ඔබේ සාහිත්‍ය ජීවිතයේ ඇරඹුම සිදු වුයේ කෙසේද?
මගේ අම්මා තමයි මට රසවින්දනය ගැන මුල්ම හැඟීම ඇති කළේ. ඇය කියූ කතාන්දරවලින් කුඩා වියේ සිට සාහිත්‍ය කතා ගැන හැඟීමක් මට ලබා දුන්නා. එයින් ලද ආස්වාදය අදත් මට දැනෙනවා. එලෙස කතාන්දරවලට මා තුළ ඇල්මක් ඇති වුණා. පාසැල් යෑමටත් පෙර ජී.බී. සේනානායකගේ ‘නිල මැස්සා’ ළමා කතා පොත කියවූ මම එයින් මහත් ආස්වාදයක් ලැබුවා. කුඩා දවස්වල මා නිදිකරවන්නට මේ...