
මධ්‍යම පළාතේ පල්ලේගම හා ලග්ගල නගර වෙනුවට නව ලග්ගල නෝරපිටිය, ගුරුවෙල හිරපිටිය මාධ්‍ය, වැල්ලේබල නමින් නව නගර 6ක් ඉදිකිරීමේ කටයුතු දැන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් සිදු කරයි.
ඒ අනුව ඉදි වෙන ප්‍රධාන නගරය වූ නව ලග්ගල නගරයට දැනටමත් සියලු යටිතල පහසුකම් සලසා ඇත. නව පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නව රෝහල් සංකීර්ණය, මහා විද්‍යාලය, අධිකරණය, තැපැල් කාර්යාල සංකීර්ණය, ආයුර්වේද රෝහල, සමූපකාරය, බස් නැවතුම්පොළ, පොදු ක්‍රීඩාංගණය ආදි ජනතාවට අත්‍යවශ්‍ය සියලු ආයතන දැන් නව ලග්ගල නගරයේ ස්ථාපිත වී ඇත.
පැරැණි ලග්ගල හා පල්ලේගම නගරය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ කළුගඟ ජලාශය සඳහා යට වන අතර ඒ වෙනුවට මේ සියලු යටිතල පහසුකම් සහිත නගර ඉදිවන බව මහවැලි අධිකාරිය පවසයි.
අනෙක් සෑම නගරයකම තැපැල් කාර්යාල, සමූපකාර සමිති, ග්‍රාමීය බෞද්ධ මධ්‍යස්ථාන සමඟ සියලු බැංකු හා වෙළෙඳ ආයතන ඉදිවන අතර සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක වනු ඇත.
සංචාරක ප්‍රවර්ධනය සඳහා නව ලග්ගල ප්‍රදේශයේ අක්කර 100ක ප්‍රදේශයක් පරිසර හිතකාමි හෝටල් ව්‍යාපෘති සඳහා කර්මාන්ත පුරයක් සඳහා වෙන් කරනු ලැබෙන බව මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා පවසයි.