම් කරන ග්‍රහයා යුරේනස් ය. සාමාන්‍ය අයට වඩා මදක් වෙනස් අය මේ අංකයෙන් උපදී. ප්‍රබල සත්‍යවාදී ගුණයක් ඇත. මෙම සත්‍යවාදී ගුණය නිසාම මිතුරන් සහ ඥාතීන් සමග ගැටළු ඇතිකර ගැනීමේ ස්වභාවයක් ද ඇත. ඔවුනට තමාව වෙනස් කෙනෙකු සේ පෙනේ. “උඹට බාගෙට පිස්සු” වැනි වචන ඔබ වෙනුවෙන් සමහර අය භාවිත කරනු ඇත. ධනය පසුපස හඹායාම අඩුය. මිනිසුන් පිළිබඳ යම් ඉවක් ඔබ සතුව පවතින අතර අනෙක් අයගේ දුක ඔබට ඉතා හොඳින් දැනෙනු ඇත. ඔබ එවන් අසරණ පුද්ගලයන්ට උපකාර කරන අවස්ථාද ඇත. ඔවුන් වෙනුවෙන් කැපවන ස්වභාවද ඇත. නමුත් ගැටලුව වන්නේ ඔබ කෙතරම් එසේ උපකාර කළද හොඳක් අසන්නට නොලැබීමයි. ඔබ අතිශයින් ස්වාධීන වන අතර තම මතයටම වැඩ කටයුතු සිදු කරනු ඇත. එම නිසා හවුල් කටයුතු ආදියට සුදුසු නැත. ව්‍යාපාර කරන්නේ නම් පමණ ඉක්මවා සාධරණ වීමට ගොස් අලාභ පාඩු සිදුකර ගනී. ලෞකික දියුණුවට වඩා ආධ්‍යාත්මික දියුණුව ගැන සිතයි. ආධ්‍යාත්මික පැති පිළිබඳ ගුප්තමය පැතිකඩයන් පිළිබඳ ඉගෙනීමේ අපූරු හැකියාවක් ඔබ සතුව ඇත. ගුප්තමය ශක්තීන් ඔබ කෙරෙහි ආකර්ෂණය වන බවක්ද තිබේ. අන් අයට නොපෙනෙන දේ දැකීම අන් අයට නොඇසෙන දේ ඇසීම ආදී පැතිකඩයන් ද ඔබට ප්‍රගුණ කිරීමට හැක. වරම් ශක්තීන් ආදිය ලබා ගැනීමටද ඔබට හැකියාව ඇත. පෞද්ගලික අංක 4 න් උපත ලබා ඇති සියල්ලන් (04, 13, 22, 31) සමස්තයක් ලෙස අවදි වූ සහ අවදි නොවූ කණ්ඩායම් ලෙස කණ්ඩායම් දෙකකට බෙදා දැක්විය හැකිය. අවදි වූ කණ්ඩායම නොයෙක් ශක්තීන්ගෙන් සමාජයට යහපත සිදු කරනු ඇත. අවදි නොවූ කණ්ඩායම මෙම ශක්තීන්වල ග්‍රහණයට ලක්වනු ඇත. කෙසේ වෙතත් ඔබ අමනුශ්‍යයන් සම්බන්ධ කටයුතු කරන්නේනම් ඉතා ප්‍රවේශම් විය යුතුය. වයස අවුරුදු 01, 04, 08, 13, 17, 22, 26, 31, 35 වයස්වල විශේෂ සිදුවීම් සිදුවනු ඇත. ඒවා බොහොමයක් අමිහිරි කටුක ඒවා වෙයි. ඉපදී වසරක් ඇතුළත අසනීප වීමේ අවධානමක් ඇත. වයස 13 දී මව හෝ පියාගේ ආදරය, රැකවරණය අහිමි වීමේ අවදානමක් පවතී. 22, 26 යන වයස්වල විවාහය සිදු වන්නේ නම් අසාර්ථක වේ. විවාහය සඳහා වයස අවුරුදු 30 පසුවීම සුබයි. එසේ වුවද 31, 35 වයස් වලදී ප්‍රවේශම් විය යුතුය. විවාහය ගැන සලකා බලන කල ඔබට 04, 13, 22, 31 දිනවල උපන් ඔබේම කණ්ඩායමේ අය සුදුසු නැත. එසේ සිදුවීමෙන් විවාහයෙන් වසර 04 කට පසු බාධා ඇතිවන බවක් තිබේ. නමුත් යම් ආදරණීය මානසික හැඟීමක් සිත තුළ පවතිනු ඇත. 08, 17, 26 දිනවල උපන් අය ඔබ සමග සබඳතා ඇතිකර ගැනීමට යොමුවේ. නමුත් එවන් දිනවල උපන් අය සමග විවාහයට යාම එතරම් සුදුසු නැත. එසේ වීමෙන් ජීවිතය කරදර සහිත වනු ඇත. 07, 16, 25 උපන් අය සමග විවාහ වීමෙන් ලෝකෝත්තර ගුණය වර්ධනය වීමට පරිසරය සකස්වෙයි. 01, 10, 19, 28 දිනවල උපන් අය සමග සිදුවන විවාහය අසුබදායක නොවේ. ඔවුන් ඔබ ගැන කියනුයේ “ටිකක් පිස්සු වුණාට ගොඩක් හොඳ කෙනෙක්….” යනුවෙනි. 02, 11, 20, 29 උපන් අයට ඕනෑම කෙනෙකු සමග සිටිය හැකි ගුණය 04, 13, 22, 31 උපන් අයටද අදාළ නිසා විවාහය අසුබ නැත. මෙහි සුබ යැයි කියන දිනවල හැර වෙනත් දිනවල උපන් අය ඔබට විවාහවීමට යෝග්‍යයැයි දැක්විය නොහැක. කෙසේ වෙතත් විවාහය සඳහා සුදුසු පරීක්ෂාවක් සිදුකළයුතු වන්නේ විවාහ වීමේදී මෙහි සඳහන් තත්වවලට වඩා සියුම්ව ගැලපීම පරීක්ෂා කළයුතු නිසාවෙනි. ඔබට හොඳ ඉව ශක්තියක් පවතී එය ප්‍රගුණ කර භාවිත කරන්න. ජ්‍යොතිෂය, ගුප්ත විද්‍යාව, ශක්ති විද්‍යාව, ඉලෙක්ට්‍රොනික කටයුතු, පර්‍යේෂණ ගවේෂණ කටයුතුවලට සුබදායකය. ඔබට වැලඳියහැකි රෝග තත්වයන් පිළිබඳ සලකාබලන කල කොන්දේ පහල ප්‍රදේශයේ රිදීම්, පාදවල, වළලුකර, දණහිස්, බෙල්ල (බෙල්ල පසුපස දෙපසින් පහළට) ආශ්‍රිතව, රිදුම් තත්ව ඇතිවේ. මෙම දිනවල උපන් සමහර අයට වෛද්‍යවරුන්ට සොයාගැනීමට අපහසු අසනීප තත්ව ඇතිවන අතර අමනුෂ්‍ය සහ ගුප්තමය බලපෑම් නිසා ඇතිවන රෝගී තත්ව වලද අවධානමක් ඇත. ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් නම් වඩාත් ප්‍රිය කරන වර්ණය කළු හෝ ඉතා තද නිල් වර්ණය වන අතර ආධ්‍යාත්මික ශක්තිය ඉතා ප්‍රබලවන විට මෙය ලා නිල් වර්ණය දක්වා වෙනස්වන බවක් දක්නට ඇත. කෙසේ වෙතත් කළු වර්ණය ඔබට හිමි යුරේනස්ගේ වර්ණය උවද එම වර්ණය සුබදායක බවක් දැක්විය නොහැක. තද රතු වර්ණය ඉතා අසුබය. ඉතාම සුදුසු වර්ණ වනුයේ කහ සහ ස්වර්ණ වර්ණය. ස්වර්ණ වලින් සරසනලද සිට්‍රීන් පාශාණය පැළඳීම ඔබට සුබදායක ය. නිතර “ඕම්” කාර්යය සිදුකිරීම ඉතා සුබයි.