
කර්තෘ: හෙ.වි.කුලසේකර
මිල: රු. 400
ප්රකාශනය: කර්තෘ ප්රකාශනයකි
‘බොරුකකුල්කාරයෝ’ බඳු චිත්තාකර්ෂණීය ළමා විත්ති පොත් පබඳමින් යොවුන් සාහිත්‍යයෙහි තම නම නොමැකෙන ලෙස සලකුණු කළ කතුවරයා විසින් රචිත අලුත්ම නවකතාවයි. වෙනස්ම පෙනුමක් සහිත දැරියක දිරියෙන් දිවියට මුහුණ දී, අභියෝග තරණය කරමින් ජීවිතය ජය ගන්නා අන්දම නිරූපිත මේ ප්‍රබන්ධය මඟින් කතුවරයා සියුම් චිත්ත විවරණයක යෙදෙනු පෙනේ. සපරගමු-රුවන්පුර ලේඛක පරපුරෙහි දිවමන් ජ්‍යෙෂ්ඨයකු වන හෙ.වි. කුලසේකර රාජ්‍ය සාහිත්‍ය සම්මාන (1991), කලාභූෂණ (2006) ඇතුළු විවිධ ඇගයුමට ලක් වූ පරිණත ලේඛකයෙකි.