
බාලි දිවයින, ඉන්දුනීසියානු දූපත් සමූහයේ මැණික වන්නේය. මනස්කාන්ත මුහුදු වෙරළීන් හා පොහොසත් වන ගහනයෙන් ශෝභමාන සංචාරයකයන් චිත්තාකර්ෂණය කරන පුරවරයක් වන්නේය.
එහෙත් ප්ලාස්ටික් කුණුකන්දල් මගින් කෙරන පරිසර දූෂණයෙන් මුහුදු වෙරළ මුළුමනින්ම පාහේ කුණුගොඩක් වී ඇත. ඉන්දුනීසියාවට වඩා බලගතු චීනයෙන් මහා සාගරයට වැටෙන මේ ප්ලාස්ටික් කුණු කඳු අවසානයේ බාලි වෙරළට ගොඩගැසෙන්නේය.
බාලිවාසී මුහුදු රැළි මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ සංවිධායකයකු හා සංචාරක කර්මාන්ත ව්‍යාපාරිකයකු වන කෙවින් කුචාලාට මේ පරිසර විනාශය අවසන් කිරීම සඳහා පියවර ගැනීමට අවශ්‍ය වූ විට ප්රශ්නය පැන නැංගේය.
"මිතුරකු සමග මා දිනක් සවස සමාජ ශාලාවේ සිටියදී මා දුටුවා මෝටර් බයිසිකල් පදින තරුණයන් සිය ගණනක් වයිනොල් ප්ලාස්ටික්වලින් සැකසුණ කබා හැඳගෙන සිටින බව. දිගු කාලයක් ඇඳිය නොහැකි මේ කබා වරක් දෙවරක් හැඳ අබලන් වූ විට ඔවුන් ඒවා ඉවතට විසි කරනවා. කිසිදා නොදිරන මේ ප්ලාස්ටික් කැබලි මුහුදට ගලා විත් මුළු වෙරළම කිසිදා නොදිරන කුණු ගොඩක් බවට පත් කරනවා" කෙවින් පවසයි.
මෙලෙස මහත් ව්‍යසනයක්ව පවතින මේ උවදුරින් ගැලවීමට හැකි වන්නේ එම දුව්‍ය මෙලොවින් තුරන් කිරීමෙන් පමණක් බව තේරුම් ගත් මේ ජීව විද්‍යා උපාධිධරයා මිනිසුන්ට හිතකර ප්ලාස්ටික් වර්ගයක් නිපදවීමට ප්රයත්න දැරීමට පටන් ගත්තේය.
වසංගතයක් බවට පත්ව ඇති මේ ප්ලාස්ටික් වෙනුවට ස්වාභාවික ද්‍රව්‍යයක් සොයා ගැනීම සඳහා පර්යේෂණ පැවැත්වීමට ඔහු කටයුතු ආරම්භ කළේය. මේ කටයුතු සඳහා තමාගේ හිතවත් මිතුරකු කොටස්කරුවකු බවට පත් කර ගත්තේය. පර්යේෂණ කටයුතු සඳහා මාධ්‍යයක් බවට පත්කරගත යුතු ද්‍රව්‍යයන් පිළිබඳව රටපුරා විමර්ශනයක් කළ ඔවුන්ට පුදුම සහගත විසඳුමක් හමුවිය. එ් ජනයා අතර ඉතා ජනප්‍රිය හා ප්‍රචලිත අලවර්ගයක් වන මයියොක්කාය. ඉන්දුනීසියාවේ සෑම කෘෂිකාර්මික කලාපයකම ඉතා සාර්ථකව සරුසාර අන්දමින් වැවෙන මේ භෝගවර්ගය ඉතා අඩුමිලැතිය. බහුලව පැතිරී ඇති භෝගයක්ද වේ.
මේ අනුව මයියොක්කාවලින් ප්ලාස්ටික් වර්ගයක් නිපදවීම සඳහා විවිධ උත්සාහයන්හි යෙදුන කෙවින් කුචලා හා මිතුරා තිරිඟු හො සෝයා කැඳවලින් නිපදවන ලද නව භාණ්ඩවර්ග දැකීමෙන් මහත් උද්දාමයට පත්වූහ. මයියොක්කා පිටිවලින් තම නිර්මාණයන් සිදු කිරීමට අදිටන් කරගෙන මේ දෙදෙනා තමන්ටම අවේණික වූ මූලද්‍රව්‍යයක් යොදාගෙන තම පර්යේෂණයෙහි නිරත වූහ.
ඒ සඳහා තමන් විසින්ම සොයාගන්නා ලද නිෂ්පාදනය ක්‍රමවේදයන් උපයෝගී කරගත් ඔවුහු මයියොක්කා පිටිවලට එළවළු තෙල් හා ස්වාභාවික දුම්මල ලාටුවර්ග යොදාගත්හ.
සියයට සියයක් ස්වාභාවික ද්‍රව්‍යවලින් නිපදවා ඇති පහසුවෙන් වියෝජනය වන දිරා යන මේ නව ස්වාභාවික ප්ලාස්ටික් වර්ගය සුළු කාල පරිච්ඡේදයක් තුළ ගොඩබිම් හෝ මුහුද මත දැමීමෙන් කැඩි බිඳී යයි. එහෙත් එයට උණුසුම් ජලය දැමුවහොත් ක්ෂණයකින් දියවී නැතිව යයි.
මේ ද්‍රව්‍යයෙහි කිසිදු විෂ සහිත බවක් නැති බව පෙන්වා දෙන කෙවින් කුචාලා ඒවා දිය කර පානය කළ හැකි බවද පෙන්වා දෙයි.
"මිනිස්සුන්ට බීමට පවා හැකියාව ඇති මේ ද්‍රව්‍යවලින් මසුන්ට හානියක් නොවන බව පෙන්වාදීමට මට හැකියාව ලැබුණා" ඔහු පවසයි. එපමණක්ද නොව මේ නව නිෂ්පාදනය විෂ රහිත බව සනාථ කිරීමට රසායනාගාර පර්යේෂණ පවත්වා තහවුරු කිරීමටද කෙවින් කුචාලා සමත් වී තිබේ. අත්හදාබැලීම් සාර්ථක වීමත් සමගම මයියොක්කා ප්ල්ස්ටික් මගින් නිපදවූ මෝටර් බයිසිකල් ධාවක කබා නිපදවීමේ ව්‍යාපාරය 2014දී ආරම්භ කරනු ලැබීය.
මේ ව්‍යාපාරය කොතරම් සාර්ථක වී දැයි කිවහොත් 'අවානි එකෝ' නම් එම සමාගම දිගටම මයියොක්කා ප්ලාස්ටික් ටොන් ගණනින් නිපදවීමේ යෙදී සිටී. එම ද්‍රව්‍ය උපයෝගී කරගෙන ප්ලාස්ටික් බෑග, ආහාර ඇසුරුම් ද්‍රව්‍ය හා රෝහල් ඇඳ ආවාරණ වැනි නවතම උපකරණ නිපදවීමේද නිරතවේ. දැනට නිපදවනු ලබන ප්‍රමාණය මෙන් පස් ගුණයක ප්ලාස්ටික් ප්‍රමාණයක් නිපදවීමට 'අවන් එකෝ' සමාගමට හැකියාව තිබුණද එම නිෂ්පාදන ප්‍රමාණය එක්තරා මට්ටමක පවත්වාගෙන යෑමට එම සමාගම කටයුතු කරමින් සිටී. එහෙත් සාම්ප්‍රදායික කෘත්‍රීම ප්ලාස්ටික් වෙනුවට මයියොක්කා ප්ලාස්ටික් නිපදවීම උඩුගං බලා පිහිනීම වැනි අසීරු අරගලයක් බව ප්‍රකාශ වී තිබේ.
විශ්වාසවන්ත ආයෝජකයන් රාශියක් මේ ව්‍යවසායට ආයෝජනය කිරීමට කැමැත්ත පළකර තිබුණද පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත සමාගමකින් එයට ආයෝජනයක් ලැබී ඇත්තේ ඉතා මෑතකදීය.
මේ ව්‍යාපාරය විශාල වශයෙන් පවත්වාගෙන යෑමට අවශ්‍ය වුවද එයට එක් වන්නේ කුමන අන්දමේ පුද්ගලයන්ද යන්න ගැටලුවක් බවට පත් වී තිබේ.
අරමුදල් සපයා ගැනීමට අමතරව මේ සමාගමට මුහුණ දීමට සිදුව ඇති අනෙක් අභියෝගය වන්නේ ‘හරිත නිෂ්පාදන‘ ලේබලය තිබුණද මේ නිෂ්පාදනයේ පිරිවැය සාම්ප්‍රදායික ප්ලාස්ටික් නිෂ්පාදනයට යන වියදමට වඩා වැඩිවීමය. කෘත්‍රිම ප්ලාස්ටික් නිෂ්පාදනයට වඩා මෙහි මිල දෙගුණයක් වන බවද සොයාගෙන තිබේ. එහෙත් ඇතැම් කෘත්‍රිම නිෂ්පාදනයන්ට වඩා මේ පරිසර හිතකාමී ප්ලාස්ටික් ලාභදායී වන අවස්ථාද තිබෙන බවද සඳහන්ය.
වෙළෙඳපොළේ අලෙවිය පිළිබඳ මෙබඳු සැකසංකා පැවතියද බාලි දූපතේ තිබෙන පරිසර හිතකාමී සංවිධානයන්හි ක්‍රියාකාරීත්වය නිසා මේ සමාගමට වාසි ද ඇති වී තිබෙන්නේය. මේ වසරේ සිට ප්ලාස්ටික් බෑග් භාවිතයද රජය මගින් තහනම් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් කෙවින් කුචිලා පවසන්නේ රජයද තමන්ට ආධාර කරන බැවින් 2018 සිට ප්ලාස්ටික්වලින් තොර බාලි දූපතක් බිහි කිරීමට තමන්ට හැකි වනු ඇති බවයි.
එමෙන්ම ඇල්ගී සහ ඉස්සන් පොතු යොදා ගනිමින් ආහාරයට ගත හැකි ප්ලාස්ටික් නිපදවීම කෙරෙහිද ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ. මෙලෙස පරිසර හිතකාමී ප්ලාස්ටික් ජනතාව අතර ප්‍රචලිත කිරීමෙන් තම ව්‍යාපාරය වඩාත් වැඩි ලාභයක් කරා යොමු කරවීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු විශ්වාස කරයි.
බාලි දූපතේ වැසියන්ගෙන් මයියොක්කාවලින් ප්ලාස්ටික්