රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය 12 වැනිදා ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන් | Page 5 | සිළුමිණ

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය 12 වැනිදා ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන්

2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය සැප්තැ­ම්බර් මස 12 වැනිදා, බෘහ­ස්ප­තින්දා ප.ව. 3.00 ට ජනා­ධි­පති අති­ගරු මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් හා නිවාස, ඉදි­කි­රීම් හා සංස්කෘ­තික කට­යුතු අමාත්‍ය සජිත් ප්‍රේම­දාස මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ අන්ත­ර්ජා­තික සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පැවැත්වේ. මේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී 2018 වර්ෂය තුළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා­ත්‍ර­යෙන් ම ප්‍රකා­ශිත විශි­ෂ්ට­තම නිර්මා­ණා­ත්මක ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කළ ලේඛක ලේඛි­කාවෝ රාජ්‍ය සම්මා­න­යෙන් බුහු­මන් ලබති. නව­කතා, කෙටි­කතා, කාව්‍ය, ගීත, නාට්‍ය, යොවුන් සාහි­ත්‍යය, ළමා සාහි­ත්‍යය, විද්‍යා සාහි­ත්‍යය, සිනමා හා රූප­වා­හිනී නිර්මාණ සාහි­ත්‍යය යන සාහිත්‍ය ක්‍ෂේත්‍ර­වල ස්වතන්ත්‍ර හා පරි­ව­ර්තිත සාහිත්‍ය කෘති ද ශාස්ත්‍රීය හා පර්යේ­ෂණ ස්වතන්ත්‍ර හා පරි­ව­ර්තිත කෘති ද විවිධ විෂ­යක ග්‍රන්ථ යටතේ මානව ශාස්ත්‍ර, සමාජ ශාස්ත්‍ර හා පරි­ව­ර්තිත කෘති ද සඳහා ද මෙහිදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදා­නය කරනු ලැබේ.

එමෙන්ම, සාහිත්‍ය ක්‍ෂේත්‍රය වෙනු­වෙන් කළ දීර්ඝ­කා­ලීන සේවා දාය­ක­ත්වය උදෙසා පිදෙන උස­ස්තම රාජ්‍ය සම්මා­නය වන සාහි­ත්‍ය­රත්න අභි­ධා­නය ද සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ක්‍ෂේත්‍ර සඳහා ජ්‍යෙෂ්ඨ සාහි­ත්‍ය­වේ­දීන් තිදෙ­නෙ­කුට ප්‍රදා­නය කෙරේ. සාහිත්‍ය ක්‍ෂේත්‍ර­යට අදාළ ව විවිධ පර්යා­ලෝක ඔස්සේ රචිත ශාස්ත්‍රීය ලේඛන පන­හ­කින් සම­න්විත ‘සාහි­ත්‍යය විශේෂ කලා­පය’ ද මෙදින එළි­දැ­ක්වී­මට නිය­මිත ය.

චන්න විජේ­ව­ර්ධන, රවි­බන්ධු විද්‍යා­පති ඇතුළු ප්‍රවීණ නර්තන ශිල්පීන්ගේ නර්ත­නාං­ග­ව­ලින් ශෝභා­වත් වන රාජ්‍ය සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය මෙවර පැවැ­ත්වෙන්නේ හැට­දෙ­වැනි වරට ය. රාජ්‍ය සාහිත්‍ය උප­දේ­ශක මණ්ඩ­ලය, ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලය, සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව හා නිවාස, ඉදි­කි­රීම් හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය එක් ව මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය සංවි­ධා­නය කරයි.

 

Comments