
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාග කිරීමට කටයුතු කළේය. මූල්‍යමය ගැටලු හේතුවෙන් පසුගිය කාලය තුළ සුව සැරිය ගිලන් රථ සේවය පවත්වා ගෙන යාමට අපහසු තත්ත්වයක් උදා වී තිබුණු අතර, මේ මහඟු මෙහෙවර අඩාල නොවී පවත්වාගෙන යෑම සඳහා මේ පරිත්‍යාගය විශාල රුකුලක් වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පැවසුවේ, ප්‍රජාවන්ට අත්වැලක් වීම සහ ඔවුන් සවිබල ගැන්වීම තම යුතුකමක් හා වගකීමක් බව කීල්ස් සමූහය විශ්වාස කරන බවයි. අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සහිත ගිලන් රථ 297ක් සුව සැරිය සේවාව සතුව පවතින අතර, මනාව පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් එම ගිලන් රථවල සේවයෙහි යෙදී සිටිති.