
ගාමිණී සුසන්ත
බළන්ගොඩ පින්නවල පදිංචි අවිශ්ක දිල්ශාන් තවමත් වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකි. ඔහු පාසල් ගියේ බලාපොරොත්තු රැසක් ම හිතේ දරාගෙනය. හොඳින් ඉගෙන ගෙන රැකියාවක් කර මවට සැලකීම අවිශ්කගේ ලොකු ම බලාපොරොත්තු විය. අවිශ්කගේ පියා සැවොම අමතක කර වෙන අතක් බලාගත්තේ අවිශ්කට යන්තම් අවුරුදු 3ක් වන විටදීය. එදා පටන් තම එකම දරුවා හදා වඩා ගැනීමට සමන්ති අපමණ දුක් වින්දාය. තේ වතුවල දළු කැඩුවේය, කුලී වැඩ පවා කළාය. අවසානයේදී පුංචි දරුවා තමනගේ දෙමවුපියන් ළඟ තබා සමන්ති මැදපෙරදිග රැකියාවකට ගියාය.
වසර කීපයක් මැදපෙරදිග රැකියාව කළ සමන්ති මුදල් ටිකක් සොයාගෙන හැකි විගස ලංකාවට පැමිණියේ තම දරුවා නොදැක සිටීමට නොහැකි නිසාය. මැදපෙරදිගදී උපයාගත් මුදලින් පුංචි නිවෙසක් තනාගෙන තම දරුවාත් සමඟ සමන්ති ජීවත් වූයේ කාටවත් කරදරයක් හිරිහැරයක් නොවනසේය.
අවිශ්ක පාසල් වැඩකටයුතුවලට ඉතා දක්ෂය. එසේම විෂය බාහිර වැඩවලට ද ඔහු පෙන්වූයේ අපූර්ව හැකියාවකි. හොඳින් තම වැඩකටයුතු කරමින් සිටි අවිශ්ක හදිසියේ ම අසනීප විය. කරන ලද මූලික ප්‍රතිකාරවලින් ඔහුට සුවයක් නොලැබුණු තැන විශේෂ වෛද්‍ය පරීක්ෂණ කීපයකට ම වෛද්‍යවරුන් විසින් අවිශ්ක යොමු කරන ලදී.
එහිදී හෙළි වූයේ දරුණු ලියුකේමියා රෝගී තත්ත්වයකට අවිශ්ක ගොදුරු වී ඇති බවය. මේ ගැන ඇසූ සමන්තිට දැනුණේ මුළු ලොවම තමන් ඉදිරියේ කඩා වැටෙන බවය. අවිශ්ක බේරා ගැනීම සඳහා ඇටමිදුළු බද්ධ කිරීමක් ඉතාම ඉක්මනින් සිදු කළ යුතුය. ඒ සඳහා ඇටමිදුළු ලබා දෙන්නේ සමන්තිය.
තම එකම දරුවා වෙනුවෙන් තම ශරීරයෙන් ඇටමිදුළු ලබා දුන්නද එම ශල්‍යකර්මය සඳහා යන රුපියල් ලක්ෂ 53කට අධික මුදල සොයා ගැනීම සමන්තිට සිහිනයකි. එහෙත් ඒ සිහිනය හඹා ගොස් තම එකම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට සමන්ති තීරණය කළාය.
මේ දිනවල ගෙයින් ගෙට යමින් බසයෙන් බසයට නගිමින් සමන්ති කරන්නේ ඒ සටනය. දරු සෙනෙහස කියන්නේ එයය.
අවිශ්කගේ ජීවිතය බේරා ගැනීමට උදව්වක් උපකාරයක් ඔබටත් කළ හැකි නම්, එය ඔබගේ ජීවිතයේ සොඳුරුම, පින්බරම කටයුත්තක් වනු නිසැකය.
ඩී.ජී. සමන්ති මාලිකා ගේ නමින් මහජන බැංකුවේ බළන්ගොඩ ශාඛාවේ අංක 017200150014272 ගිණුමට කිසියම් මුදලක් බැර කිරීමෙන් අවිශ්කගේ ජීවිතය බේරා ගැනීමට ඔබටත් දායක විය හැකිය.
එසේම 0728856068 දුරකථන අංකයට ඇමතිමෙන් අවිශ්කගේ තොරතුරු ඔබට සොයා බැලිය හැකිය.
ඔබගේ උණුවන සිත අවිශ්කට තවදුරටත් ජීවත්වීම සඳහා බලාපොරොත්තුවක් දල්වනු නොඅනුමානය.