ක්‍රීඩා ආර්ථිකය ගැන විශ්ලේෂකයන්ට පවා අවබෝධයක් නෑ | Page 3 | සිළුමිණ

ක්‍රීඩා ආර්ථිකය ගැන විශ්ලේෂකයන්ට පවා අවබෝධයක් නෑ

 

'දේශීය ක්‍රීඩා ආර්ථිකයක් තුළින් රටක සංවර්ධනයට උරදිය හැකි බව දැන් දැන් ලොව පුරා පිළිගන්නා මතයකි. ඒ වෙනුවෙන් දසක කීපයක සිට පෙනී සිටින්නකු වශයෙන් තිලක් වීරසිංහ දැක්විය හැකි ය. ඔහු එම අපේක්ෂාව යථාර්ථයක් කර ගනු රිසින් කලම්බු මැරතන් තරගාවලිය හා ටී කප් පාපැදි තරගාවලිය අන්තර්ජාතික තරග වශයෙන් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරයි. ක්‍රීඩා ආර්ථික පුබුදුව සම්බන්ධයෙන් අපි ඔහු සමඟ සාකච්ඡා කළේ එය කාලීන අවශ්‍යතාවයක් බවට ඇති දැඩි විශ්වාසය හේතුවෙනි.'

'දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ රට ඇතුළේ සුවිශාල ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැඟෙමින් තිබෙ-නවා. නමුත් බොහෝ දෙනෙකුට ඒ ආර්ථිකය ගැන නිසි අවබෝධයක් නෑ. ඒ නිසා ක්‍රීඩා ආර්ථිකය වර්ධනය කිරීම සම්බන්ධයෙන් නිවැරැදි සොයා බැලීමක් හෝ විශ්ලේෂණයක් නෑ. ඒ නිසා සමාජය ඒ පිළිබඳ ව දැනුවත් නෑ.' තිලක් වීරසිංහ 'ක්‍රීඩා' වෙත පැවසීය.

එහි දී ඔහු නිදර්ශන සහිත ව එයට කරුණු ගෙනහැර දැක්වූයේ මෙසේ ය.

'ඒකට හොඳ ම උදාහරණයක් තමයි පසුගිය දා සංවිධානය වූ සිව්කොන් පාපන්දු තරගාවලිය. ශ්‍රී ලංකාව තුළ පාපන්දු ක්‍රීඩාව අන්තිම පහළ අඩියට වැටිලා තිබෙන මොහොතක ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම සිව්කොන් පාපන්දු තරගාවලිය රට තුළ සංවිධානය කරනවා. එම තරගාවලියට සත්කාරකත්වය දරපු අපි හැර අනි-

කුත් රටවල් තුන ම මෙහි පැමිණෙ-න්නේ මුදලුත් එක්ක. නාවාතැන් පහසුකම් වෛද්‍ය පහසුකම්, කැම බීම මෙන් ම අනිකුත් සැම දේම ඔවුන් තම සංචාරය තුළ දී සපයා ගන්නේ මෙරට තුළින්. ඒ වෙනුවෙන් ඔවුන් සංචාරය ඇතුළේ දී මුදල් වියදම් කරනවා. ඒ වගේම තරගාවලියට සමගාමීව ජාත්‍ය-න්තර පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිත් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඔහු මීට පෙර ඉන්දියාවට පමණයි පැමිණ තිබෙන්නේ. මෙවර ඔහු දින දෙකක් ශ්‍රී ලංකාව තුළ නැවතී ඉන්නවා. ඔහු රටේ පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න උපකාර කරන්න නිල වශයෙන් සාක-ච්ඡා පවත්වනවා. ඔහු වෙනුවෙන් විය-පැහැදම් කරන්නේ ජාත්‍යන්තර පා-පන්දු සම්මේලනය යි.

මෙවැනි තරගාවලියක් සංවිධානය කිරිම තුළින් හා ජාත්‍යන්තර පාපන්දු සභාපතිගේ පැමිණීම තුළින් අඩුම ගානේ ඩොලර් ලක්ෂයක් දෙකක් රටට ආවේ නැද්ද. ආවා. ඒ තමයි ක්‍රීඩා ආර්ථිකය ගොඩනංවන ක්‍රියාවලිය. ඒ වගේම මේ කොවිඩ් වසංගතය මැදත් ක්‍රිකට් තරගාවලි ගණනාවක් පැවැත්වූවා. එමඟිනුත් නවාතැන් පහසුකම්, ආහාර පාන, වෛද්‍ය පහ-සුකම් හා අනිකුත් දෑ කණ්ඩායම් දරා-ගත්තා. එමඟිනුත් රටට ගලාගෙන එන්නේ ඩොලර් නෙමෙයි ද? ඒ තමයි ක්‍රීඩා ආර්ථිකය.

පාපැදි තරග, රළ මත ලිස්සා යෑමේ තරග, මැරතන් තරග හා සුළං ඔරු තරග වගේ තරගාවලි ලංකාව තුළ බහුල වශයෙන් සංවිධානය කළ යුතුයි. ඒවා සංවිධානය කෙරෙන බව ඇත්ත. නමුත් ඒක ප්‍රමාණවත් නෑ. ඒ සැම තරගයකටම විදේශීය තරගකරුවන් සහභාගි කරවාගත යුතුයි. ඒ නිසයි ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැඟීම වැදගත් වන්නේ.

ග්‍රෝන් ෆ්‍රී වගේ තරගාවලියක් රට තුළ පැවැත් විය යුතුයි. විශාල ත්‍යාග මුදලක් සමඟ ආකර්ෂණීය තරගාවලියක් සංවිධානය කළ යුතුයි. ජයග්‍රාහකයන්ට ලබා දෙන ත්‍යාග මුදල අමතක කළත් එවැනි තරගාවලි තුළින් දෙයාකාරයකින් රටට මුදල් ගලා එනවා. එක නවාතැන්, කෑම බීම පහසුකම්. ඒ වගේම තරගාවලියෙන් පසුව රට ඇතුළේ කරන සංචාරක අවස්ථා. දෙවැනි කාරණය තමයි දේශීය තරගකරුවන්ට ලැබෙන උත්තේජනය. ඔවුනට ජාත්‍යන්තර තරගකරුවන්

සමඟ තරග කරලා ලැබෙන පුහුණුව. එවිට විදේශිය පුහුණු කරුවන් උදෙසා වැය කරන විදේශීය විනිමය බොහෝ දුරට රටට ඉතිරි වෙනවා.

ආර්ථික සංවර්ධනය යනු මුදල කේන්ද්‍රීය සාධකයක් වුණත් ක්‍රීඩා සං-වර්ධනය තුළින් ලැබෙන වක්‍රකාර විදේශීය විනිමය ක්‍රීඩා ආර්ථිකයේ නොපෙනෙන පැතිකඩක්. කවුරුවත්

මේ පිළිබඳ ව නිසි තත්ත්ව විශ්ලේෂ-ණයක් කර නෑ. එය කළ යුතු දෙයක්.

මම මේ ක්‍රීඩා ආර්ථිකය ගැන පෙර දැක්මක් ඇතිව කටයුතු කළ නිසයි මට සාර්ථක ව්‍යාපාරිකයකු වීමට හැකි වුණේ. මම ක්‍රීඩකයක් වුණා

ක්‍රීඩාව නිසා ව්‍යාපාරිකයෙක් වුණා. මම තවමත් ව්‍යාපාරිකයෙකු ලෙස උපයන දෙයින් කොටසක් ක්‍රීඩාවට යොද-වනවා.

මම වතාවක ප්‍රසිද්ධියේ පවසා සිටියා ක්‍රීඩා ආර්ථිකය මගින් ඩොලර් බිලියනයක් රටට ගෙන ඒමේ හැකියාව තිබෙනවා කියා. පසුගිය‍ වසංගත තත්ත්වය හමුවේදීත් සමීක්ෂණයක් කර බලන්න කොපමණ මුදලක් මේ වන විටත් රටට ලැබිලා තියෙනවාද කියලා. මේ විශ්ලේෂණ කටයුතු කරන අයටත් ඒ ගැන අවබෝධයක් නෑ. ඔවුන් දන්නෙ නෑ ක්‍රීඩා ආර්ථිකය යනු කවරක්ද කියා. ක්‍රීඩා ආර්ථිකය තුළින් රටට මුදල් ගලාගෙන එනවා පමණක් ම නොවෙයි රට ලෝකයට විවර විමට ද විශාල බලපෑමක් වෙනවා. මිලියන ගණන් වියදම් කොට රටේ කීර්තිය ලෝකය හමුවට ගෙන යනවාට වඩා වැඩි අවදානයක් ලෝක මට්ටමින් ගොඩනඟන තරගාවලියක් තුළින් ලබා ගත හැකියි.' යැයි ද පැවසීය.

ගීෂා මුණසිංහ

Comments