
“කලා ලෝකයේ සොඳුරුතම චරිත අතර අපට හමුවන කලා අඹරේ එදා මෙන් අදටත් බැබළෙන ජනප්‍රිය තරුවක් තමයි සාරංග දිසාසේකර කියන්නෙ. ඔහුගේ ඒ අපුරු රංගන ප්‍රතිභාව පිළිබඳ ප්‍රේක්ෂක ඔබත් මාත් අමන්දානන්දයට පත්කළා ලෙසටද කරළියේ විස්කම්පාන ඔහුගේ අපුරු හැකියාවන් ගැනද අද කාගේත් කතා බහට ලක් වෙලා”
• ඔන්න සාරංග රසඳුන අප මුලින්ම ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.කොෙහාමද මෙවර අලුත් අවුරුදු ?
මෙවර අලුත් අවුරුද්ද මට ටිකක් වෙනස් ...මොකද අලුත් අවුරුද්ද ලබන විටත් මම ඉතාලියට ඇවිල්ලයි ඉන්නේ ඉතාලියේ පැවැත්වෙන “ඉතාලිස්ටා” කියන තරු තරග මාලාවේ නිවේදන කටයුතු භාරවෙලා තියෙන්නේ මටයි. මේ තරග මාලාවේ අවසන් මහා තරගය පැවැත්වුණේ ‘වෙරෝනා’ කියන නගරයේදී ඊට සමගාමීව දැවැන්ත සංගීත ප්‍රසංගයකුත් ඊයේ පැවැත්වුණා . සති අන්තයේදී තවත් නගර දෙකකම ප්‍රසංග පැවැත්වෙනවා. ඉතිං වෙනදාට වඩා මෙවර අලුත් අවුරුද්ද මට වෙනස්ම අත්දැකීමක් වුණා.
• ඔබගේ කලා ජීවිතයේ අලුත්ම තොරතුරු මොනවාද ?
මහේෂ් මුණසිංහ කියන අලුත් අධ්‍යක්ෂක වරයා අධ්‍යක්ෂණය කරන “රාෂ්” කියන චිත්‍රපටයේ රූගත කිරීම් කරගෙන යනවා එහි “ෂාන්” කියන ප්‍රධාන චරිතයට තමයි මා පණ පොවන්නේ. ඒ වගේම කෝටිපතියෝ නාට්‍යයේ රූගත කිරීම්වලට වගේම සරත් කොතලාවලගේ ‘එක සාක්කුවේ’ කියන වේදිකා නාට්‍යයේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ “ මහසුපින” වේදිකා නාට්‍යයේ දර්ශන වාරයන් සඳහා සහභාගී වෙනවා. ඊට අමතරව අනුර විතානාච්චිගේ ‘මාර හොරු’ වේදිකා නාට්‍යයේ දර්ශන වාර පැවැත්වෙනවා.
• රංගන ශිල්පියෙක් ලෙසට ක්ෂේත්‍රයට පිවිසි ඔබ නිවේදකයෙක් ලෙසත් අද ඉදිරියෙන්ම සිටිනවා ?
සමහර දෙනාගේ එහෙම අදහසක් තියෙනවා ඇත්තටම මම නිවේදන කටයුතු හා සම්බන්ධ වෙන්නේ කුඩා අවධියේ සිටයි. ගුවන් විදුලියේ ළමා පිටිය තමයි එහි මුලික අත්තිවාරම ඒ ඇරඹු අඩිතාලම තමයි අද දක්වා පැමිණ තිබෙන්නේ.
රයිගම්, සුමති, දෙරණ film aword දෙරණ music vedio Aword රණවිරු රියෙල්ස්ටා වැනි රියැලිටි වැඩසටහන් සඳහා මගේ දායකත්වය ලබා දී තිබෙනවා.
ඒ වගේම මේදිනවල දෙරණ නාළිකාවේ විකාශය වන star city වැඩසටහන සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. .
• එම වැඩසටහන් අතුරින් ඔබ වඩාත් ඇලුම් කළ වැඩසටහන කුමක්ද?
සියලුම වැඩසටහන් සඳහා ඉතා කැමැත්තෙන් තමයි මම මගේ දායකත්වය ලබා දුන්නේ මා මුලදී කීවා වගේ ‘රණවිරු රියාල්ස්ටාර්’ වගේම star chaleng
කියන වැඩසටහන් මට වෙනස්ම අත්දැකීමක් බවට පත්වුණා. විශේෂයෙන් දෙරණ නාළිකාවේ විකාශය වූfamily numberone කියන්නේ වෙනස්ම විදියේ ආකෘතියකින් ඉදිරිපත් කළ වැඩසටහනක් මම හිතන්නේ එවැනි ආකෘතියක වැඩසටහනක් මීට පෙර මම දැක නැහැ. මෙය වෙනස්ම විදියේ අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන වැඩසටහනක්.
• මෙකී සියලු වැඩසටහන් අතුරින් මේදිනවල ජාතික රූපවාහිනියේ ඔබ ඉදිරිපත් කරන රස වින්දනාත්මක කියන වැඩසටහන විශේෂයි කියලා මා හිතනවා?
ඇත්තටම ඔබේ අදහසට මා එකඟ වෙනවා මමත්, අම්මාත් නිවේදන කටයුතු කරන නිසා ජාතික රූපවාහිනියෙන් ආරාධනාවක් ලැබුණා වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියා. ඒ ආරධනයට අනුව තමයි බදාදා දින උදැසන 8 – 9 ට රසවින්දනාත්මක කියන වැඩසහන එකම මැදිරියක් තුළ සජීවී ලෙස මමත්, අම්මාත් නිවේදන කටයුතු වලින් දායක වෙන්නේ.
මම හිතන්නේ මගේ මතකයේ හැටියට ඉතිහාසයේ පළමු වතාවට 1994 වසරෙදි ජාත්‍යන්තර ළමා දිනය දවසේ ස්වදේශීය සේවයේ ආරම්භක නිවේදන ඉදිරිපත් කරන්නට මට අවස්ථාව ලැබුණා. ඒ මොහොතේ වෙළඳ සේවයේ සජීවීවම අම්මාත් වැඩසටහනක් ආරම්භ කළා. මම හිතන්නේ අම්මටයි පුතෙකුටයි එකම අවස්ථාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නට ඉතිහාසයේ කවදාවත්ම ලැබිලා නෑ.
අපි ඉදිරිපත් කරන රසවින්දනාත්මක හෝරාවට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණ මහත්ම මහත්මීන් සම්මුඛසාකච්ඡාවට භාජනය කරන්න අපිට හැකියාව ලැබුණා FB හරහාත් අපිව නරඹන ලොකු රසික ප්‍රජාවක් ඉන්නවා.
• විශේෂ හැකියාවක් තියෙනවා සාරංගට නර්තනයටත් ?
මෙහෙමයි නර්තනය කියන විෂය පිළිබඳ මම එතරම් ප්‍රගුණ කර නෑ. ඒත් විවිධ ප්‍රසංගවලදී විශේෂයෙන් ඔබ දන්නවා රිදී රැයක් වැනි ප්‍රසංගයන් සඳහා නර්තන අවස්ථා ලැබිලා තියෙනවා. චන්න විජේවර්ධනයන්ට එහි සියලුම ගෞරවය හිමිවිය යුතුයි. මොකද ඔහු තමයි අපේ දක්ෂතා හඳුනාගෙන එයින් උපරිමයත් ලබා ගන්න ගුරුවරයෙක් මගේ නර්තන අවස්ථා ගොඩක් ලබා දුන්නේ එතුමන් ගයන් ශ්‍රිමාල්ත්, ඒ අතර සුවිශේෂයි නමුත් මම මුලින්ම නර්තනය පැත්තට යොමුවුණේ ‘ශාන් පෙරේරා’ කියන නර්තනාචාර්ය වරයා නිසා මේ සියලු දෙනා නිසා තමයි මම නර්තනය යම්තාක් දුරකට හරි ප්‍රගුණ කළේ. තව පුහුණුවීම් කළොත් මීට වඩා නර්තනයේ යෙදෙන්නට පුළුවන් කියලා හිතනවා.
• එතකොට ඔබ වේදිකාව හා මුලින්ම සම්බන්ධ වෙන්නේ ?
පුංචි තිරය, සිනමාවටත් පසුව තමයි වේදිකාවට යොමු වුණේ. සුනිල් චන්දසිරි මහතාගේ ‘සිහිනවලට පාට දෙන්න’ කියන වේදිකා නාට්‍යයෙන් තමයි මට ප්‍රසිද්ධ වේදිකාවේ රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණේ. පසුව ඒ හැමගේම “ආදරණීය සංවාදයක්” කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා.
දැනට වසර 10 කට ආසන්න කාලයක් රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරන මම චිත්‍රපට 10 කට ආසන්න ප්‍රමාණයක, වේදිකා නාට්‍ය 7කට සහ ටෙලිනාට්‍ය බොහෝ ප්‍රමාණයකට මේ වනවිට රංගන දායකත්වය ලබාදී තියෙනවා.
• වේදිකාව /පුංචි තිරය/ රිදී තිරය යන ත්‍රිත්වයෙන් ඔබ වඩාත් ප්‍රියකරන්නේ?
මේ තුනම තුන් විදිහක්, ක්ෂේත්‍ර 3ක් . ඒත් වැඩි ප්‍රෙක්ෂක ආකර්ෂණයක් වගේම වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් නරඹන්නේ ටෙලිනාට්‍ය. නමුත් මගේ හැමදාම සිහිනය වෙලා තිබෙන්නේ සිනමා ක්ෂේත්‍රයයි. ඒ තුළින් පවතින යමක් කරන්නට තමයි මගේ බලාපොරොත්තුව. ඒත් රංගනය කියන කාර්යයේදී මේ ක්ෂේත්‍ර 3ටම මගේ උපරිම දායකත්වය ලබා දෙනවා.
• මෙතෙක් ඔබට රඟපෑමට නොලැබුණු ඒත් රංගන දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන චරිත තිබෙනවාද?
නොලැබුණු චරිතනම් ගොඩක් තියෙනවා. දෘෂ්‍යාබාධිත හෝ ආබාධිත චරිතයක් රඟපාන්න අවස්ථාවක් ලැබිල නෑ.. ඉතිං මම හැම මොහොතෙම සිතන්නේ මට ලැබෙන චරිතවලට යම්කිසි හැඩතල ලබා දෙන්න. ඒ වගේම ඒ චරිතවලට ආවේණික ඉංගික හෝ අංග චලන හැඩ භාවිතයේ වෙනස්කම් කරන්න හැම තිස්සේම මම උත්සාහ කරනවා.
• අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු මොනවද කියලත් දැනගන්න කැමතියි.
සුපුරුදු විදියට හොඳ නිර්මාණ වලට දායකවෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ ඊට අමතරව ඉදිරියේදී සංගීතය පැත්තෙන් වගේම නිර්මාණයක් කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සමන්ති වනිගසේකර