
ලලිත් චාමින්ද , ගාල්ල
ඒ 1979 වර්ෂයයි. එවකට බද්දේගම සමිත හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි විශ්වවිද්‍යාල සිසුවෙකි. තරුණ හිමිනමක් වූ සමිත හිමියන් ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධිත ලංකා ශිෂ්‍ය සම්මේලනයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියහ. රට පාලනය කරමින් සිටියේ එවකට හයෙන් පහක බලයක් හිමිවී සිටි ජයවර්ධන ආණ්ඩුවයි. ජයවර්ධන රජය මඟින් විරුද්ධවාදීන් මර්දනය කරමින් රට තුළ එකාධිපති පාලනයක් ගෙන යනු ලැබීය. ශිෂ්‍ය සංවිධාන ක්‍රියාකාරීන් හා විපක්ෂ ක්‍රියාකාරීන් ජයවර්ධන රජයේ දැඩි මර්දනයට හසුවී සිටියහ. සමිත හිමි සිසු අරගවලට නායකත්වය ලබා දුන් අතර ජේ. ආර් ජයවර්ධන රජයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව සටන් කළහ.
එජාප රජයේ මැර ජුන්ටන් විසින් 1977 අවසාන භාගයේ සිට කැලණිය විශ්වවිද්‍යාලයට අනවසරෙන් ඇතුළු වී වාමාංශික සහ ප්‍රගතිහීලී අදහස් දැරූ අදහස් දරු ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට දිගින් දිගටම වරින් වර පහර දෙන්නට වූහ. මේ සඳහා ගෝනවල සුනිල් ඇතුළු මැරයන් නායකත්වය ලබා දුන්හ. වසර 1978 මාර්තු 16දා ද ක්‍රිස්ටෝපර් ජයතිලක නැමැත්තා තවත් මැරයන් 40 පිරිසක් සමඟ කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වී ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට අමානුෂික ලෙස පහර දෙන්නට වූහ. දිගින් දිගටම මැරකල්ලියේ පහර දීම් ඉවසා සිටීමට බැරිම තැන සමිත හිමියන් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඒ සඳහා මුහුණදීමට සංවිධානය වූහ. මෙකී ප්‍රතිප්‍රහාර හමුවේ ඇතැම් ජුන්ටා මැරයින් තම පණ බේරගෙන පැන යන්නට වූහ. මෙකී ගැටුමේ දී ක්‍රිස්ටෝපර් නැමැති දාමරිකයා විශ්වවිද්‍යාල භුමියේ දි මිය ගියේය. මැරයාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට 1978 මාර්තු 19වැනිදා එජාප නායකයා වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද සහභාගිවිය. මෙකී සිද්ධියට සැකපිට බද්දේගම සමිත හිමියන් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණි. සමිත හිමියන් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් ජිවිත ආරක්ෂාව පතා සැඟවිණි.
මේ අතර සමිත හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් බද්දේගම ප්‍රදේශය පුරා පොලිස් කණ්ඩායම් යොදවමින් කැළෑ පීරන්නට විය. ‘බද්දේගම සමිත නැමති භික්ෂුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය බද්දේගම කැළෑ පීරයි‘ යනුවෙන් සඳහන් සිරස්තලවලින් එවකට දිනමිණ පුවත්පත හැඩවී තිබුණි.
එවකට බලයේ සිටි ජයවර්ධන ආණ්ඩුව ක්‍රිස්ටෝපර් ජුන්ටා දාමරිකයා විරයකු ලෙස හැඳින්වීය. හයෙන් පහක බලයක් හිමිව තිබූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ පොලිස් ලොක්කන්ට සමිත හිමි අත්අඩංගුවට ගැනීමට නොහැකි වූහ. පසුව සමිත හිමි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, බැටී වීරකෝන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් මඟින් පොලිසියට බාරවූ අතර වසර දෙකක කාලයක් සමිත හිමි ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් බෝගම්බර හිරගෙදර ගත කරන්නට සිදු වූහ. සමිත හිමියන් ඇතුළු ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි වූ අතර පසුව පැවති නඩු විභාගයේ දී සමිත හිමියන් සියලු චෝදනා වලින් නිදහස් වූහ.
සමසමාජ නායකයින් විසින් ලංකා සමසමාජ පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ සමිත හිමියන්ට රුසියාවේ ලුලුම්බා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරිමට ඉඩකඩ විවර කර දුන්හ. එහෙත් ජේ. ආර් ජයවර්ධන රජය මඟින් ඒ සඳහා ඉඩ ලබා නොදුන්නේය. පසුව බද්දේගම සමිත හිමි එංගලන්තයේ ලැන්කෙස්ටර් විශ්වවිද්‍යාලයට ඇතුළු තුලනාත්මක ආගම් හා දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් හිමි කරගනු ලැබීය. සමිත හිමි සිංහල භාෂාව පමණක් නොව චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට උපන් හපන්කමක් දැක්වූ හිමිනමක් වූහ. සමිත හිමියන් යළි මෙරටට වැඩම කරන්නේ 1988 වර්ෂයේ දී ය. එවකට රට තුළ පැවතියේ භීෂණයකි. රට භිෂණයෙන් ගිනියම් වෙමින් පැවතුණි. තරුණයන් ටයර් සෑයවල පිලිස්සෙන්නට විය. මිනී කන්නන්ගේ දේශය බවට මේ පුංචි දිවයිනට නම් පටබැඳී තිබුණි. සමිත හිමි මෙරටට පැමිණ ටයර් සෑයන්වල දවාලීමට සිටි තරුණයන් විශාල පිරිසකට ජිවිත දානය ලබාදීමට කටයුතු කළහ. භිෂණ සමයේ දී අත්අඩංගුවට ගත් තරුණයන් බේරා ගැනීම සඳහා උන්වහන්සේ යුද හමුදා කඳවුරක් කඳවුරක් ගානේ වැඩම කළහ. ඒ සඳහා අභීතව නැඟී සිටියහ. දේහධාරී සිරුරකින් හා මහා පෞරුෂත්වයකින් හෙබි සමිත හිමියන් නිර්ධන පන්තිය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටියහ.
ඉන්පසුව පැවති මහ මැතිවරණවලදි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමිත හිමියන්ට නොහැකි වුව ද 2006 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයට තරගකොට යළි බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරයට පත්වූහ. 2009 හා 2014 යන කලවකවානු වල දකුණු පළාත් සභාව නියෝජනය කළ බද්දේගම සමිත හිමි ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකවරයකු හා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළහ.
ආගමික ශාසනික හා දේශපාලනික වශයෙන් සුවිශේෂි වූ කාර්යභාරයක් කරමින් සිටි බද්දේගම සමිත හිමියන් කිසිවෙක් නොසිතූ නොපැතූ අයුරින් කොරෝනා මාරයාට බිලි වූහ. බද්දේගම සමිත හිමියන් අපවත් වනවිට 69 හැවිරිදිවියේ පසුවූහ. කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් උන්වහන්සේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ. අගමැති මහින්ද රාජපක්ෂයන් ද නිරන්තරයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ කතාබස් කරමින් සමිත හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලීය. මේ අතර උන්වහන්සේ සුවය ලබා බද්දේගම ගොතටුව ශ්‍රීපාද චෛත්‍යාරාම විහාරස්ථානයේ දින 10ක පමණ කාලයක් වැඩ සිටියහ. උන්වහන්සේ අපවත්වීමට දින දෙක තුනකට පෙර ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරල සමිත හිමියන්ට දුරකථනයෙන් කතා කර සුවදුක් විමසුවේය. සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයාට සමිත හිමි ආමන්ත්‍රණය කළේ හිච්චි පුතා යන ආදර නාමයෙනි. මට දැන් හොඳයි හිච්චි පුතේ. මාව කොළඹ ගෙනියන්න ගොඩක් අය උත්සාහ කරනවා... සමිත හිමියන් මන්ත්‍රීවරයාට පැවසා ඇත.
කෙසේවුවද යළිත් වතාවක් සමිත හිමියන් කොවිඩ් සමඟ සටන් කරමින් සිටියහ. උන්වහන්සේට විහාරස්ථානය තුළදී හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වූහ. සමිත හිමියන් ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබීය. එ් රෝහල මඟින් උන්වහන්සේ මාතර නගරයේ පිහිටි පුද්ගලික රෝහලක් වෙත මාරුකොට යැවීමට කටයුතු කළේය. එකී පුද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ශ්වසන ආධාරක සහිතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූහ.
කොරෝනා වසංගත සමයේ වුවද උන්වහන්සේ තම දායක පින්වතුන්ගේ අවමංගල උත්සව වලට වැඩම කළහ. ඒ විතරක් නොව කොරෝනා වයිරසයට ගොදුරු වී සිටි තම හිතවතුන්ට දායක පින්වතුන්ට නිරන්තරයෙන් දුරකථනයෙන් කතා කරමින් සුවදුක් විමසනු ලැබීය. කොටින්ම කිවහොත් බද්දේගම සමිත හිමියන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ එක් සලකුණකි. බද්දේගම සමිත හිමි 1952 සැප්තැම්බර් මස 14 වැනිදින ඕපාත නයිදුව වත්තේ දී උන්වහන්සේ උපත ලැබුහ. 1965 වර්ෂයේ ජුනි මස 24 වැනිදින පැවදි දිවියට අතුළත්වූ සමිත හිමි 1972 වර්ෂයේ ජුනි මස 25 වැනි දින උපසම්පදාව ලැබූහ. අපවත් වී වදාළ ගණේගම ශ්‍රී සරණංකර නාහිමියන්ගේ ශිෂ්‍යරත්නයක් වූ උන්වහන්සේ මුලික අධ්‍යාපනය ඕපාත රජයේ විදුහලෙන් බද්දේගම රතනසාර විද්‍යාලයෙන් හා බද්දේගම රතනසාර විද්‍යා පිරිවෙනින් ලැබූහ.
‘සමිත හාමුදුරුවෝ අපේ තාත්තාගේ නංගිගේ පුතා. උන්වහන්සේ උපත ලැබුවේ නයිදුව වත්තේ. කුඩා කාලයේ දී අපිත් සමඟ තමයි පාසල් ගියේ කුඩා කාලයේ දි අපිත් සමඟ සෙල්ලම් කරමින් කෙළිලොල් ජිවිතයක් ගත කළා. ඒ අතීතය මට තවමත් මැවිලා පේනවා. උන්වහන්සේ ඕපාත ගමේ කුමන කටයුත්තකට පැමිණියත් මම ඉපදුණේ ඕපාත නයිදුව වත්තේ කියලා කියනවා. සමිත හිමියන්ගේ අපවත් වීම අපිට දරාගන්න බැහැ. උන්වහන්සේ අපිට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි; නැතිබැරි අය වෙනුවෙන් උන්වහන්සේ නිරන්තරයෙන් උදව් කළා‘
යැයි සමිත හිමියන්ගේ ඥාති සහෝදරියක් වන ගාල්ල ඕපාත පදිංචි චන්ද්‍රාජයන්ති ලියනගේ පැවසුවාය.
සමිත හිමියන් මෙරට සමාජය තුළ වැඩිබරක් තබනු ලැබුවේ ජාතීන් අතර සමානාත්මතාව ආගම් අතර සමානාත්මතාව ඇති කිරීම සඳහා මෙන්ම මේ සමාජය තුළින් කුලභේදය හා පන්ති භේදය ඉවත්කිරීම සඳහාය. එය උන්වහන්සේගේ දර්ශනය විය. ඒ විතරක් නොව බුද්ධිමත් දරු පරපුරක් බිහිකිරීම දරුවන්ට කියවීම හුරුකිරීම, දුප්පකම තුරන් කිරීම වෙනුවෙන් උන්වහන්සේ කැපවී කටයුතු කළහ. සෑම වර්ෂයකම බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය සඳහා දරුවන් රැගෙන යාමට උන්වහන්සේ කටයුතු කළහ. එපමණක් නොව සුනාමි ඛෙදවාචකය අප කාටත් අමතක නැත. ඒ අවස්ථාවේදී සමිත හිමි පිඩාවට පත් ජනතාවට පිහිට වූහ. මියගිය අයගේ මළ කඳන් ලොරි රථවලට පැටවීමට ද උන්වහන්සේ සක්‍රිය ලෙස දායක වූහ.
උන්වහන්සේ තුළ ජාති ආගම් බේදයක් නොතිබුණි. පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කටුවාපිටිය පල්ලිය වෙත ගොස් විපතට පත් ජනතාවට පිහිට වූහ. ආගම් අතර, ජාතීන් අතර සමගිය සහජිවනය ඇති කිරීමට උන්වහන්සේ කටයුතු කරනු ලැබීය. මුස්ලිම් පල්ලිවල සමිත හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ශෝක ප්‍රකාශ සහිත බැනර් එල්ලා තිබුණේ ඒ නිසා ය. සමිත හිමි ජාත්‍යන්තර වශයෙන්ද සම්බන්ධතා තිබූ හිමිනමකි. 2002 වර්ෂයේ දි ජපානයේ පැවති හිරෝෂිමා සමුළුවේ සභාපතිත්වය දරනු ලැබුවේ සමිත හිමියන් විසිනි. උන්වහන්සේ විදේශීය දානපතියන්ගෙන් උදව් ලබාගෙන මෙරට දුගි දුප්පත් ජනතාව වෙනුවෙන් උදව් කළහ.
බද්දේගම සමිත හිමියන්ගේ ආදාහන කටයුතු නිරෝධායන නීතිරීතිවලට අනුකුලව බද්දේගම ආදාහනාගාරයේ දි මැයි 30 වැනිදින පස්වරුවේ දි සිදුකරනු ලැබීය. ආදාහන කටයුතු සිදුකිරීමට පළමුව සමිත හිමියන් වෙනුවෙන් බද්දේගම නගර ශාලවේ දී මතක වස්ත්‍ර පුජා කිරිම ඇතුළු ආගමික කටයුතු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සිදුකරනු ලැබූහ. මේ සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති අකුරැටියේ නන්ද, බද්දේගම දුටුගැමුණු රජමහාවිහාරාධිපති ගාලු කොරලයේ හා ගඟබඩපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක වැලිවිටියේ සුමන, විශ්‍රාමලත් විදුහල්පති ලේල්වල ජිනවංශ නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා වැඩම කොට සිටියහ.
රේමන් වික්‍රමසිංහ පියතුමා ඇතුළු පියතුමන්ලා කන්‍යා සොයුරියන්, අන්‍යආගමික පුජකවරුන්, ඇතුළු දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ, ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමති මොහාන් පි ද සිල්වා, මන්ත්‍රිවරුන්වන ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකොරල, ලසසප නියෝජ්‍ය ලේකම් අනිල් සොයිසා ඇතුළු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.