
ස්වාධීන රූපවාහිනියෙන් දිගහැරුණු 'යූත් විත් ටැලන්ට් 'රියැලිටි වැඩසටහන පසුගියදා නිමාවට පත්වූයේ නරඹන්නන් පුදුමයට පත්කරවමින්. එහි ජයග්‍රාහකයා වුයේ හඟුරන්කෙත යෝධයා නොහොත් ජනක කාංචන මුදන්නායක.ජනක අපේ රටේ අභිමානය ලෝකයට ගෙනයන ගිනස් වාර්තාලාභියෙක්. රසඳුන සමග ළෙන්ගතු ජනක 'යූත් විත් ටැලන්ට්' රියැලිටි ඩැඩසටහනේ අවසන් තරගය ගැන කළ කතාබහයි මේ.
'යූත් විත් ටැලන්ට්'තරගාවලියේ ජයග්‍රාහකයා වූයේ ඔබයි.එම අවස්ථාවේ මොනවගේ හැඟීමක්ද දැනුණේ.
ලොකු සතුටක් දැනුණා.ලංකාව පුරා විසිරී සිටින විවිධ දක්ෂතා ඇති හැටදහසක් අතරින් අතිදක්ෂයින් දස දෙනෙක් තමයි අවසන් වටයට සුදුසුකම් ලැබුවේ. ඒ අතරිනුත් ප්‍රථමයා වීමට හැකිවීම කියාගන්න බැරි සතුටක්. තවමත් ඒ සතුට භුක්ති විඳිනවා. මට ජයග්‍රහණය කරන්න බැරිවේදැයි පොඩි චකිතයක් හිතේ තිබුණා මොකද එස්.එම්.එස් බලන නිසා. නමුත් මගේ මිතුරන් සේම මට ආදරය කළ ජනතාව මා ජයග්‍රහණකරවූවා.
ඔබ ගිනස් වාර්තාලාභියකු වීම අවසන් මහා තරගයට මුහුණ දීමට පහසුවක් වුණාද?
මම අවසන් මහා තරගයට සහභාගිවන්නේ ගිනස් වාර්තා හතරක් පිහිටවූ පුද්ගලයෙක් හැටියට. එහි විවිධ දක්ෂතා ඇති තරගකරුවන් සිටියත් ඔවුන් කිසිවකු මා මෙන් වාර්තා පිහිටුවා තිබුණේ නෑ.මා තබා තිබු ගිනස් රෙකෝඩ් නිසා මාව අපේ රටේ බොහෝ පිරිසක් දැනගෙන හිටියා. එය එස්. එම්. එස්. සඳහා පහසුවක් වුණා. දෙල්තොට ප්‍රාදේශීය සභාවේ වැඩකරන සකුන්තලා නංගි තමයි මුලින්ම මට මේ තරගයට දාන්න කීවේ. එම අවස්ථාවේ මම ගොඩක් කල්පනා කළා. හදිසියේවත් මට පරාජය වීමට සිදුවුවහොත් මගේ ගිනස්වාර්තා පිහිටුවීමට එය බලපාවි නේද කියා. නමුත් මගේ යහළුවෝ එකහෙලා කීවෙ ඔයා තරගයට දාන්න අපි එස්.එම්.එස්. ගැන බලාගන්නම් කියා. තරගයට ඒමට පෙර ගිනස් වාර්තා දෙකක් තබා තිබුණා. නැවතත් තරගය පැවැත්වෙන කාලය තුළ තවත් වාර්තා දෙකක් තැබුවා.
එම වාර්තා ඔබේ ජයග්‍රහණයට හේතු වුණාද?
ගොඩක්ම බලපෑවා. එම වාර්තා දෙක තැබීමට මම ගොඩක් වෙහෙසුණා. පෙරහුරු කළා. පුහුණුවීම්වල නිරතවුණා ඒ නිසා තරගයට කියා අමුතුවෙන් පුහුණුවීම් කිරීමට අවශ්‍ය වුණේ නෑ. කිලෝ පණහක් බර පිටි බෑග් දාහතක් මීටර් තිහක්දුර පැය භාගයක් ඇතුළත රැගෙන යෑමේ ගිනස් වාර්තාවත්, මිලි මීටර් 12ක් ගණකම යකඩ කම්බි 22ක් හිස ආධාර කරගනිමින් තත්පර හතළිස් අටක් ඇතුළත නැවීමේ වාර්තාවත් පිහිටෙවුවේ තරගය පැවැත්වෙන කාලය අතරතුරේදි.මට තරගයේ සහභාගිවීමට ලැබුණෙ පළමු වටයට විතරයි. පළමුවටයේදිම ක්‍රිෂු ගෝමස් මහතා මට ග්‍රෑන්ඩ් බසර් එකක් දුන්නා. එතුමා මගේ දක්ෂතා අගය කළ නිසා එදා මම හිතාගත්තා කොහොමහරි අවසන් තරගය දිනනවා කියලා. ඒ අධිෂ්ඨානයත් හිතේ තියාගෙන තමයි එදා තරගයට මුහුණ දුන්නේ.
මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩාවක නියැළෙන්න ජනකට බයක් දැනෙන්නේ නැද්ද?
මේ ශක්තිය මගේ ජානවලින් ආපු දේවල්.ඒකනේ තරග වටය පුරාම මාව යෝධයා නමින් හැඳින්වූයේ.ඒ නමට මම හරිම කැමැතියි.අපේ මුතුන්මිත්තන් ශක්තිමත් පුද්ගලයන්.මම අහල තියෙනව මගේ සීයා එක් අවස්ථාවක ඒදණ්ඩක් කරේ තියාගෙන ගියා කියා. මගේ පියා හඟුරන්කෙත ගාමිණී වසන්ත කුමාර. ඔහුත් ගිනස් වාර්තා පිහිටවූ ශක්තිමත් පුද්ගලයෙක්. අද තාත්තා ජීවතුන් අතර නෑ. ඔවුන්ගේ ශක්තිය මටත් තියෙනව. මම තාත්තාගේ අඩි පාරේ යන පුතෙක්. ඔහු තමයි මගේ පළමු ගුරුවරයා.තාත්තා ජීවතුන් අතර නැතත් ඔහුගේ ආශීර්වාදය මට තිබෙනවා .තාත්තා තැබූ ගිනස් වාර්තා බොහොමයක් අද වෙනත් රටවල පුද්ගලයන් කඩලා.මගේ බලාපොරොත්තුව ඉක්මනින්ම එම වාර්තා නැවතත් අලුත් කිරීමයි.
ජයග්‍රහණය පිටුපස බොහෝ පිරිසක් ඇති. ඔවුන්ව මතක්කරමු.
මගේ ගම හඟුරන්කෙත කිතුල්පේ ජනතාවත්.පාසල් ගිය පල්ලෙබෝවල මහා විද්‍යාලය සහ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට සහ ආදරණීය ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට ස්තූතිවන්ත වෙනවා.ඉන් පසුව මගේ බිරියත්, මවත්, සොහොයුරිය සහ සොහොයුරා සිහිකරනවා.පුතා තවම පුංචි නිසා එයාට මේව ගැන තේරුමක් නැහැ. විශේෂයෙන් මගේ පුහුණුකරු වන රනිල් හර්ෂණ මෙන්ම නාරද දිසානායක, ජයලත් දිසානායක, එස්.බී දිසානායක, සරත් ඒකනායක යන මැති ඇමතිවරු ඇතුළුව මා සේවය කරන වරාය අධිකාරියේ මලින්ද, තාරක, සුපුන්, රුවන්, යාපා, අමිල, නලින්,චතුර ඇතුළු සියලුම මිතුරන්ද,ස්වාධීන රූපවාහිනියේ සියලුම කාර්යමණ්ඩලය සහ ජාතික තරුණසේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ, යූත් විත් ටැලන්ට් වැඩසටහනේ අධ්‍යක්ෂ සඳරුවන් ජයවික්‍රම ඇතුළු කාර්යමණ්ඩලයට, නිවේදන කටයුතුකළ දිල්ෂාන් පතිරණ අයියා,රිකිල්ලගස්කඩ, පූජාපිටිය ජනතාවට සහ මට වචනයෙන් හෝ සහාය දුන් ලක්වාසි සියලුම ජනතාවට ස්තූතිකිරීමට මෙය අවස්ථාවක්කරගන්නවා. මධ්‍යම පළාතට මෙවැනි රියැලිටි වැඩසටහනකින් ලැබුණු ප්‍රථම ජයග්‍රහණය වන නිසා මේ පළාතේ ජනතාව තවමත් මට පිළිගැනීමේ උත්සව පවත්වනවා.ඒ සියලු දෙනාටම මගේ ස්තූතිය පිරිනමනවා.
මෙම ජයග්‍රහණයත් සමග තවත් බොහෝ ඉදිරි සැලසුම් ඇති, ඒවාත් මතක් කරමු.
ඉදිරියේදි තවත් ගිනස් වාර්තා කිහිපයක් තැබීමේ බලාපොරොත්තුවක් තියෙනවා. කලාවට සම්බන්ධවීමේ ආසාවක් තියෙනවා ක්‍රියාදාම චිත්‍රපටයකට වගේ ආරාධනා ලැබුණොත් භාර ගන්නවා. විශේෂයෙන් මා රැකියාව කරන වරාය අධිකාරියෙන් ලබාදෙන සහයෝගයට නැවත වාරයක් ස්තූති වන්ත වෙනවා.