මාතර ඩැහැගත් හෙරොයින් මාරයා නසන්න කොටවිල පොලිසිය ලොකු මෙහෙයුමක
අහස උසට එන ජීවන බර උසුලාගත නොහැකිව තම දුවා දරුවන්ට අහරක් දෙන්න වෙර දරන අම්මලා සිටින මේ රටේ තවත් පසකින් තම ජීවිත සුඛිත මුදිත කරගැනීමට ඒ අම්මලාගේ දරුවන්ට කුඩු පොවන අම්මලා ද නැතුවා ම නොවේ. මාතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයේ දරුවන් ඉතා ශීඝ්‍රයෙන් මතට හුරුවන්නේ කිරි බිව් කටේ සුවඳ ගිලිහෙන්නටත් කලින් ය. මාතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ තීරය තුළ තරම් දිස්ත්‍රික්කයේ ඇතුළත කුඩු ව්...