සහල් මෙ.ටො. 3000ක් පිටරටින් ගෙන්වයි | සිළුමිණ

සහල් මෙ.ටො. 3000ක් පිටරටින් ගෙන්වයි

සහල් මොට්‍රික් ටොන් 3000ක් ඉදිරි සතියේ ආනයනය කිරිමට කටයුතු සූදානම් කර ඇතැයි සතොස සභාපති රොහාන්ත අතුකෝරල මහතා පවසයි.

ඉකුත් සතියේ ද ආනයනික සහල් මෙට්‍රික් ටොන් 3000ක් සතොස ශාඛා ජාල වෙත බෙදා හැර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. පාලන මිලක් නියම කිරිමත් සමඟ සතොස සහල් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් ප්‍රමාණය විශාල වැඩිවීමක් ඇති බව සඳහන් කළ සභාපතිවරයා ඒ සඳහා අවශ්‍ය සහල් සතොස ශාඛා ජාල වෙත් බෙදා හැරිමට කඩිනමින් කටයුතු කරන බව ද පැවැසීය.

මෙතෙක් රටේ සමස්ත සහල් අවශ්‍යතාවෙන් සියයට 20ක් 25ත් අතර ප්‍රමාණයක් සතොස ශාඛා ජාල වෙත බෙදා හැරිය බව ද සඳහන් කළ ඒ මහතා වැඩිවන පාරිභෝගික ඉල්ලුමට අවශ්‍ය සහල් ආනයනය කර බෙදා හැරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද කීවේය. 

Comments