
(මෙහි මුලු කොටස නොවැම්බර් 5 වැනිදා පල විය.)
මේ සෙනසුරු කියන්නෙ හැම වෙලේම නරකක් මිසක් හොඳක් කරන්නෙ නැති ගර වනහයෙක් විදිහට තමයි සලකන්නෙ. පොදුවේ ගත්තම සෙනසුරුගෙ උපරිම හොඳ කියන්නෙ නරකක් නොකර ඉඳීම. එහෙම නැතිව සෙනසුරුගෙන් යහපත් ලැබීම් කියල දෙයක් නෑ. ඒ නිසා යම් කිසි කෙනකුට සෙනසුරු අපලයක් තියේ නම් ඒක ඵල දෙනවා, නැත්නම් නිහඬවම මුකුත් නොකර ඉන්නවා. ඒ නිහඬ වීම තමයි සෙනසුරුගෙ උපරිම හොඳ කියන්නෙ. එහෙම නැතිව පිං ඵල දෙන ස්වභාවයක් නෑ.හැබැයි ලෞකික කටයුතුවලදි සෙනසුරු අපලය නරකට බලපෑවට, පුණ්යං කටයුතුවලට ඒ බලපෑම හොඳට හිටිනවා. එ් කියන්නෙ නරකත් හොඳට හිටිනවා. ඒ නිසා සෙනසුරු ඒරාෂ්ටක තියෙන කාලයක මහණ කරන්න කියලත් කියනවා. මොකද සෙනසුරු දුක් කරදර දෙන කොට පරයෙනඥාව වඩන්න, සසර ස්වාභාවය තේරුම් ගන්න, අනිච්චතාවය මෙනෙහි කරන්න ඒක උපනිශරන කයක් වෙනවා. එතකොට ඒකෙන් අත්දැකීම් ලබන්න පුළුවන්. දහම්තේරුම් ගත්ත කෙනෙක්, ලෝකයේ තියෙන දුක් ස්වභාවය නිතර නිතර අත්දකින කොට, ලෝකයට ඇලෙනබැඳෙන ගතිය කරුම්මයෙන් අඩු වෙනවා, අසාර බව වැටහෙනවා. නමුත් සාමාන්යු කෙනෙකුට දුක් කරදර වැඩි වෙන කොට දහම් අවබෝධයක් නැති නිසා තව තවත් ගැටෙනවා, දුක් වෙනවා.
එතකොට මේ ඒරාෂ්ටක තුනේ බලපෑම ගත්තම, ලග්න ඒරාෂ්ටකයෙදි උන් හිටි තැන් අහිමි වීම්, උපන් ස්ථානය දාල යන්න සිද්ධ වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ජන්ම ඒරාෂ්ටකයෙදි සඳු හිතට වද දෙනවා. යම් කිසි කෙනෙක්ගෙ ජීවිත පැවැත්ම මුල් කර ගෙන ඉහට බලපාන අවස්ථාවක්. හිතේ අමාරුකම්, නොයෙක් මානසික වද වේදනා, චිත්ත පීඩා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අෂ්ටම ඒරාෂ්ටකයෙදි ජීවිතය හානි වෙලා වැනසෙන්න පුළුවන්. එහෙම නැත්නම් අත පය කැඩිල, අනතුරුවලට භාජනය වෙන්න පුළුවන්. එතකොට මේ තුනෙන් දරුණුම එක තමයි අෂ්ටම ඒරාෂ්ටකය කියන්නෙ. ඒක තමයි පරෙන්ධාන වශයෙන් මාරක අපල කියන්නෙ.
ඒ වගේම මේ ඒරාෂ්ටක 3 සාමාන්‍යයෙන්ලයෙන් කාල තුනකදි තමයි එන්නෙ. එහෙත් දෙකක් එකට යෙදෙන අවස්ථාත් තියෙනවා. ඒත් ලග්න ඒරාෂ්ටකය සහ අෂ්ටම ඒරාෂ්ටකය කියන දෙක එකට යෙදෙන්නෙ නෑ. එහෙත් ජන්ම ඒරාෂ්ටකයෙදි දිගටම සඳු ගමන යන නිසා ඒක තවත් ඒරාෂ්ටකයක් එක්ක එකට යෙදෙන්න පුළුවන්. උදාහරණ විදියට සඳු 5 වැන්නෙ හිටියොත්, ඊට කලින් සෙනසුරු 4 ට එනකොට ජන්ම ඒරාෂ්ටකය ආරම්භ වෙනවා. සෙනසුරු 5 පහු කළාට පස්සෙ සඳුගෙ ජන්ම ඒරාෂ්ටකයේ බලවත් කොටස පහු කරනවා. 6 ට ආවට පස්සෙජන්ම ඒරාෂ්ටකය ගෙවීම ආරම්භ වෙනවා. ඒ සියල්ලටම අවුරුදු 7 1/2 ක් විතර යනවා. ඒත් එක්කම අෂ්ටම ඒරාෂ්ටකය ආරම්භ වෙනවා. එතකොට ජන්ම ඒරාෂ්ටකය පහුවෙනවත් එක්කම අෂ්ටම ඒරාෂ්ටකය ආරම්භ වෙනවා.
ඒ වගේම සෙනසුරු 7 ඉඳල 8 ට සහ 9 එනකොට ඊට පස්සෙ 10 තමයි සඳු ඉන්නෙ. ඒ කියන්නෙ ජන්ම ඒරාෂ්ටකයක් එනවා. ඊළඟට සෙනසුරු 11 ට යන කොට සඳුගෙ අවසන් කාලය. ඊට පස්සෙ නැවතත් සෙනසුරු 12 ට එනකොට ලග්න ඒරාෂ්ටකය පටන් ගන්නවා. එහෙම වුණොත් හරි භයානකයි. ඒ කියන්නෙ උපතින් 4 සහ 10 වැන්නෙ සඳු ඉන්න අයට. ඒ වගේ පුද්ගලයෙකුට එක දිගට වැල නොකැඞී අවුරුදු 22 1/2 ක් පමණ යන කල්ම ඒරාෂ්ටක පරම්පරාවක් එන්න පුළුවන්. සමහර විට විශේෂයෙන් පාප කර්ම කරල තිබිච්ච කෙනකුට එහෙම එකක් ආව නම්, ඒ හේතුවෙන් වගතුවක් ඇත්තෙම නෑ. ජීවිත කාලයෙන් බාගයක් යන කල්ම දුක් විඳින්න වෙනවා. හැබැයි ඒ කාලෙ එහෙම විශේෂ පාප කර්ම කරල නොතිබුණා නම් ඒ වගේ තත්ත්වයක් එන්නෙ නෑ.
ඒ නිසා මේ මොන ඒරාෂ්ටක කාලයක වුණත්, ඒකට ගැලපෙන පාප කර්ම කරල තිබුණොත් තමයි ඒ වගේ විපාකයක් ඇදිල එන්නෙ. මෙතනදිත් සමනන්තර අනන්තර පරල තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. සමාන අන්තරයක් වර්තමානයේ සකස් වුණාම, පෙර කරපු අනන්තරයක් තිබුණොත් ඒක ඇදිල එනවා. එතකොට මේ වගේ ඒරාෂ්ටක කාලයකදි සමනන්තරයක් ස්වාභාවයෙන්ම හැදෙනවා. ඒ කියන්නෙ ඒරාෂ්ටක කාලයමයි සමනන්තරය වෙන්නෙ. ඒ නිසා ඒක විපාක දෙන්න නම් ඊට ගැළපෙන අනන්තරයක් ඇදිල එන්න ඕන. ඒ කාලෙඅනන්තරයක් විදියට පාප කර්මයක් කරල ඵල දෙන්න සකස් වෙලා තිබුණේ නැත්නම් සමනන්තරය නිකං ගෙවිලයනවා. ඒ නිසා කාටවත් කියන්න පුළුවන් කමක් නෑ, අහවල් කාලෙදි ඒකාන්තයෙන්ම අපල වෙනව කියල. ඒ නිසාම තමයි බුදු දහමෙ පෙන්වල තියෙන්නෙ, කර්මයට මුල් තැන දෙනව මිසක් ගරවෙනහයින්ට මුල් තැන දෙන්නෙ නෑ කියල. එහෙත් මේ කාරණය නොදන්න, එහෙම නැත්නම් වැරැදියට තේරුම් ගත්තු සමහර මෝඩ උදවිය, ගරති හතාරකාවලින් අපට කරදර කරනව කියල දොස් කියනවා.
තමන් කරපු පාප කර්ම තමන්ට ඵල දෙනව මිසක් ගරතේරහ තාරකා මොනව කරන්නද කියල බුදුන් වහන්සේ පෙන්වා දුන්නෙ ඔය කාරණය උඩ. නමුත් ඒ බුද්ධ දේශනාවත් වැරදියට තේරුම් ගත්තු සමහර උදවිය, ගරන් හ තාරකාවලින් කිසිම බලපෑමක් එන්නෙ නෑ කියල මෝඩ අදහස් ගන්නවා. හැබැයි බුදුන්රජාණන් වහන්සේ කිව්වෙ එහෙම කාරණයක් නෙවෙයි. ඒ වගේ වෙලාවකදි තමන් කරපු පව් ඇදිල එන ලෝක ස්වභාවයක් තියෙනවා. එහෙත් ඒ වෙලාවෙදි මිනිස්සු ඒ කාරණය තේරුම් ගන්නෙ නැතිව ගරන ලබයන්නන්ට දොස් කියනවා. තමන්ට වෙච්ච ඔක්කොම කරදර ගරහන්නන්ට පටවනවා. මට මහ කාලකණ්ණි ගර ස්හයෙක් ලබල තියෙන්නෙ, කරන මොකක්වත් හරි යන්නෙ නෑ කියල ගරවාේහයින්ට බනිනවා. එහෙම නැත්නම් පෙළක් අයට හරි යන කොට, මට අහවල් ගරනෑ හය නිසා තමයි හරි ගියේ කියල එහෙම අදහස් ගන්නවා. මෝඩකම නිසාම තමයි ඒ වගේ අදහස් ගන්නෙ. උඹල කරගත්තු පාප කර්ම උඹලට ඵල දෙනව මිසක් ගර ක හයො මොනව කරන්නද කියල බුදුන් වහන්සේ ඇහුවෙ ඒ නිසා. එහෙම නැතිව ගරදෙනහයින්ගෙ බලපෑමක් නෑ කියල උන් වහන්සේ දේශනා කළේ නෑ.
දැන් එතකොට මේ ඒරාෂ්ටකවල ශාස්ත්‍රානුකූල සහ ධර්මානුකූල පැත්ත තමයි කෙටියෙන් විග්‍රහ කළේ. ඉතින් ඒ විදියට ධර්මානුකූලව තමන්ට අපල එන හැටි දැනගත්තම, ඊළඟට ඒකට ප්‍රතිකර්මයක් කරන්න ඕන වෙනවා.හේතුඵල දැනගෙන කරන ප්‍රතිකර්ම බොහොම සාර්ථකයි. අන්න ඒ වගේ මේ ඒරාෂ්ටක තියෙන හැමෝටම පහසුවෙන් කරගන්න පුළුවන් ප්‍රතිකර්මයක් තමයි,දැන් මේ ඉදිරිපත් කරන්නෙ. ඒ කියන්නෙ සමහර අයට මේ වගේ ඒරාෂ්ටක ආවම, කරන කියන මුකුත් හරියන්නෙ නෑ. නොයෙක් දුක් කරදර එනවා. සමහර ලෙඩරෝග ආවම කොච්චර උත්සාහ කළත් වෛද්‍යවරුන්ටත් ලෙඬේ අහු වෙන්නෙ නෑ. එහෙම නැත්නම් දෙන බේත් පත්තියන් වෙන්නෙ නෑ. ඒ වගේම සමහර වෙලාවට සාමාන්‍ය ක්‍රමවලින් අරින්න බැරි අමනුස්ස රෝග පවා විවිධ හේතු උඩ එන්න පුළුවන්. කර්ම විපාක නිසා කිසිම භේදයක් නැතිව කාට වුණත් එහෙම එන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවලදි කරන්න පුළුවන් සෙනසුරු පූජාවක් තමයි මේ ඉදිරිපත් කරන්නෙ. මේ සෙනසුරු පූජාව ඉස්සර ඉඳන් ආපු පැරැණි ක්‍රමයක්. ඒක යටපත් වෙලා ගිහින්, පුස්කොළ පොතක තිබිල නැවත මතු වෙලා වහරක අභය රතනාලංකාර හිමියන් විසින් ගිහි කාලෙ අත් හදා බලපු සාර්ථක ක්‍රමයක්.
මේ පූජා ක්‍රමයෙදී සෙනසුරු මුල් කර ගෙන එක දිගට දාන 7 ක් දෙන ක්‍රමයක් තියෙනවා. එතකොට මේ දානෙ දෙන්නෙ කාටද කියන කාරණයත් ඉස්සෙල්ලම පැහැදිලි කර ගන්න ඕන. කලින් කිව්ව වගේ, කෙනෙක්ගේ මනස හුරු කළා කියන්නෙ, තවත් කෙනකුට විනාසයක් කරන්න ලෑස්ති කළා කියන එක. එතකොට ඒකට භාජනය වෙන අය සාප කරනවා. ඒ කියන්නෙ තමන්ට කරපු අසාධාරණයට නිතරම බනිනවා, දොස් කියනවා. එහෙම සාප කර කර ඉඳල පළි ගන්න බලාගෙන ඊට සුදුසු තැන්වල ඉපදෙනවා. ඕකගෙන් පළි අරන් මිසක් මම නවතින්නෙ නෑ කියල ඒ පුද්ගලයගේ අගුණමයි කියන්නෙ, ඒ පුද්ගලය හූරගෙන කන්නමයි බලාගෙන ඉන්නෙ.
එහෙම ඉන්න කොට කවද හරි මැරිල ගිහින් කාක්කො, බල්ලො වගේ සත්තු වෙලා ඉපදෙනවා. එතකොට ඒකට ගැළපෙන දෙයක් අද ඉන්න අයත් කරල තිබුණොත්, ඔය වගේ කර්ම විපාක ගෙවන්න සංසාරෙ රවුම් ගහල ගහල දැන් නැවතත් මනුස්සයො වශයෙන් ඉපදිලා ඉන්න පුළුවන්. මොකද කෙනෙක් තව කෙනකුට නිකම්ම බනින්නෙ, දොස් කියන්නෙ නෑ. දැන් තමන් නොදන්න දේකට අභූත චෝදනා නැඟීම වෙනම කාරණයක්. එහෙත් අන් පුද්ගලයකුට පෙර අවැඩක් කළා නම් ඒකට විපාක විදියට, දැන් තමන් හොඳට හිටියත් බැනුම් අහන්න පුළුවන්. නිතර නින්දා අපහාස ලබන්න පුළුවන්. වර්තමානයේ නොවුණත් ඒකට තමනුත් කවද හරි මුල් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒකට හේතුවක් හදාගෙන තියෙන නිසාම තමයි, මං ඕකගෙන් ජාති ජාතිත් පළිගන්නව කියල පෙළක් අය කියන්නෙ. එහෙම හේතු තියේ නම් විශේෂයෙන්ම බල්ලො කපුටො වෙලා පළිගන්න එනවා.
ඒ බලු කපුටු සංඛාර තමයි ඒ අය වඩන්නෙ. අපි කෙනකුට අවැඩක් අසාධාරණයක් කළොත්, කෙනෙක්ගෙ දෙයක් කඩා වඩා ගත්තොත්, මට මේ කරපු අපරාධයට, ඕකුන්ට හොඳක් වෙන්න එපා කියල ඒ අය සාප කරනවා. එතකොට සාප කරන මනුෂ්‍යයා එක්කෙනෙක්. තමන්ට කෙනෙක් ගැහුව බැන්න කියල, ඒකට පෙරලා ගහන බනින මනුෂ්‍යයා අනිත් කෙනා. කාපු තැන පුට කිරීම කපුටා කියන්නෙ එක සංඛාර කොටසක් විතරයි. එහෙත් එකක් නෙවෙයි, ඒකට මේ වගේ විවිධ හේතු තියෙනවා. බහ අලු කරපු නිසා බලු වෙනව කිව්වමත් ඒ කාරණයත් විවිධාකාරයි.
උදාහරණ විදියට යම් කිසි කෙනෙක් යහපත් විදියට කටයුතු කර ගෙන ඉන්න කොට, ඒ පුද්ගලය ළඟ සේවකයෙක් විදියට වැඩ කරන කෙනෙක්ගෙ පොඩි වරදක් දැකල, පලයන් යන්න උඹට පඩි දෙන්නෙ නෑ කියල පන්න ගන්නවා. දැන් ඒ මනුස්සයට මාසයක් පඩි දෙන්නෙ නැතිව පන්න ගත්තොත් මොකද වෙන්නෙ? ඕක මගෙ අන්තිම පඩියත් දුන්නෙ නෑ, ඕකට නම් හෙණ ගහනව කරපු අපරාදෙට කියල බැන බැන යනවා. ගිහින් නින්දා කරනවා, සාප කරනවා. මෙච්චර කල් කාපු එකේවත් ගුණයක් නෑ. කාපු තැන පුට කරන එක අවස්ථාවක්තමයි ඒ. සමහර විට ඇත්තටම ඒ පුද්ගලය අතිනුත් මොනව හරි වරදක් වෙලා තියෙන්න පුළුවන්. නිකම්ම පැන්නුවත් නෙවෙයි. වැඩ කරන තැන යම් කිසි බඩු මුට්ටුවක් කඩල පාඩු කරල තියෙන්න පුළුවන්. එතකොට උඹ මේකෙ අලාභය මට ගෙවපන්, නැත්නම් පලයන් කියන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවෙ ඒ මනුස්සය දිහා සානුකම්පිතව බලන්නෙ නැතිව පන්න ගත්ත නම්, කල්ල සුක්ඛං කල්ල සුක්ඛ විපාකං කියන පිං පව් මිශ්‍රණයක්. ඒ පුද්ගලයටත් කවද හරි එනවා.
ඒ වගේ වෙලාවට අර පුද්ගලය බල්ලෙක් හෝ කපුටෙක් වෙලා ගන්ධබ්බ ලෝකෙ ඉඳගෙන හරි සාප කර කර ඉන්න පුළුවන්. ඒ ගති ලක්ෂ ණය පුද්ගලය මැරුණත් තියෙනවා. සමහර විට අපි හිතන් ඉන්නෙ බලු කපුටො කිව්වම, මේ භෞතික ලෝකෙ අපේ මස් ලේ ඇහැට පේන බලූ කපුටො විතරයි කියල. එහෙත් මිනිස් ඇඟ - බලූ කපුටු ඔළුව, බලු කපුටු ඇඟ - මිනිස් ඔළුව තියෙන ගන්ධබ්බ සත්තු ඉන්නවා. ඒ තමයි සෙනසුරුගෙ පිරිස. බලු කපුටු වෙන්න ඉන්න අය. බලු කපුටු ගතියෙන් බාගයක් තියෙනවා. ඉතිරි ටික තාම පරිවර්තනය වෙනවා. ඒ වගේ උන් ගන්ධබ්බ ලෝකෙ ඕන තරම් ඉන්නවා. උන් සමහර විට නොපෙනෙන පැතිවලින් මනුස්සයින්ට හිංගි හිංසා කරනවා, සාප කරනවා.
උදාහරණ විදියට විවිධ ස්වරූපයෙන් ඇවිත් මනුස්සයෝ බය ගන්වන්න පුළුවන්. ඒ නිසා තමයි සමහර අය තමන්ට බල්ලො පේනවා, සත්තු කොටනවා, ඇඟට කටුස්සො පනිනවා, කළු බල්ලො ඇවිත් ඇඟට පනිනවා... ආදී වශයෙන් කියල කෑ ගහන්නෙ. ඒ ගන්ධබ්බ ලෝකවල ඉන්න මේ වගේ තිරිසන් ගන්ධබ්බයො තමන්ගෙ ගනුදෙනු පියවගන්න මේ විදියට ඇවිත් මනුස්සයො බය කරන අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් ඔය කාරණය විද්‍යාවට අහු වෙන්නෙ නැති නිසා,
සමහර මනෝ වෛද්‍යවරුන් ඔහොම අය අහු වුණොත්, මනෝ භරාබන්ථියවගේ මොනව හරි බර වචනයක් දාල අහවල් රෝගය කියල නිගමන දෙනවා. එහෙත් ඇත්ත වශයෙන්ම සසර ගමනෙදි අනුන්ට කරපු හිංගි හිංසා තියේ නම්, ඒ අය ගන්ධබ්බ ලෝකවල ඉඳන් පළිගන්න එන එක තමයි ඔය වගේ අවස්ථාවලදි බොහෝකොට වෙන්නෙ.
(මතු සම්බන්ධයි)