
- ළමා හා කාන්තා අභිවෘද්ධියට නව වැඩසටහන්
- ජනතා ජයග්‍රහණ රැසක්
- රට රටවලින් ආධාර උපකාර
- බුද්ධිමතුන්ට ජනතා ප්‍රසාදය
- ලග්න රැසකට සුබ පල
- බක්මහේ ග්‍රහමාරු හා ග්‍රහ යුද්ධ රැසක්
2022 අප්‍රේල් මාසය අන් කවරදාකටත් වඩා සුවිශේෂී වෙයි. ඒ ග්‍රහමාරු රැසක් හා ග්‍රහ යුද්ධ රැසක්ම සිදුවන නිසා ය. හිරු මුල් කරගෙන සිදු කරන හෙළයේ මහා මංගල්‍යය වන සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදෙන නිසා ද එය තවත් සුවිශේෂි වෙයි.
මේ අතර අප්‍රේල් 05 වැනි දින උදේ 07.23 ට කුජ - ශනි යුද්ධයෙන් ශනිට ජය හිමි වීම හුදෙක් පොදු ජනතාවගේ යහපත පිණිස වෙයි. අප්‍රේල් 12 දින රාත්‍රි 08.16 ට ගුරු නැප්චූන් අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් ගුරුට ජය ලැබීම විශේෂයෙන් උගතුන් නැණවතුන්ගේ ජයග්‍රහණයක් ලෙස ද අප්‍රේල් 18 දින දහවල් 10.22 ට බුධ යුරේනස් ග්‍රහ යුද්ධයෙන් බුධට ජය ලැබීම මිනිසා ඥානාන්විතව කටයුතු කිරීමට පෙලඹීම ද අප්‍රේල් 28 දින රාත්‍රි 12.43 ට සිකුරු නැප්චූන් ග්‍රහ යුද්ධයෙන් සිකුරුට ජය ලැබීම හුදෙක් කාන්තාවන්ගේ බිලිවී තිබූ ඓතිහාසිකම් සුරක්ෂිත වීමත් ළමා හිංසනයට වැට කඩුලු බැඳීමක් ද සිදුවනු ඇත.
මේ ග්‍රහ යුද්ධයන්ට ම ආවේණික ලෙස අප්‍රේල් 07 දින උදේ 08.15 ට කුජ ග්‍රහයා සිය වාසභවන වන කුම්භ රාශියට සංක්‍රමණය වීමත් අප්‍රේල් 08 වැනි දින දහවල් 12.00 ට බුධ මේෂ රාශි ගතවීමෙන් ඥානය මුල් කොට මිනිස් ක්‍රියාකාරකම් එළි පෙහෙළි වීමටත් අප්‍රේල් 12 දින උදේ 01.36 ට රාහු මේෂ රාශිගතවීම හා කේතු තුලා රාශි ගතවීම ද පවතින ගැටලුවලට යම් සුබවාදී පිළියමක් වනු නිසැක ය. ඒ අතර අප්‍රේල් 14 දින උදේ 8.40 ට රවි ග්‍රහයා මේෂ රාශිගත වීම ද රාජ්‍ය කාරක බලය ශක්තිමත් වීමට ද බලපානු ලබයි. ඒ අතර අප්‍රේල් 29 දින උදේ 07.52 ට සෙනසුරු කුම්භ රාශිගතව පොදු ජනතාව සිය බලය තහවුරු කර ගනිමින් සුවිශේෂී පොදු ඓතිවාසිකම් රැසක් සුරක්ෂිත කර ගැනීමට මුල් වන බවත් පෙනී යයි.
මේ සියලු හොඳ නොහොඳ අඩු වැඩි ලෙසින් බලපාන විශ්වයේ සිදුවන මෙවන් ග්‍රහ චලිතයක් තුළින් මොනවා පිළිබිඹු වනු ඇත. විශේෂයෙන් රවි, කුජ, බුධ, ගුරු, සිකුරු මෙන් ම රාහු - කේතු වැනි ග්‍රහයින්ගේ බලපෑම් මෙම ලෝකයට වඩාත් ප්‍රබල ලෙස බලපෑම් එල්ල කරනු ලබයි.
කුම්භ ලග්න ශ්‍රී ලංකා කේන්ද්‍රයට අනුව රටට සුබවාදී අනාගතයකට පසුබිම වැටෙන අතර සිංහ ලග්න ජනරජ කේන්ද්‍රයට අනුව රජය ස්ථාවර වීම සෙසු පක්ෂවල සහාය හා කැපවීම ද ජාතික වශයෙන් අපට අපේ සංස්කෘතිය සුරක්ෂිත වන ආකාරයේ සන්සිද්ධීන් මතු කෙරෙනු ලබන අතර මේෂ ලග්න ලෝකායතන කේන්ද්‍රයට අනුව රට රටවල ඇවිළී තිබෙන යුද ගැටුම් හා මතවාද සමනයකට පත්වීමට මෙම ග්‍රහ යුද්ධ හා ග්‍රහ රාශි මාරුවීම් ඉවහල් වනු ඇත.
අප්‍රේල් මැද භාගය හා අප්‍රේල් මස අවසානය තෙක් රටේ අස්ථාවර ගැටුම් මතවාද පරිභෝජන භාණ්ඩ මිල ඉහළ යාම විවිධ එදිරිවාදිකම් සමාජගත වීම හා දේශපාලනික මතවාද උණුසුම් වීම මෙන් ම සොරසතුරු බිය මෙන්ම විවිධ රටවලින් ආධාර ඉල්ලා ආයාචනය කිරීමට සිදුවේ. නමුදු අප්‍රේල් මාසය අවසානයත් සමඟ ආරම්භ වන කාලය රටෙහි පැහැදිලි ආර්ථික සමාජයීය පසුබිමක් ගොඩ නැඟෙනු ඇත.
එහෙත් ජනතාව ලෙස ඔබ අපට කළයුතු ඉටු කළ යුතු යුතුකම් රැසක් වෙයි. අපට මුහුණදීමට සිදුවූ හැම ව්‍යසනයකදීම රටේ ජනතාව ලෙස එකට එක්ව එකට පෙළ ගැසී කළ කැපවීම් පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඒ අනුව අප එක් එක් අයට ලග්න අනුව බලපාන අයුරු සලකා බලමු.