
විද්‍යාව මිනිසා උදෙසාය. තාක්ෂණය එය වඩාත් පහසු කරවයි. මේ සියල්ල මිනිසා විසින් නිපදවනු ලබන්නේය. විනාශයක් ඇති වීම වැළැක්වීමට නම් එය කදිමය. එදා බොහෝ වටිනා දෑ පරිස්සම් කිරීමට ආරක්ෂා කිරීමට ඇතැමෙක් බහිරවයකුගේ පිහිට පැතීය. මුරකරුවෝ සහ ඇතැම් සත්ත්ව ප්‍රජාව තවමත් අප සමාජයේ ආරක්ෂකයන් ලෙස සේවා සපයති. යාන්ත්‍රිකව දැනුවත් කෙරෙන සංඥා පද්ධති නැතිවාම නොවේ. වත්මන් සමාජය සියල්ල අබිබවා විද්‍යාව සහ තාක්ෂණය හිස ඔසවා ඇත්තේ සරල උපකරණයක් මඟින් ආරක්ෂාව සපයාගැනීමටය. එය නම් CCTV කැමරා පද්ධතියයි.
සොර-සතුරු උවදුරු මෙන්ම එදිනෙදා අනපේක්ෂිකව මුහුණ දෙන ආපදා ක්ෂණිකව දැනගැනීමට CCTV කැමරා පද්ධති නිසා අපට හැකියාව ලැබේ. සන්නිවේදන තාක්ෂණයේ දියුණුව මත ක්ෂණිකව සත්‍ය තොරතුරු රූපීයව සහ ශබ්ද වශයෙන් ලබාගැනීමට ඇති දියුණුම මෙවලමක් ලෙස ආරක්ෂිත කැමරා ප්‍රචලිත වී ඇත. නිශ්චල කැමරාව, සේයාපට, විකාශ රසායන මෙන්ම කාලය ගත වන උපකරණ ජනතාව කෙරෙන් වෙන් කිරීමට ඩිජිටල් තාක්ෂණය හිස ඔසවා ඇත්තේ විද්‍යාවේ බලවත්කම නිසාය.
වසර කිහිපයකට පෙර නිට්ටඹුවේදී බස් රථ දෙකක් අතරින් රිංගා යෑමට ගොස් ආරක්ෂක අංශයක නිලධාරීන් පිරිසක් අනතුරකට ලක් වූ අන්දම අවට තබූ CCTV කැමරාවක සටහන්ව තිබිණි. පසුගිය කාලයේ සිදු වූ බොහෝ මංකොල්ලකෑම්වලදී සැකකරුවන් සොයාගැනීමට උපකාරි වූයේද CCTV කැමරා පද්ධති වීම විශේෂය. කොළඹ බොහෝ තැන්වල රථවාහන තදබදය නිරීක්ෂණයට සහ නීති විරෝධි ක්‍රියා හඳුනාගැනීම සඳහා CCTV කැමරා පද්ධති සවි කර ඇත. විදෙස් රටවල මාර්ග නීති කඩකරන්නන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටද ආරක්ෂිත කැමරාවල සහාය ලබා ගැනේ.
සොර-සතුරු උවදුරු සම්බන්ධයෙන් සාක්ෂි වශයෙන් හෝ හදිසි ආපදාවක් වෙනුවෙන් ආරක්ෂිත කැමරා සවි කරන බව අපි දනිමු. බැංකු, නිවාස, කාර්යාල හෝ වෙනත් ස්ථාන ආරක්ෂා කිරීම සදහා පමණක් නොව, මිනිසාගේ ජීවන රටාවේ බොහෝ අවස්ථාවන්ට ප්‍රයෝජනවත් වන ආකාරයට ආරක්ෂිත කැමරා යොදාගැනීම දැන් සිදු වේ. කෘෂිකර්ම, සංවර්ධන, ආපදා, මහමාර්ග, නීති සහ අධිකරණ සේවා, දූරස්ථ අධ්‍යාපනය සහ තවත් බොහෝ අවස්ථාවලදී CCTV කැමරා පද්ධති පෞද්ගලිකව මෙන්ම ජාතික ආරක්ෂාව සලසන රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍ර පවා පිළිගත් මෙවලමක් ලෙස ක්‍රියාවට යොදවා ඇත. සංවෘත පරිපථ රූපවාහිනී Closed-Circuit Television (CCTV) ආරක්ෂිත කැමරා පද්ධතියේ ආරම්භය දෙවන ලෝක යුද්ධය කාලයේ ජර්මානු ඉංජිනේරුවරයකු වන වෝල්ටර් බ්රුෂ්, සමග වේන්ග් කොග්ස්, තෂාරා අර්නෝල්ඩ් යන අයගේ තාක්ෂණික හැකියාවන් මත ව්‍යූහයක් ලෙස සකස් වූවකි. පැරණි වීඩියෝ ක්‍රමවේද සහිතව නිපදවූ මේ ක්‍රියාවලිය ඇමරිකාවේ වෙළෙඳ නගරවල පවා වැඩි දියුණු කරමින් සවි කරනු ලැබූවකි. පටිගත කෙරෙන සංවේදි සේයාපට ඒ සදහා යොදාගෙන තිබිණි. වරින් වර පටිගත කිරිමක් සිදු වුවද ආරක්ෂාකාරි ස්ථාන සඳහා ඉතා හොඳ මෙවලමක් ලෙස පැරණි කැමරා මහත් සේ ප්‍රයෝජනවත් විය. දිවා කාලයේ දී හිරු එළිය උපකාරි වුවත් රාත්‍රියේදී අධිආලෝක දහරාවල අවශ්‍යතාව සංවේදිතා සටහන් කරගැනීමට ඉවහල් විය. වර්තමානයේ නිපදෙන කැමරාවන්හි නාභි දුර වෙනස් කිරීමේ හැකියාව මත රූප විශාලනය කිරීම හෝ පුළුල් ප්‍රදේශයක් දක්වා දර්ශන පථයක් දක්වා විහිදීමේ හැකියාව පවතී. උපකරණයන්හි ප්‍රමාණය තවදුරටත් යාන්ත්‍රික කොටස් අවම කර විද්යුත් පරිපථ එක් කිරීමෙන් රහස්‍ය බව මෙන්ම ප්‍රමාණයෙන් කුඩා කර නිදවීමේ හැකියාවද ඇත. 1990 වසරෙන් පසු ඩිජිටල් තාක්ෂණය ලොව උඩු-යටිකුරු කිරීමෙන් සිදු වූ විපර්යාසය නිසා ජනතාවගේ ජීවිත තවතවත් පහසු කළේය. කුඩා මතකපතක එනම් පෙන් ඩ්‍රයිව්-එකක, හාර්ඩ් ඩිස්ක් මත හෝ නවීනතම එස්.එස්.ඩී. ගබඩාවක රැඳවුම් සහ පිට කිරීමේ වේගවත් බව නිසා පරිගණක මෙන්ම අන්තර්ජාල සදහා ලැබූ පහසුකම් ඔබට අත්විඳීමට දැන් අවස්ථාව ලැබී ඇත.
ආරක්ෂිත කැමරා පද්ධතියක (CCTV) අවශ්‍යාතාවක් ඔබටත් ඇත් නම් ඒ පිළිබඳව යම් හෝඩුවාවක් ලබාගත හැකි වන්නේ කෙසේදැයි සොයා බලමු.
නවීන තාක්ෂණය අප වෙත තිබෙන බැවින් මේ සඳහා ඉතා දුෂ්කර ලෙස ශ්‍රමය වැය කිරීමට හෝ විශාල මුදල් සම්භාරයක් වැය කිරීමට හෝ අවශ්‍ය නොවේ. ඒ සඳහා සරල ක්‍රියාවන් වෙළෙඳපොළේ ඇත. එය නිවෙසට ගුවන්විදුලි හෝ රූපවාහිනී යන්ත්‍රයක් හෝ වෙනත් විදුලි උපකරණයක් ගෙන ගොස් විදුලියට සම්බන්ධ කර ක්‍රියාත්මක කරන තරමටම පහසුය.
අන්තර්ජාල පහසුකම් ඇති පරිගණකයක්, මොනිටරයක් ඇත් නම් ඒවා භාවිත කිරීමට හෝ පහසුකම් ඇති ජංගම දූරකථනයකට රූප සංඥා ලබාගත හැකිය. නූතනයට ගැළපෙන කැමරා පද්ධති මෙවලම් වෙළෙඳපොළෙන් ලබාගැනීම ඔබ විසින් කළ යුතු වේ.
Power Line Communication හේතුවෙන් කැමරාවල සිට වයර් ඇදීමක් නැත. විවිධ පුද්ගලයන්ගේ උපදෙස් අනවශ්‍යය. රහසිගතව සිදු කෙරෙන මෙවලමක් නිසා පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට පවා ඔබට සිදු විය හැකිය. ඒ අනුව බාහිර පුද්ගල සහය පසුව සොරුන් වෙත සන්නිවේදනය වීමද අවමය. ඇත්තෙන්ම ඔබ කළ යුත්තේ වයර් ඇදීමකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත කැමරාවෙන් කැමරාව සවි කිරීම පමණි. ඒ සඳහා විදුලිය සැපැයීමක් පමණක් සිදු කළ යුතුය. විදුලි විසන්ධි වීමක දී සිදු වන අවහිරය වළක්වාගැනීමට ආරෝපණය කළ හැකි බැටරි පද්ධතියක් එක් කළ හැකිය. මේ උපකරණ ක්‍රියාවට අවශ්‍ය වන්නේ වෝල්ට් 12ක පමණ විදුලියක් නිසා විදුලියට එතරම් වියදමක්ද වැය නොවේ.
CCTV කැමරා මෙවලමක් ලෙස වෙළෙඳපොළෙන් මිල දී ගන්නා ඔබට වෙනත් උපකරණ මිල දී ගන්නා අවස්ථාවකදී මෙන්ම වගකීම් සහතිකයක් නිකුත් කෙරේ. එය විකීණිමෙන් පසු සේවාවක් සඳහා පොරොන්දු පත්‍රයකි. අවශ්‍යම නම් සහායකයකුගේ සේවය ලබා ගත හැකිය. එහෙත් ඔබටම අවශ්‍ය ස්ථාන වෙත සවි කරගත හැකිය. පටිගත කිරිමේ යන්ත්‍රය NVR (Video Recorder) ස්ථානගත කළ යුත්තේ ආරක්ෂාකාරි ස්ථානයකය. NVR යන්ත්‍රය වෙත පරිගණකයේ මවුසය සහ පටිගත වූ තොරතුරු පෙන් ඩ්‍රයිව් සම්බන්ධ කළ හැකිය. රහසිගත හෝ වෙනත් අයට විසන්ධි කිරීමට හෝ ඉවත් කිරීමට නොහැකි තැනක් විය යුතු වේ. විසන්ධි යනුවෙන් මෙහිදී හඳුන්වා ඇත්තේ අන්තර්ජාල හෝ වෙනත් දර්ශන සපයන ස්ථානයන් වේ. තමන්ගේ ජංගම දූරකථනයට හෝ වෙනත් දර්ශනපථ වෙත ක්ෂණිකව රූප ලබාගැනීම සඳහා වූ පහසුකම් දැනටමත් ඔබට භුක්තිවිඳිය හැකිය. වර්තමානයේ වෙළෙඳපොළේ පවතින මෙබඳු උපකරණයක මාසයකට වැඩි කාලයක දත්ත ගබඩා කරගත හැකිය.
පන්නිපිටිය විශේෂ
අනිල් ලසත් පෙරේරා