SDB බැංකුවේ ආකර්ෂණීය ඉතිරුම් ගිණුම් | Page 3 | සිළුමිණ

SDB බැංකුවේ ආකර්ෂණීය ඉතිරුම් ගිණුම්

ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලින් විශාල පරාසයක් ආවරණය කරමින් නිෂ්පාදන හා සේවා විශාල ප්‍රමාණයක් ලබා දෙන ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන SDB බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම් ඉතා සුවිශේෂී වේ.

SDB බැංකුවේ ටොප්සේවර් ප්ලස් ගිණුමේ ඇති විශේෂත්වය වන්නේ ඉහළ පොලී අනුපාතය සහ නැවත මුදල් ලබා ගැනීමට සීමාවක් නොමැති වීමය. දරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ලක්දරු ගිණුම මඟින් ඉහළ පොලියට අමතරව දරුවා වෙනුවෙන් රක්ෂණාවරණයක් ද හිමි වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති SDB බිස්නස් සේවර් ගිණුම් හිමියන්ට ඉහළ පොලී අනුපාතයක් සමඟ ව්‍යාපාර කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන ප්‍රතිලාභ රැසක් හිමිවේ.

Comments