
ඒ.එම් මහේෂ් සේවය කෙළේ තන්තිරිමලේ යුද හමුදා කඳවුරේ දියණියන් දෙදෙනකුගේ පියකු වූ ඔහුට තවත් දියණියකගේ මුහුණ බලන්න වාසනාව ලැබුණා.
දියණියගේ උපතින් පස්සේ තන්තිරිමලේ සේවයට ගිය මහේෂ්ට ආයෙත් තමන්ගේ දුවවත් පවුලේ වෙන කිසිකෙනෙකුගේවත් මුහුණ බලන්න ලැබුණෙ නෑ. අත දරුවට දවස් 24ක් වෙද්දි මේ පවුලම බිමට කඩා ගෙන වැටුණෙ මහේෂ් හදිසි හෘදයාබාධයකින් මිය ගිය නිසයි. ඒ 2014 අවුරුද්දේ.
දියණියන් තුන් දෙනාත් එක්ක බිරිය මාලනී තනි වුණා. එයා ඒ වෙනකොටත් හිටියෙ මහේෂ්ගෙ මහ ගෙදර. පසුව ඇය කොටි ගහන කාලේ හිටපු බංකරේට ඇවිත් පදිංචි වුණා. ඒ වෙනකොට ලොකු දුව සාපෙළ විභාගෙට සූදානමින් හිටියෙ.
එයා විභාගෙට පාඩම් කළෙත් කටු මැටි ගහපු පුංචි බිත්ති දෙක තුනක් අතර. මේ බව අපි අපේ ඇස් හතරකින් දැක්කා. ඒ වැලිඔය ඇතැවැටුණුවැවට ගිය වෙලාවෙ. මේ ගැන දැනුවත් කළොත් මේ පවුලට නිවසක් ලැබෙයි කියලත් අපට හිතුණා. යුද බිමේදි මිය නොගියත් මේ සෙබළගේ දැරියන් විඳින දුක දිහා අපේ පෑනත් කැමරාවත් දැක්කා.
අපි ඒ ගැන සිළුමිණ හරහා දැනුවත් කළා. ඒ පහුගිය නොවැම්බර් මාසෙදි. ඒ විතරක් නෙමෙයි ඒ ගැන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න මහතා දැනුවත් කරන්නත් අපි කටයුතු කළා. එතුමා කිව්වේ මේ සිද්ධිය ගැන යුද හමුදාපතිතුමා සමග කතා කරල ඉක්මනින් ඒ සම්බන්ධව කටයුතු කරනවා කියලා.
මේ සම්බන්ධව පළ වීමෙන් පස්සේ ඒ ගැන යුද හමුදාපතිතුමා සොයා බලලා දරු පවුලට ගෙයක් හදන්න උපදෙස් දීල තිබුණා. හමුදාවේ වැඩ කොහොමත් වේගයෙන් සිදු කෙරෙනවා වගේ මේ ගෙදර හදන වැඩෙත් බොහොම වේගයෙන් සිද්ධ වුණා. හරියටම මාස දෙකෙන් ගෙදර වැඩ ඉවර කරන්න හමුදාවට හැකි වුණා.
ඒකට සිළුමිණ විශේෂාංගයත් පාදක වුණු නිසා අපටත් ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා. යුද හමුදා ක්‍රියාන්විතයේ මිය නොගියත් මේ කාර්යය විශේෂ සුබසාධන ක්‍රියාවලියක් හැටියට සලකමින් සිදු කර තියෙනවා.
මාස දෙකෙන් මේ නිෙවස හදන්න ලැබුණු එක ගැන මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න මහතා අපට කිව්වෙ බොහොම සතුටින්. ඒ එක්කම මාධ්‍යටත් ඔහු විශේෂ ස්තුතියක් කළා
‘මේ දරු පවුල ගැන ආරංචි වුණු ගමන් අපි කඩිනමින් නිවස හදන්න සැලසුම් කළා. මාධ්‍ය නිසා තමයි අපට මේ සිදුවිම දැන ගන්න ලැබුණේ. අපි සැලසුම් කෙළේ රුපියල් ලක්ෂ 10ක විතර වටිනාකමින් යුක්ත ගෙයක් හදන්න. නමුත් අපට සම්පත් නුවර නිවාස සංවර්ධන අධිකාරියෙන් මේ සඳහා ලක්ෂ දෙකක මුදලක් ලැබුණා. ඒ වගේම තවත් ආයතනවලින් ලක්ෂ දෙකහමාරක විතර බඩු භාණ්ඩ ලැබිල තියෙනවා. සම්පූර්ණ ශ්‍රමය හමුදාවෙන්. කාමර දෙකක් සාලයක් හා මුළුතැන්ගෙයක් එක්ක තමයි මේ නිවෙස හැදුවේ. වටිනාකම ලක්ෂ 15ක් ඉක්මවා යනවා. මාස දෙකෙන් හදපු එකත් ලොකු දෙයක් ඒ හමුදා සෙබළාගේ දානමය පින්කම පැවැත්වුණු පසුගිය 25 වැනිදා අපට ගේ බාර දෙන්න පුළුවන් වුණා.‘
මේ ගැන මාලනී අපට පුද කළේ වචනයෙන් කියන්න බැරි ස්තුතියක්. ඇය මාධ්‍ය ක්ෂේත්‍රයටම ස්තුති කරා. කවදාවත් නොලැබෙන්න ඇයට සිහිනයක් වෙච්ච මේ නිවස ලැබුණු එක ගැන එයාටත් දරුවන්ටත් රටක් රාජ්‍යයක් ලැබුණ වගේ. නිෙවස බාර දීමේ උත්සවයට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතාත් සහභාගි වුණා. එමෙන්ම වැලිඔය 62 සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ සහ ජාතික ආරක්ෂක බළමුළුවේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එච්.එම්.ඩබ්ලිව්.බී. තඹවිට මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා. එදින අධික රාජකාරි කටයුතු නිසා සහභාගි වෙන්න බැරිවුණත් මේ පිටුපස ඉඳගෙන මේ කාර්යයට විශාල තල්ලුවක් දෙන්න මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න මහතා කටයුතු කළා. එදින දරුවන්ට තෑගි පාර්සල් මෙන්ම ගෙදරට අවශ්‍ය බඩු භාණ්ඩ රැසකුත් බාර දෙන්න කටයුතු කළා.
ස්වාමියා නැති අඩුපාඩුව තාත්ත නැති අඩුපාඩුව දරන්න බැරි වුණත් මේ පුංචි පවුල දැන් සතුටින් ඉන්නවා. ඒක දකින අපිටත් දැනෙන්න ලොකු සතුටක්. මේ දායකත්වයට අත දුන හැමෝටම ලොකු පිනක් සිදුවන බව නම් අපි හොඳින්ම දන්නව.