රෝහිත් ආවේ අස­නී­පෙන් ඉන්න මගේ තාත්තා බලන්න | සිළුමිණ

රෝහිත් ආවේ අස­නී­පෙන් ඉන්න මගේ තාත්තා බලන්න

ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයේ නිතර දකින ගයාන්-නිලාම් සුසංයෝගය දැන් දැන් දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩකයන් අතර ද ජනප්‍රිය ක්‍රිකට් දිරිගන්වන්නන් දෙපළකි. ගයාන් සේනානායක සහ නිලාම් මොහොමඩ් දෙදෙනා පර්සි අබේසේකරගෙන් පසුව මෙරට ක්‍රිකට් දිරිගැන්වීමේ කලාව පෙරට ගෙනයමින් රට වෙනුවෙන් ඉමහත් සේවයක් කරමින් සිටී. ඒ අතරේදී පසුගියදා අවසන් වූ නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය අතරතුරදී නිලාම්ට ජීවිතයේ අමතක නොවන අත්දැකීමකට මුහුණ දීමට සිදු වූයේ නොසිතූ මොහොතකයි. ඒ නිදහස් කුසලානයේ ජයග්‍රාහී ඉන්දීය නායකයා වූ ප්‍රබල පිතිකරු රොහිත් ෂර්මා නිලාම්ගේ නිවෙසට පැමිණීමයි.

පසුගිය 16 වැනිදා රෝහිත් නිලාම්ගේ නිවෙසට ගිය පුවත මේ වන විට සමාජ ජාල මාධ්‍යයන් ඇතුළු ඉන්දියාවේ මාධ්‍යයන්හි වැඩි ඉඩක් ලැබුණු පුවතක් වී අවසානයි. රෝහිතගේ පැමිණීම ගැන හදපිරි සතුටින් යුතුව නිලාම් මොහොමඩ් අප සමඟ කතාබහට එක්වූයේ මෙලෙසිනි.

“මට තවම හිතාගන්නවත් බැහැ රොහිත් ෂර්මා මගේ ගෙදර ඇවිත් ගිය එක ගැන. ඇත්තටම රෝහිත් කියන්නෙ පුදුමාකාර නිහතමානී ගතිගුණවලින් පිරිච්ච කෙනෙක්. ඔහු ම‍ගේ ගෙදරට ඇවිල්ලා පැයකට වැඩිය ඉඳලා ගියේ. අපේ පවුලේ හැමෝටම වගේම ගමේ හැමදෙනාටත් පුදුමයි ඔහුගේ පැමිණීම.”

එලෙස ඉතාම කෙටි සංචාරයක් අතරතුරදී ටාජ් හෝටලයේ සිට සහෝදර සගයන්ගෙන් මිදී රෝහිත් ෂර්මාට ගොතටුවේ නිලාම්ගේ නිවෙසට යාමට දැඩි අවශ්‍යතාවක් තිබී ඇත. එම අවශ්‍යතාව ගැන නිලාම්ගෙන් විමසූ විට,

“රෝහිත් ආවේ අසනීපෙන් ඉන්න මගේ තාත්තා බලලා යන්න. සංචාරය එන්නටත් පෙරම ඔහු මට කෝල් කරලා කිව්වා ලංකාවට ආපුවාම උඹගේ තාත්තා බලන්න ගෙදර එනවා කියලා.”

ඒ අනුව රෝහිත් සහ නිලාම්ගේ පියා අතර එවැනි සබඳතාවක් ගොඩනැ‍ඟෙන්නේ නිමාවූ අවසන් ඉන්දීය සංචාරයේදී නිලාම් සහ ගයාන් දිනක් රෝහිත් සමඟ හෝටලයේ ආහාර ගනිමින් සිටි අතරතුර පැමිණි දුරකතන ඇමතුමකිනි.

“අපි තුන්දෙනා එදා දිල්ලිවල හොටෙල් එකේ කෑම කනකොට මට එකපාරටම අම්මගෙන් කෝල් එකක් ආවා. තාත්තට අසනීපයි ඉක්මනටම ලංකාවට එන්න කියලා. මට කරගන්න දෙයක් නෑ. මොකද මට ලංකාවට එන්න ටිකට් තිබුණේ සංචාරය ඉවර වුණාට පසුව. ඒ වෙලාවේ රෝහිත් මගෙන් ඇහැව්වා, ‘මොකද්ද ප්‍රශ්නෙ’ කියලා. මං ඔහුට සියලු විස්තරේ කිව්වා. ඔහු මට කිව්වෙ මොකද්ද දන්නවද? ‘ඒයි නිලාම් උඹ මෙහේ ඉඳලා හරියන්නෑ. ඉක්මනට ලංකාවට පලයන්. ගිහින් තාත්තා ගැන හොයලා බලන්න. මං ටිකට් සියල්ල සූදානම් කරලා දෙන්නම්’ කිව්වා.”

ඊට පසුදින නිලාම් ලංකාවට පැමිණියේ රෝහිත් ෂර්මා කළ එම උපකාරයෙනි. එතැන් පටන් රොහිත් ෂර්මා ඉඩ ලැබුණු සැණින් නිලාම්ගෙන් තම පියාණන්ගේ සුවදුක් විමසමින් දුරකථන ඇමැතුම්, එස්.එම්.එස්. එවා ඇත. එලෙස ඇතිවූ සබඳතාව නිසා පසුගිය 16 වැනිදා පෙරවරුවේ නිලාම්ට, රෝහිත්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ පියා දැකීමට අවශ්‍ය හෙයින් තමාව රැගෙන යෑමට හෝටලයට පැමිණෙන ලෙසයි.

“මට අදහාගන්න බැරි වුණා ඒ දුරකථන ඇමැතුමෙන්. මං ගියා හෝටලයට. රෝහිත් කිව්වා, ‘යං යං තාත්තා බලන්න යමු.’ ඒ අතරෙ රෝහිත්ගෙන් හැමෝම අහනවා ‘කොහේද මේ අවේලාවේ යන්නෙ... ඇයි උඹ ජිම් යන්නෙ නැද්ද’ කියලා. ‘නෑ නෑ මට ලොකු ගමනක් යන්න තියෙනවා... මං නිලාම්ගේ තාත්තා බලන්න යනවා... ඒ ගමන ගිහින් තමයි මම එන්නෙ’ කියලා ඔහු හැමෝටම කිව්වා.”

ඉන්පසුව ඉන්දීය පිලේ පරිගණක දත්ත ක්‍රියාකරු ඩී.ජේ. සහ ප්‍රධාන ආරක්ෂක නිලධාරී සෞම්‍ය සමඟ රෝහිත්, නිලාම්ගේ නිවෙසට පැමිණීමෙන් ඔහුගේ පියාණන්ගේ අසනීප තත්ත්වය දැකීමෙන් මහත් කම්පාවට පත්වූ බව නිලාම් අපට කීවේය.

“රෝහිත් තාත්තා දැකලා හරියට දුක්වුණා. ඔහු මට කිව්වා, ‘නිලාම් තාත්තට අවශ්‍ය කරන ඕනෙම උදවුවක් මට කියපන්... මම උඹට ඕනෑම උදවුවක් කරනවා. මම ලංකාවෙන් උඹටයි ගයාන්ටයි පුදුම ආදරෙයි. උඹලා දෙන්න ක්‍රිකට් වෙනුවෙන් කරන්නෙ පුදුම කැපකිරීමක්. ඒ වගේම මගේ තාත්තටත් හරිම සතුටුයි මේ වගේ ලෝකෙම ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් එයාව බලන්න ආපු එක ගැන.”

එසේම නිලාම්ගේ නිවෙසේ තිබෙන ඡායාරූප සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ටීෂර්ට් මෙන්ම සිහිවටන දැකීමෙන් රෝහිත් තුෂ්ණිම්භුත වී ඇත.

“මගේ ළඟ තියෙන ක්‍රීඩකයන්ගේ ටීෂර්ට් සහ පොටෝස්, ඒව-මේව දැකලා රෝහිත්ට පුදුමයි, ඔහු කිව්වා, ‘උඹනම් මාර ක්‍රිකට් පිස්සෙක්නේ. මගේ ළඟවත් නෑ මෙච්චර පොටෝස්’ කියලා.”

තමා වැනි කෙනෙකුගේ නිවෙසට ලොව සිටින සුපිරිතම ක්‍රීඩකයකු මෙලෙස පැමිණීම නිලාම් දකින්නෙ ඉමහත් භාග්‍යයක් ලෙසයි. රෝහිත්ගේ එම නිහතමානී ක්‍රියාවට කෘතඥතාව පළ කිරීම වෙනුවෙන් නිලාම් අපූරු ත්‍යාගයක්ද රෝහිත්ට පිරිනැමීමට අමතක නොකළේය.

“මට ඒ වෙලාවේ දෙන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මම ගෙදර තිබුණ කරඬුව සහිත ඇතෙක්ගෙ අනුරුවක් ඔහුට දුන්නා.”

ඉන්දීය සුපිරි ක්‍රීඩකයා සංචාරයක් අතරතුරදී මෙලෙස ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් දිරිගන්වන්නන් දෙදෙනාගෙන් කෙනෙකු වන නිලාම්ගේ නිවෙසට පැමිණීම ඉන්දීය මාධ්‍යයන්ද පසුගිය දින කිහිපයේ ඉහළින්ම වාර්තා කර තිබිණි.

එසේම රෝහිත් ෂර්මා රූපවාහිනී නිවේදකයකු ලෙස කටයුතු කරමින් නිලාම් සහ ගයාන් සමඟ පෙනී සිටින අපූරු වීඩියෝ පටයක්ද මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසරයි. එම සිදුවීම ගැන නිලාම් පවසන්නෙ මෙවන් කතාවකි.

“ඉන්දීය කණ්ඩායම බාරව සිටින ශ්‍රී ලංකා නියෝජිතයා වන උපාලි මහත්මා මට කතා කරලා කිව්වා, උඹගෙයි ගයාන්ගෙයි දුරකථන අංක ඉන්දීය කළමනාකාරිත්වය ඉල්ලනවා කියලා. ඊට පස්සෙ ඉන්දීය කණ්ඩායමේ මීඩියා බාරව සිටින කෙ‍නා අපි දෙන්නට කතා කරලා කිව්වා, රෝහිත් ෂර්මාට ඔයාලා දෙන්න සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන්න අවශ්‍යයි කියලා. ඒ ඇමැතුමට අපි දෙන්නට හොල්මන්. ඒ වගේම දෙදෙනාම ක්‍රිකට් දිරිගන්වන ඇඳුම සහ කැප් තොප්පියත් අනිවාර්යයෙන්ම අරගෙන එන්න කිව්වා. පස්සෙ බැලින්නම් රෝහිත් අපි දෙන්නව ඉන්ටවිව් කරන්නෙ අපි දෙන්නගෙන් සිංහල ඉගෙන ගනිමින් සිංහලෙන්මයි. ඒ වීඩියෝව තමයි ඔය හුඟාක් සමාජ මාධ්‍යයන්හි තිබුණේ.”

පසුව ගයාන් සහ නිලාම් සමඟ රොහිත් ෂර්මා සිංහලෙන් කරන සම්මුඛ සාකච්ඡාව ඇතුළත් අපූරු වීඩියෝව මෙරට බොහෝ මාධ්‍යයන්හිද පසුගිය දිනවල පුවතක් වූයේය.

“අපි දෙන්නට හිතාගන්න බැරිවුණා ඇයි මෙහෙම වීඩියෝවක් කරන්නෙ කියලා. පස්සෙ තමයි අපිට ආරංචි වුණේ ඒ වීඩියෝව ඉන්දියාව ඇතුළු බොහෝ රටවල මාධ්‍යයන්හි ප්‍රචාරය වුණා කියලා. ගයාන්ගෙයි මගෙයි ඉන්දියාවේ ඉන්න යාළුවෝ කතා කරලා ඒ ගැන කිව්වෙ. අපිටත් ඒ වීඩියෝව එව්වෙ පිටරට අපේ යාළුවෝ.”

එලෙස රෝහිත් ෂර්මා මොවුන් දෙදෙනා සමඟ වීඩියෝවකට පෙනී සිටිමින් එවැනි කර්තව්‍යයක් කර තිබෙනුයේ ක්‍රිකට් වෙනුවෙන් මෙන්ම රටවල් අතර සමඟිය වෙනුවෙන් ගයාන් සහ නිලාම් කරනු ලබන සේවය සලකාය. ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය සමයේ ක්‍රිකට් තරගවලදී දක්නට ලැබුණු අසමඟිතා දුරු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ සහජීවනය සහ අලංකාරත්වයට නිලාම්-ගයාන් කරන සේවය අපිද අගය කරමු.

Comments