ගම්පොල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වසර ගණනාවක් තිස්සේ ජලය ලබා ගන්නේ රෝහල් පරිශ්රයේ පවත්නා ජල ටැංකියෙනි. අඩි 40 ක පමණ උසකින් යුත් එම ජල ටැංකියට නළ මගින් ජලය සැපයෙන අතර එහි ගබඩා වන ජලය පරිපාලන කාර්යාල සහ වාට්ටු ඇතුළු ස්ථානවලට නළ පද්ධතියක් ඔස්සේ යොමු කෙරෙයි. මෙම ජලයෙන් කිසියම් දුගඳක් හමන බව රෝහල් කාර්ය මණ්ඩලය පැමිණිලි කිරීමත් සමඟ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පසුගිය 29 දින ජල...