
වකුගඩු රෝග නිවාරණය හා රෝගීන් ගේ සුබසාධනය උදෙසා ජනාධිපති කාර්ය සාධන බළකායේ සංවිධානයෙන් පවත්වනු ලබන වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීමේ වෛද්‍ය සායනයක් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී අද සිට 22දා දක්වා පවත්වනු ලැබේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මධ්‍යම පළාත් සභාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මහනුවර මහ රෝහලේ සහයෝගය ඇතිව මේ සායනය පවත්වනු ලැබේ.
මේ සායනයන් විල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් සායන මධ්‍යස්ථානවලදී පැවැත්වේ. අද (19) නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේදී හෙට (20) හදුන්ගමුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, 21 දින මාරක ප්‍රාදේශීය රෝහල හා 22 දින විල්ගමුව ශෛලබිම්බාරාම විහාරස්ථානයේදී පෙ.ව. 8.00 සිට සවස 2.00 දක්වා මේ සායන පැවැත්වේ.