මේ වනාහි විදෙස් කෙටිකතා විස්සක එකතුවකි. මුලින්ම ඒ කෙටිකතා විස්සේ මුල් කතුවරුන් හඳුන්වාදීම සුදුසු බව සිතමි.
ඔවුහු සියල්ලෝම විශ්ව සමභාවනාවට පාත්‍ර වූවෝ වෙති. ඒ අතරින් ඩොරිස් ලෙසිං, පර්ල් එස්. බක්, ගෙබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්, නජිබ්මහ්ෆුස්, නදින් ගෝඩිමර්, හරුකි මුරකාමි නෝබල් ත්‍යාගලාභින් වන අතර ඉතැලෝ කැල්විනෝ සහ ග්‍රහැම් ග්‍රීන් කිහිපවරක්ම එම සම්මානයට නිර්දේශ වූවෝ වෙති.
මේ කෙටිකතා අතර ඉසබෙල් අයියන්දේ ගේ නිර්මාණයක් ද වෙයි. ඇගේ ඊවා ලූනා සහ පෝලායනා නිර්මාණවල සිංහල පර්වර්තන ඉතා ජනප්‍රියය.
සිංහල පරිවර්තන කියවන අයට රෝල්ඩාල් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. ඔහු ලියූ සියලු නවකතා මේ වනවිට සිංහලට පරිවර්තනය වී හමාර අතර ඒ සියල්ල අලෙවිය අතින් වාර්තා තැබු ඒවාය.
චීන ලේඛක බාජින්ගේ කෙටිකතා දෙකක පර්වර්තන මෙහි ඇතුළත්ය. ඔහු ද සිංහල පාඨක ප්‍රජාවට අමුත්තකු නොවේ.
සිංහල රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර සුප්‍රකට‘මල්ගුඩි දවස්’ටෙලිනාට්‍ය මාලාවේ පාදක කෘතිය වන‘ස්වාමි සහ මිතුරෝ’නිර්මාතෘ ආර්. කේ. නාරායන්ගේ කෙටිකතාවක් ද මෙහි එයි.
සිංහල පාඨකයන් අතර ප්‍රකට විද්‍යා ප්‍රබන්ධකරු රේ. බ්‍රැඩ්බර්ගේ නිර්මාණයක් ද මේ එකතුවේ ඇතුළත්ය.කෙටිකතා සිය ගණනක් සහ නවකතා කිහිපයක් රචනාකොට ඇති ඔහු තිර පිටපත් රචකයෙක් ද වෙයි. නෝබල් සාහිත්‍ය ත්‍යාගයට ඔහුගේ නම යෝජනා නොවූවද ලෝක ප්‍රකට සම්මාන සහ ත්‍යාග පණහකට අධික සංඛ්‍යාවක් ඔහු දිනා ඇත. ඔහු නවීන විද්‍යාව ජනතාව අතරට ගෙනයාමට විශාල කාර්යභාරයක් ඉටු කළ නිර්මාණකරුවකු ලෙස නමක් දිනා ගත්තෙකි.
සදම් හසන් මන්තෝ නම් ඉන්දීය ලේඛකයා ගැන නොදන්නා සිංහල පාඨකයකු නැති තරම්ය. මේ එකතුවට ඔහු ද දායක වී ඇත.
සිංහල පාඨකයන් අතර එතරම් ප්‍රකට නොවුව ද මෙහි නිර්මාණ ඇතුළත් ලියම් ඔප්ලැහර්ටි සහ මර්වින් වොල් (අයර්ලන්තය)එම්. ටී. ෂරිෆ් (ඉරානයෙන් පිටුවහල්ව අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත්) ගුලාබ්දාස් බ්‍රෝකර් (ඉන්දියාව), සිග්මුන්ට් ෆ්‍රැන්කල් (ඊස්‍රායෙලය)යන අය ද සම්මානලාභි නිර්මාණකරුවෝ වෙති.
ඉතැලෝ කැල්විනෝගේ ‘හොරුන්නෙ රට’මෙහි මුල්ම කෙටිකතාවයි. මේ, ඉන් ගත් උධෘතයකි.
‘එකමත් එක රටක උන් මිනිස්සු හැමෝම හොරකමේ ගියහ.
සැම කෙනෙක් ම රෑ බෝ වු පසු හොර යතුරු ද අඳුරු කළ ලන්තැරුම් ද රැගෙන නිවෙසින් පිටව ගියේ අසල්වැසියකුගේ ගෙයක් සොරාකන්නටය. මෙසේ සොරකම් කළසබ්බසකළමනාවම රැගෙන පෙරළා සිය නිවෙස වෙත පැමිණෙන ඔවුන්ට තම ගෙදර ද හොරාකා තිබෙනු දැකිය හැකි විය.
මෙලෙස මේ අන්දමින් හැමෝම සතුටින් දිවි ගෙවූහ. කාටවත් පාඩුවක් සිදුනොවූයේ සැමකෙනෙකුම තවෙකෙකුගෙන් හොරා ගත් බැවිනි. පළමුවැන්නා දෙවැන්නාගෙන් ද දෙවැන්නා තෙවැන්නාගෙන් ද ආදී ලෙසින් හොරකම් කළඅතර අන්තිමයා යළි පළමුවැන්නාගෙන් හොරකම් කළේය. මෙය දම්වැලක් සේ අපූරුවට සිද්ධ විය. රටේ වෙළෙඳාම කෙරුණේ මිලදී ගන්නා තැනැත්තා හා විකුණන්නා සමෝසමේ කළ වංචාව තුළිනි. රටේ රජය ජනතාවගෙන් හොරා කෑ අපරාධකාරී ආයතනයක් වූ අතර රටවැස්සන් ද සැමවිටම කළේ රජයට වංචා කිරීමය.
බාජින්ගේ ‘කඩාකප්පල්කාරයා’නම් කෙටිකතාවෙන් ගත් කොටසකිමේ:
“ඔවුන් මෙසේ දොඩන අතරේ යාබද මේසයේ හුන් තරබාරු පොලිස් භටයා හුනස්නෙන් නැඟී ගත්තේ ඔවුන් දෙසට තේ බඳුනක් විසි කළේය. දෙදෙනාගේම මිරිවැඩි එක්වරම තේ කහටින් තෙත්විය.
‘මදාවියෙක්’ ඇය සිහින් හඬින් කීවාය.
චියු උන්නැහේ හුනස්නෙන් නැඟිට්ටේය. “පොලිස් නිලධාරී සහෝදරයා. ඇයි මෙහෙම කළේ?” ඔහු ඇසීය. ඒ සමඟ සිය පෙඟුණු මිරිවැඩි සඟල දිගු කොට පෙන්වීය.
“මොකක්ද කළේ?” තරබාරු නිලදරුවා ඇසුවේ රළු හඬිනි. ඔහු චියු උන්නැහේ දෙස රවා බැලීය. මේ අතර ළාබාල පොලිස් භටයා සිවුරුහම් බාමින් හුන්නේය.
“බලනවා ඔහේ අපේ කකුල්වලට තේ කහට විසි කළා”
”තමුසෙ විහින් කකුල් තෙමාගෙන නන් දොඬවන්න එපා”
“සහෝදර නිලධාරි උන්නැහේ, ඔහේගෙ රාජකාරිය සාමය ආරක්‍ෂා කරන එකවුණාට ඔහේ අපට හිතාමතාම හිරිහැර කළා. ඔහෙල මොකද නීති ආරක්‍ෂා නොකර ඒව කඩන්නේ?”චියු උන්නැහේ මෙලෙස උස් හඬින් දොඬද්දී අසල පිරිසක් එක්විය.
වැඩිහිටි නිලධාරියා බාල භටයා වෙත දෑතින් සන් කළේය. “මිනිහව හිරබාරයට ගනිමු”
“මේක යකාගෙ නීතියක්නෙ”චියු උන්නැහේ මුර ගෑවේය. “ඔහෙලට මෙහෙම කරන්න අයිතියක් නෑ”
“කටවහනව” තරබාරු නිලධාරියා පිස්තෝලය එල්ල කරමින් කෑ ගෑවේය.
“පොලීසියට ගියාට පස්සෙ ඇතිපදම් දොඬවනවා”
“තමුසෙ කඩාකප්පල්කාරයෙක්”තරුණ භටයා ද කතාවට එක්විය. “තමුසෙ සාමය කඩකළා”
මනාලිය වදනකුදු දොඬාගත නොහැකිව විපිළිසර වැ හුන්නා ය. මේ ළඟදී සරසවියෙන් පිටවූ ලලිත කලා උපාධිධාරිනියක වූ ඇය මෙතුවක්කල් පොලිස් අත්අඩංගුවක් දැක තිබුණේ නැත. ඇයට කළ හැකිව තිබුණේ “අනේ කරුණාකරලා” යැයි කෙඳිරීම පමණි.
ආර්. කේ. නාරායන්ගේ ‘අන්ධ බල්ලා’ නම් කෙටිකතාවේ අවසානයය මේ;
“‘ඔහේල දන්නෙ නැද්ද සිද්ධ වෙච්ච සංගදිය?”අන්ධයා කෑ ගෑවේය. “මේ බල්ලා පැනල ගියා. මට එහාට මෙහාට හැරෙන්නත් බැරුවයි උන්නේ. සතයක් හොයා ගන්න බැරුව ගියා. කන්ඩ දෙයක් තිබුණේ නෑ. තව දවසකින් දෙකකින් මාව මැරිලා යන්නයි තිබ්බේ. ඒ වුණාට මු ආවානේ.’”
‘හොරුන්නෙ රට
’කේ.ඩී. චන්ද්‍රසිරිගේ කෘතියකි.