1973 සැප්තැම්බර් 11 වැනි දා චිලියේ සන්තියාගෝ අගනුවර පිහිටි 'ලා මොනේඩා' නමැති ජනාධිපති මන්දිරය හමුදා සෙබළුන් සහ යුද ටැංකි විසින් වටකරන ලද අතර, එයට ගුවනින් ද පහර දෙනු ලැබී ය. හමුදාව විසින් බලය
අල්ලාගන්නා බව දුටු ජනාධිපති සැල්වදෝර් ඇලන්ඩේ අවසන් වතාවට ගුවන් විදුලිය මගින් ජාතිය ඇමතී ය. අනතුරුව ජනාධිපති මැඳුරේ සටන් කරමින් සිටි පිරිසට යටත් වන ලෙස උපදෙස් දුන් ඔහු වෙඩි තබාගෙන...