ප්‍රවීණ පරිවර්තක හා ලේඛක ප්‍රේමසිරි මාහිංගොඩ මහතා ලියූ අලුත්ම නවකතාව ‘ආදරයේ සත්‍ය කතාවක්’ පසුගියදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්රදර්ශනාගාරයේදී නිකුත් කෙරිණි.
ආරම්භයේ සිට අවසානය දක්වාම කතාව ගොඩනැඟී ඇත්තේ සත්‍ය සිදුවීම් වැලක් පාදක කොට ගෙන ය. අදාළ සිදුවීම්වලට පසුබිම් වූ සමාජ - දේශපාලන වටපිටාව පිළිබඳ ඉඟියක් ද කතාව තුළ ගැබ් වී ඇත.
ඒ අනුව අදාළ කාල පරිච්ඡේදය පිළිබඳ ඉතිහාසයේ පැතිකඩක් ඉන් නිරූපණය වෙයි.