
කීවැනි වතාවටද ජනප්‍රියම නිළිය සම්මානය හිමි වෙන්නේ?
රයිගම් ටෙලීස් හි නම් දෙවැනි වතාවට. සුමති සහ ස්ලිම් නිල්සන් සම්මාන උළෙලේදීත් සම්මාන ලැබුණා.
මේ විදියට සම්මාන හිමිවෙද්දී, සම්මාන එක්ක එකතුවෙන වගකීම දැනෙනවද?
ඔව්. ඇත්තටම සම්මානයක් කියලා කියන්නේ අපිට ලබාදෙන ඇගයීමක්. අපි ඒක ආශීර්වාදයක් කරගන්න ඕන. වෘත්තීමය ජීවිතේට ලොකු වගකීමක් එකතු වෙනවා.
මීට කලින් ඔබ මෙගා ටෙලි නාට්‍ය සඳහා සිය දායකත්වය ලබා නොදෙන බව පැවසුවා. ඒ තීරණයේ වෙනසක් නැද්ද?
තීරණයේ වෙනසක් නැහැ.
ජනප්‍රියම නිළිය සම්මානය ගන්න sms කීයක් යැව්වද?
ඇත්තටම මම කිසිම sms ප්‍රමාණයක් යැව්වේ නැහැ. සමහරු කියනවා තමන්ම sms කර ගන්න ඕන කියලා. විශ්වාස කරන්න මම කවදාවත් sms එකක් යැව්වේ නැහැ. අම්මගේ ෆෝන් එකෙන් අම්මා එකක් දාන්න ඇති. තාත්තගේ ෆෝන් එකෙන් තාත්තා එකක් දාන්න ඇති. අනිත් එක රයිගම් ආයතනය මේ සැරේ එක ෆෝන් එකකින් එක vote එකයි ගණන් ගත්තේ. මම ඒකට ගොඩක් කැමැතියි සහ මම ඒක ගොඩක් අගය කරනවා. මගේ අම්මයි තාත්තයි හැම මොහොතකම කියන්නේ ඔයා sms කරගෙන සම්මාන ගත්තට වැඩක් නැහැ. ඒක ලැජ්ජයි කියලා. අපි සම්මානයක් කියන්නේ හොඳ ඇගයීමකට. ඒ දේ සාධාරණව ලැබිලා, අපිට ගෞරවාන්විතව ගෙදර තියා ගන්න පුළුවන් නම් ඒක තමා නියම සම්මානය.
මෙවර ජනප්‍රියම ටෙලි නාට්‍යට හිමිකම් කිව්වේ 'කුඹියෝ' ටෙලි නාට්‍ය. ඒ පිළිබඳව ඔබේ අදහස මොනවගේද?
අපි හැමෝම එක ක්ෂේත්‍රයේ ඉන්න කලාකරුවෝ. අපි හැම මොහොතකදීම උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයන් අතරට යන්න. 'කුඹියෝ' කියන්නේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. පෞද්ගලිකව මමත් බලපු ටෙලි නාට්‍යයක්. මමත් එහි රසිකයෙක්. මෙතැන කිසිම බෙදීමක් නැහැ. දෙවෙනි ඉනිම, කුඹියෝ කියන දෙකටම ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරේ කරනවා. මේ ටෙලි නාට්‍යට සම්මානය හිමිවුණු එකට හදවතින්ම සතුටු වෙනවා. ඒ අය හොඳ වැඩක් කරලා තිබුණා. ඒක ප්‍රේක්ෂකයෝ වැළඳ ගත්තා. මම හිතනවා සුදුසු දේ සිදු වෙන්න ඇති කියලා. දෙවෙනි ඉනිමට වගේම අනිත් ටෙලි නාට්‍ය සඳහාත් සම්මාන ලැබෙන්න ඕන නේ.
වැඩි ඉඩක් සිනමාව වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරන්න හිතුවේ ඇයි?
මම මෙගා ටෙලි නාට්‍ය සඳහා නම් රංගනයෙන් දායක වෙන්නේ නැහැ. තෝරා ගත් සීමිත ටෙලි නාට්‍ය කිහිපයක රඟපානවා කියලා තීරණය කළා. ඒකට හේතුව මට කාලය ගොඩක් වටින නිසා. මඟ හැරුණු ගොඩක් දේවල් නැවත පටන් ගන්න ඕන. මම සිනමාවට ගොඩක් කැමැතියි. වැඩි ඉඩක් සිනමාවට දෙන්න හිතුවා. ඉදිරියේදී සිනමා නිර්මාණ කිහිපයක් ඔස්සේම ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.