වරෙක කවි කොළ නාටකයකි; අනතුරුව නර්තනයකි; ඒ අතරතුර ආරාධිත කවි කතාය. සභාවම රස ගුලාවකි. මේ ඉකුත් ජනවාරි 26 වනදා දෙහිවල එස් ද එස් ජයසිංහ ශ්රවණාගාරයේ දක්නට ලැබුණු දර්ශන පෙළකි. අගනුවර තරුණ කවි සමාජය හෙවත් අතකසයේ 85 වැනි සංවත්සරය එයට නිමිත්ත විය.
සහභාගී වූවන් සියල්ල සිටියේ එක පොදියටය. ඔවුන්ට වයස් තරාතිරමක් නොවීය. වැඩිහිටියන් තරුණයන් පමණක් නොව...