එජාපයෙන් දේශන මාලාවක් | Page 3 | සිළුමිණ

එජාපයෙන් දේශන මාලාවක්

 සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ‘බලගතු ශ්‍රී ලංකාව සහ වත්මන් දේශපාලනය එදා සහ අද‘ යන මාතෘකා යටතේ දේශන හතරක් බැගින් පවත්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. මෙම දේශන මාලාව ලබන සති අන්තයේ සිට  උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව සියලුම මැතිවරණ කොට්ඨාසවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකාය, ජාතික යොවුන් පෙරමුණ, එක්සත් ලක් වනිතා පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂ වෘත්තියවේදින්ගේ සංගමයේ සාමාජික තරුණ තරුණියන් දේශකයෝ ලෙස මෙම දේශන පවත්වනු ලබති. එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතාගේ අධීක්ෂණය යටතේ මේ සඳහා දේශකයන් පුහුණු කිරීම මේ සතියේදි ඇරඹේ. මෙහිදී දේශකයින් 40 කට පුහුණුව ලබා දීමට නියමිතය.

එම දේශකයන්ට අමතරව ඇමතිවරයකු නොවන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සෑම දේශනයකටම සහභාගි කරවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දි ඇතැයි චන්ද්‍රසේකර මහතා පැවසීය. 

Comments