විවිධ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර දියත් කිරීම වත්මන් සමාජයට ආගන්තුක වූවක් නොවේ.එවැනි කටයුතුවල යෙදෙන පුද්ගලයන් ඔවුන් සිදු කරන එවැනි අනුචිත ක්‍රියාවන්හි බරක් පතළක් නොදකිති. ඒ බව යළිත් වරක් සනාථ වූයේ පසුගියදා එක්තරා කාන්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ කොළඹ අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට කළ අපහාසාත්මක ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක්...