තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

වසරේ නළුවා කිරුළ යළිත් රන්ජන්ට

2018 වසරේ ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ් හි වසරේ ජනතාවගේ නළුවා” (SLIM Nielsen People’s Awards People’s Actor of the Year - 2018) සම සම්මානය මෙවරත් රන්ජන් රාමනායකට හිමිවිය.

පසුගියදා වෝටර්ස් ඒජ් හිදී 11 වැනි වතාවටත් පැවැත්වුණු ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ්ස් (SLIM Nielsen People’s Awards) උලෙළේදී ‘ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා‘ (SLIM Nielsen People’s Awards People’s Actor of the Year - 2018) සම සම්මානය රන්ජන් රාමනායක විසින් ලබාගන්නා ලදි.

ඔහු මෙම ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ්ස් සම්මානය ලැබූවේ පිට පිට 11 වන වතාවයටයි. දැනට නළුවකු එක දිගටම 11 වතාවක් එකම සම්මානයක් ලැබූ වාර්තාවටද රන්ජන් රාමනායක මහතා මේ සමගින් හිමිකම් කියයි.

රන්ජන් රාමනායකගේ මාමා වූ විජය කුමාරතුංග මහතාද මෙවැනිම අයුරින් අඛණ්ඩව 5 වතාවක් සරසවිය ජනප්‍රිය නළුවා සම්මානය ලබාගෙන තිබූ අතර, රන්ජන් රාමනායකද එකී ජනප්‍රියත්වයට අනුව යමින් ‘ස්ලිම් නිල්සන් පීපල්ස් ඇක්ටර්‘ ජනප්‍රිය නළුවා සම්මානය 11 වතාවක් ලබාගැනීමට වාසනාවන්ත විය.

රන්ජන් රාමනායකගේ නවතම රංගනය ඇතුළත් වූ ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටයද මෑතකදී (2017 වසරේ) තිරගත විය. ඒ සමගම ඔහු ලැබූ මෙම සම්මානය සමගින් එම උලෙළේදී එකදිගටම මෙම සම්මානය ලබාගත් (11 වෙනි වතාවටත්) ශිල්පියා බවට පත්වී ඇත.


බුද්ධිකගෙන් 'ලයිව් විත් බුද්ධික'

රංගන ශිල්පියෙක් නිවේදකයෙක් එමතු නොව ගායකයකු ලෙසත් කටයුතු කරන බුද්ධික රඹුක්වැල්ල වෙනදා වගේ පුංචි තිරයෙන් දකින්නට නොලැබෙන තරම්. මේ හින්දම මේ දවස්වල බුද්ධික මොකද කරන්නේ කියලා හොයල බලන්න අපි කටයුතු කළා. එවිට තමයි බුද්ධික අලුත් වැඩකටයුතු කිහිපයක්ම ආරම්භ කර ඇති බව දැනගත්තේ. මේ ගැන බුද්ධික අපිත් එක්ක කතා කළා.

' මේ දවස්වල මම රට වටේම යනවා. මොකද මම තමයි රයිගම් බ්‍රෑන්ඩ් එම්බැසිඩර් විදිහට වැඩකරන්නේ. ඒ නිසා මේ රයිගම් නිෂ්පාදන ගැන ජනතාව දැනුම්වත් කරමින් රටවටා යනවා. ඒ වගේම මෙහිදී සංගීත කණ්ඩායමක් සමඟ මමත් ගීත කිහිපයක් ගායනා කරමින් රසිකයන් පිනවනවා.

ඒ වගේම මම මෙහෙය වන ඩයලොග් රිද්ම රාත්‍රිය වෙනස්ම ආරකින් ඉදිරිපත් කිරීමත් මේ දිනවල සිදු වෙනවා. විශේෂයෙන්ම මේ ඔස්සේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට වගේම චිත්‍රපට සහ වේදිකා නාට්‍යවලට තමයි මූලිකත්වය ලබා දෙන්නේ. එයට එක් හේතුවක් තිබෙනවා.

වර්තමානයේ වේදිකාවේ වගේම චිත්‍රපටවලටත් ලැබෙන ප්‍රචාරය ඉතාම අඩුයි. එයට දිරිදීමක් ලෙස මේ ඔස්සේ ඒ නිර්මාණකරුවනට අවස්ථාව ලබාදෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ පළමු වතාවට 'ෆේස් බුක් ලයිව් ෂෝ' එකක් මම සිදු කරනවා. ඒ සෑම සෙනසුරාදාවකම පස්වරු 12 සිට 1 දක්වා.

මෙයට ලංකාවේ සිටින ප්‍රවීණ කලාකරුවන් දායක කර ගන්නවා. 'ලයිව් විත් බුද්ධික ' නමින් මෙය නම් කර තිබෙනවා.මෙයට සංගීතය 'වසන්ත ප්‍රමුඛ බී ෆ්ලස් ' සංගීත කණ්ඩායම සපයනවා. ඒ වගේම මෙය බොරලැස්ගමුවේ 'කාන්චි සෙන්'ගේ ස්ටුඩියෝවේ සිට තමයි ගෙන එන්නේ.

රූපවාහිනී නාලිකාවල චැට් වැඩසටහන් වගේම මෙයත් සිදුවෙනවා. මේ වන විට ලංකාවේ වගේම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික‍යන්ගෙන් ලොකු ප්‍රතිචාරයක් මෙයට ලබෙනවා. 'බුද්ධික විත් ලයිව්' නමින් යූ ටියුබ් ඔස්සේ මෙය නරඹන්නට පුළුවන්.

 


බුද්ධිනී ගෙනෙන 'අහස්'

බුද්ධිනී ජයවර්ධන අලුත්ම ටෙලි නාට්‍යයක් වෙනුවෙන් සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා.

මෙහි මුහුරත් උළෙල පසුගිය දිනෙක පැවැත්වුණේ එයට දායක වන නළුනිළියන්ගේ හා ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙන්.

කොහොම වුණත් බුද්ධිනීගේ නවතම ටෙලි නාට්‍යය ගැන ඇයගෙන් අපි විමසා බැලුවා.' මේ ටෙලි නාට්‍යය මගේ දෙවන නවකතාව 'අහස්' ඇසුරින් නිර්මාණය වෙන්නේ. එහි නිෂ්පාදනය වගේම පිටපත් රචනයටත් මම දායක වෙනවා.

මේ නාට්‍යය නිෂ්පාදනය කරන්නට මාත් සමඟ නුවනි වලිමුණි එකතු වෙනවා. මේ නාට්‍යයේ තේමාව අද සමාජයට ඉතාම කිට්ටුයි. සැබෑ ආදරය මරණයෙන්වත් වෙන් කරන්න බැහැ. කියන කියමන සනාත කරමින් තමයි මෙය රචනා වෙන්නේ.

මෙහි හිරාන් යට්ටෝවිට, මුතූ තරංගා, නිලන්ති විජේසිංහ,කිංස්ලි ලොස්, ගීති කාන්ති, රිචඩ් මානමුදලි,සුසන්තා චන්ද්‍රමාලි,කාවිංග පෙරේරා,සූර්ය දයාරුවන්,අංජලී ලියනගේ,ශිරෝමිකා ප්‍රනාන්දු, ලක්ෂමන් අමරසේකර, ඉෂාන් මෙන්ඩිස්,ගයාන් ලක්රුවන්,පබසරා මදුෂානි රංගනයෙන් දායක වෙනවා.

 

Comments