![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/17/17col----13bandara103447764_5360913_17022017_ENP_CMY.jpg?itok=feVnrqTr)
“අද පවතින සහල් අර්බුදයට ප්‍රධාන හේතුව 2016 යල කන්නයේ සිට මහවැලියේ හා රජයේ කෘෂිකර්ම නිලධාරීන් වී ගොවිතැන අක්‍රිය කරවීමයි. ඒ සමඟම වී අතිරේක බෝග වගාව ජනප්‍රිය කරන බව කිව්වා. එහෙම වැව්ව අතිරේක බෝග අස්වැන්න කෝ?
වී අලෙවි මණ්ඩලය අපට වී දුන්නේ නැහැ. පසුගිය මහ කන්නයේ නියඟය ආපු නිසා තවත් වී අඩුවුණා. රජය රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව කිසිම අවධානයක් යොමු කරලා නැහැ. ආරක්ෂක වී තොග නැහැ. වී අලෙවිය වී ටික දෙන්නේ වැඩි මිලට ඉල්ලන මහා පරිමාණ වී මෝල්වලට පමණයි. පුංචි මෝල් හිමියන්ටත් යම් ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම දීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. මේ ගැටලුව නිසා කුඩා හාල් මෝල් 4000 ක් දැන් වැහිලා ගිහින්.
අද හාල් මිල 100 ට වැඩියි. 125ට ගන්නවත් සමහර තැන්වල හාල් නැහැ. රජය ගෙනාපු හාල් කන්නත් බැහැලු. මේ නිසා අද අපේ රටේ ජනතාව වැඩිපුර පාන් පිටි කෑමවලට යොමුවෙලා. මේ වසරේ මුල් මාසයේ හාල් පිටි කෑම ඉල්ලුම් 75%ක් අඩුවෙලා පාන් පිටි ඉල්ලුම තෙගුණයකින් විතර වැඩිවෙලා. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ අද ඉඳිආප්ප හදන්නේ පාන් පිටිවලින්. අද පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මෙන් යන්නේ පාන්පිටි කෑම පුරවගත්ත ‘චූන් පාන්’ කාරයෝ.
2016 වසරේ පමණක් පාන් පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 17ක් අපේ රටට ගෙනවිත් තිබෙනවා. 2013 දි අපේ රටට ගෙනාවේ පාන් පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 8 යි. මේ අපේ රටට වෙන්නේ මොකක්ද?
පසුගිය කාලේ වී අලෙවි මණ්ඩලය සත්ව ආහාරවලට පවා තම වී විකුණුවා. පස්සේ ඒ වී ගත්ත අය රුපියල් 5 - 6 ලාභයක් තියාගෙන අපේ අයට ඒවා විකිණුවා. අපි වගේ පුංචි හාල් නිෂ්පාදකයන්ට වී දුන්නේ නැහැ. හාල් අර්බුදය විසඳීමට දැන් කළ යුතු දෙයක් පිළිබඳව සිතා ගන්නවත් බැහැ. මුළු රටම දැන් පාන්පිටිකරණය වෙලා. අනාගතයේ ලෙඩ්ඩු ගොඩක් ඇතිවේවි. ඒ යන වියදම පිළිබඳව වගකියන්නේ කවුද? වී ගොවිතැන ක්‍රමවත් කිරීම කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි.
ගොවීන් උනන්දු කිරීම අවශ්‍යයි. පාන් පිටි කෑම අතහැර හාල් පිටි කෑමට උනන්දු විය යුතුයි.”