ලාෆ්ස් ගෑස් වෙතින් අඛණ්ඩ ගෑස් සැපයුමක් | Page 3 | සිළුමිණ

ලාෆ්ස් ගෑස් වෙතින් අඛණ්ඩ ගෑස් සැපයුමක්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින්හට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහැරීම් කටයුතු සිදු කරන බව එම සමාගම පවසයි. පසුගිය සති කීපය පුරාම ප්‍රමාණවත් ගෑස් තොග මෙරටට ආනයනය කර ඇති අතරම කාර්යක්ෂමව එම ගෑස් තොග හරහා පිරවුම් කටයුතු සිදු කරමින් දිවයින පුරා විසිරී සිටින තම බෙදාහැරීම් ජාලය සහ අලෙවි නියෝජිත ජාලය හරහා පාරිභෝගිකයාට මිලදීගැනීමට ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගම කටයුතු කරමින් සිටි. එමෙන්ම හෝටල් සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය එල් පී ගෑස් තොග ද සමාගම සතුව ප්‍රමාණවත්ව ඇති අතර වාණිජ සහ නිෂ්පාදන ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීමද කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කෙරේ.

Comments