පුංචි ඡන්දෙ කවදාද දැන්ම කියන්න බෑ | සිළුමිණ

පුංචි ඡන්දෙ කවදාද දැන්ම කියන්න බෑ

උදිත ගුණවර්ධන

පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ කොමිසම සිය වාර්තාව පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා වෙත භාර දුන්නද මැතිවරණය පවත්වන දිනය හෝ වකවානුව ගැන නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ජාතික මැතිවරණ කොමි‍සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සීමා නිර්ණ වාර්තාව නිකුත් කිරීමෙන් පසු පළාත් පාලන ඇමැතිවරයා ගැසට් නිවේදනයක් මගින් එය ප්‍රකාශයට පත් කළ යුතු වුවද එම ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නැත.

2012 පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතේ තාක්ෂණ දෝෂ ගැන සඳහන් වුවද එම දෝෂ නැවත නිවැරැදි කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර එම දෝෂ නිවැරැදි කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ.

එහෙත් මේ තාක්ෂණ දෝෂ නිවැරැදි කිරිමේ කරුණු මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

නව ක්‍රමයට මැතිවරණ කාර්යාලයේ පද්ධතිය සුදානම් කිරීමටද යම් කාලයක් අවශ්‍යව තිබේ මේ සියලු කරුණු සලකා බැලිමේදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බව කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

 

Comments