
ශ.ව. 1938 ක් වූ මකර රවි 30 භාග නවම් මස අව දියවක තිථිය ලත් පෙබරවාරි මස 12 වැනි ඉරිදා සිට 18 වැනි ශනිදා තෙක්.
මේෂ
මේ සතියේ බලාපොරොත්තුව සිටි ධන ලාබයක් හිමිවෙයි. ඒ මුදල ලැබීම මඟින් නිවෙසේ අඩුපාඩු රැසක් සම්පූර්ණ කර ගැනීමට හැකි වෙයි. අන්‍යයන් හා හොඳ හිත පතුරුවා ගැනීමට ගන්නා උත්සාහය සාර්ථක වෙයි. නිවාස ලාබ හා ඉඩම් ලාබ හිමිවෙයි. දරුවකුගේ මංගල කටයුතු පිළිබඳ තිබූ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට අවස්ථාව සැලැසේ. තරග විභාගවලින් ජයග්‍රහණ ලැබෙයි.
ජය අංකය - 01 සුබ දවස - ඉරිදා
වෘෂභ
රැකියා ස්ථානය සතුටුදායක වෙයි. වැටුප් වර්ධකයක් හෝ උසස් වීමක් ලැබීමට ඉඩ ඇත. මිල මුදල් ලැබීමේ මාර්ගය මේ සතියේ යහපත් අතට හැරෙන බව පෙනෙයි. ගෙදර දොර වාතාවරණය යහපත් වන කරුණු යෙදෙයි. පවුලේ අය අතර හොඳ හිත වර්ධනය වීමට ඉඩ ඇත. සමාජ සේවා කටයුතුවල දී නිරත අයට බාධක ඇතිවීමට ඉඩ ඇති බව සිහියේ තබා ගත යුතු ය.
ජය අංකය - 02 සුබ දවස - ඉරිදා
මිථුන
රාජකාරී කටයුතුවල නිරතව සිටින අයට සිත් කලකිරීම් ඇති වේ. අන්‍යයන් සමඟ හොඳ හිත ඇති කර ගනී. අතිරේක ලාබ ලැබීම පිළිබඳ සැලසුම් සැකැසෙයි. උසස් තනතුරු හොබවන අයගේ සහාය ලැබීමෙන් අදහස් ඉටු කරගත හැකි ය. හිතවතුන්ගෙන් ආදර සැලකිලි ලැබෙයි. ව්‍යාපාරික කටයුතු වර්ධනය කර ගැනීමේ අරමුණින් යෙදෙන ගමන් බිමන්වලින් ප්‍රයෝජන අත් වෙයි.
ජය අංකය - 08 සුබ දවස - සෙනසුරාදා
කටක
එතෙර රැකියාවක් පිළිබඳ තිබූ බලාපොරොත්තු ඉටු වෙයි. හිතට සතුට දනවන වාතාවරණයක් උදාවෙයි. ඉඩමක් අලෙවි කොට මුදලක් ලබා ගැනීමට අවස්ථාව උදාවෙයි. නිවාස අලුත්වැඩියාවක් සඳහා මුදල් වැය කරන්නට සිදු වෙයි. පෙම් සබඳතා වැඩි දියුණු වෙයි. එහෙත් මංගල කටයුතුවල ස්ථිරත්වයක් ඇති නොවේ. පවුලේ අයකුගේ රෝගාබාධයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. ගමන් බිමන්වලින් ආර්ථික ලාබ හිමි වෙයි.
ජය අංකය - 06 සුබ දවස - බදාදා
සිංහ
මේ සතිය උදාවත් ම ග්‍රහ යෙදුම් හේතුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට හැකිවේ. කලක සිට යටපත්ව තිබූ තනතුරු ලාබයක් අනපේක්ෂිත අවස්ථාවක ලබාගත හැකි වෙයි. ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් ලේඛන කටයුතුවල යෙදෙන අයට ලාබ ලැබීමට හේතු වෙයි. පවුලේ වැඩිහිටියන්ට කරදර බාධක ආදියට මුහුණ පෑමට සිදුවෙයි. බාධක මඟහරවා ගෙන තම වෘත්තිමය කටයුතු දියුණුවට පත්කර ගැනීමට ඉඩ සැලැසෙයි.
ජය අංකය - 06 සුබ දවස - සිකුරාදා
කන්‍යා
වාහනයක් හෝ ඉඩමක් මිලදී ගැනීම පිළිබඳ තිබූ බලාපොරොත්තු ඉටුවන ලකුණු පහළ වෙයි. ඉදිරිපත් වූ සම්මුඛ පරීක්ෂණයකින් ජය ගැනීමට හැකිවෙයි. අතිරේක ආදායම් ලැබීම් ඉහළ යයි. පරිගණක අංශවලින් තම හැකියාවන් එළිදැක්වීමට හැකි වෙයි. ව්‍යාපාරවලට හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 03 සුබ දවස - ඉරිදා
තුලා
වාහනය හෝ ඉඩමක් මිලදී ගැනීම පිළිබඳ තිබූ බලාපොරොත්තු ඉටුවන ලකුණු පහළ වෙයි. තම මතය නිවැරදිය යන උපකල්පනය මත කටයුතු කිරීමට පෙලඹෙන අතර එම නිසා අන්‍යයන් සමඟ ප්‍රශ්න, මතභේද ඇති වීමට ඉඩ ඇත. එබැවින් මේ සතියේ උපේක්ෂාවෙන් කටයුතු කිරීමෙන් අන්‍යයන්ගේ හොඳ හිත දිනා ගැනීමට හැකි වෙයි. රැකී රක්ෂා කටයුතු සාර්ථකව කර ගත හැකි ය.
ජය අංකය - 04 සුබ දවස - බදාදා
වෘශ්චික
හිත මිතුරන් සමඟ වැඩි ඇසුරකට යොමුවන සතියකි. හිතවත්කම් හා පෙම් සබඳතා වර්ධනය වෙයි. කලක් තිස්සේ සිතට වද දුන් ණය මුදලක් ලබාගැනීමේ ප්‍රශ්නයක් නිරාකරණය කරගත හැකි ය. මංගල යෝජනා ඉදිරිපත් වෙයි. අන් අයගේ හොඳ හිත දිනා ගැනීමට හැකි වෙයි. ආර්ථිකයේ සුබදායක වාතාවරණයක් උදා විය හැකි ය. වකුගඩු, මුත්‍රා ආබාධ ඇති අයට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ය.
ජය අංකය - 07 සුබ දවස - අඟහරුවාදා
ධනු
මුදල් ඉතිරි කිරීමේ විශේෂ ළැදියාවක් ඇති වෙයි. විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබෙයි. මංගල යෝජනා ඉදිරිපත් වෙතත්, ස්ථිර නිගමනයකට බැසීම දුෂ්කර වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස වීමට සිදුවිය හැකි ය. සංචාරක සේවාවල නිරත අයට රාජකාරි අධික වෙයි. සෞඛ්‍යාරක්ෂාව ගැන කල්පනාකාරී විය යුතු ය.
ජය අංකය - 02 සුබ දවස - බ්‍රහස්පතින්දා
මකර
මේ සතිය මිශ්‍ර පල අත්කර දෙයි. නීති ප්‍රශ්න හා සේවාවේ අවුල් සහගත තත්ත්වයක් මතු වුව ද එම ප්‍රශ්නවලට සාර්ථකව විසඳුම් උදා වෙයි. දුර ගමන් බිමන්වලට යොමු වෙයි. අඩුපාඩු සපුරා ගැනීමට වෙහෙස වීමට සිදුවෙයි. තරග විභාග ආදියෙන් උසස් ප්‍රතිඵල අත්වේ.
ජය අංකය - 05 සුබ දවස - ඉරිදා
කුම්භ
මේ සතියේ සේවා ස්ථානයේ ප්‍රශ්න මතුවන අතර හිතුවක්කාර ගති වැඩි කරයි. පවුලේ සාමයට බාධක මතු කරන සතියකි. හිතවත් අයකුගේ ආධාරයෙන් ඈත පළාතකින් ඉඩමක් මිලදී ගෙන වගා කටයුතු ඇරැඹීමට අවස්ථාව උදා වෙයි. බලාපොරොත්තු විවාහ කල් දැමීමට සිදුවෙයි. හෘද පීඩා උදර රෝග ඇතිවිය හැකි ය.
ජය අංකය - 07 සුබ දවස - සිකුරාදා
මීන
අමතර වගකීම් දැරීමට සිදුවෙයි. තරග විභාගවලට ඉදිරිපත් වන අයට ජයග්‍රහණ අත්වෙයි. කාලයක් තිස්සේ එතෙර රැකියාවල නිරත වූ අයට ආපසු සිය රටට ඒමට අවකාශ සැලැසෙයි. රසවත් ආහාරපාන ආදිය ලැබේ. පෙම් සබඳතා වැඩි දියුණු වෙයි. කාන්තා පක්ෂයේ වැඩි අවධානයක් දිනා ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 09 සුබ දවස - සඳුදා