ලබන වස­රේදී ආර්ථි­කයේ කැපී පෙනෙන වෙන­සක් | Page 2 | සිළුමිණ

ලබන වස­රේදී ආර්ථි­කයේ කැපී පෙනෙන වෙන­සක්

ලබන මස සිට උද්ධ­ම­නය අඩු වන ලකුණු

උද්ධ­ම­නය පහළ ගියොත් ණය පොලී අනු­පා­තත් පහ­ළට
 

ඩා වැටෙමින් තිබූ මෙරට ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට දැන් පත්ව ඇති බවත් ඒ අනුව එය පාලනයකට නතු කර ගත හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සිළුමිණට ඊයේ පැවසීය. කෙසේ වෙතත් දැනට භාණ්ඩ සඳහා පවතින මිල ගණන් අඩුවීමක් සිදු නොවූවද බඩු මිල වැඩිවීමේ වේගය අඩුකිරීම මහ බැංකුවේ අරමුණ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉදිරියේදී උද්ධමනය අඩුවේනම් ණය පොලී අනුපාත පවා අඩු කිරීමේ හැකියාව පවතින බව අවධාරණය කළ ආචාර්ය වීරසිංහ කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම, ගෙවීමට ඇති ණය සහන කාලය දීර්ඝ කර ගැනීම වැනි රජය සහ මහ බැංකුව විසින් ගෙන ඇති වැඩ පිළිවෙළ ඉදිරියට කරගෙන යාම තුළින් රට හොඳ තත්ත්වයකට පත්වනු ඇති බවයි.

මේ වන විට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය දිගටම ගෙවා ගෙන යමින් පැවතියද ද්විපාර්ශ්වික ණය ගෙවීම් නතර කර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද කියා සිටියේය.

ලබන වසරේ ජනවාරි මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට හැකිවනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කෙළේය.

 

 

Comments