
• වැදගත්ම දේ කප්පාදුවයි.
• අඹ ගෙඩියට ආවරණ බෑගයක් අවශ්‍යයි.
වාණිජ පලතුරු වගාවට නව ඇරුතක් එක්කළ අඹ ලොවේ රජු ලෙස සැලකෙන Tjc අඹ පිළිබඳ විශේෂ ලිපියක් පසුගිය සතියේ රන්බිම අතිරේකයෙන් කතා කළෙමු. අද ලිපියෙන් සාකච්ඡා කරන්නේ මෙම අඹ විශේෂය වගාකිරීමේ විධික්‍රම පිළිබඳවයි.
Tjc අඹ හොඳ ඵලදාවක් ලබා ගන්නට නම් නිවැරදි කෘෂි තාක්ෂණයට අනුකූලව වගා කළ යුතුයි.
පාරම්පරික අඹ වගාවේදි මෙන් නොව මෙම අඹ වගාකිරීමේදි අහස උසට දිව යන පරිදි රූක්ෂ අඹ ගසක් බලාපොරොත්තු නොවන අතර අඹ ගසේ උපරිම උස අඩි 6-8 වඩා අඩුවන ලෙස නඩත්තු කටයුතු සිදුකිරිමට වග බලා ගත යතුය.
මහත් පරිශ්‍රමයක් දරමින් වෙහෙසකාරි ලෙස දෑත් දිගු කොට අඹ ඵලදාව නෙලීම වෙනුවට මේ ක්‍රමයෙන් සිදුකරන්නේ ඉතා අඩු වෙහෙසක් සිදුකොට බිම බලාගෙන රිසිසේ අඹ නෙලීමය.
මෙය කුඩා දරුවෙකුට වුවත් පහසුවෙන් නෙළිය හැකි ක්‍රමයක් වන අතර අඹ ගස අන් අඹ මෙන් නොව ප්‍රමානයෙන් අසින් අඩුවේ. මේ සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයන් එල්ලාවල ගොවිපළ හරහා හදුන්වා දි ඇත.
එල්ලාවල කෘෂි ගොවිපළ මඟින් මෙම අඹ විශේෂය වගාකිරීම සඳහා වු විශේෂිත ක්‍රමවේදය හදුන්වා දී ඇත්තේ කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙසය. මේ අඹ වගාකිරිමේ ක්‍රම කිහිපයක් හදුන්වා දී ඇත්තේ ය.
අක්කරයට පැළ 72,100,150, 200 ක ප්‍රමානයට එම වගාවන් කළ හැකි අතර ඒවා එකිනෙකට වෙනස් විය හැකිය. මෙම Tjc අඹ වගාකරුවන්ට සිය රුචිකත්වය අනුව වගා කළ හැකි අතර ඒ සඳහා වූ ක්‍රමවේදයන් කිහිපයක්ද හදුන්වා දී ඇත්තේ ය. තෝරා ගන්නා වගා ක්‍රමය කුමක් වුවත් ඒ සෑම ක්‍රමයකින්ම ඉහළ ඵලදායිතාවක් ලබා ගැනීමට වගාකරුවන්ට හැකියාව ලැබෙයි.
Tjc අඹ හොඳ ඵලදාවක් ලබා ගන්නට නම් වැදගත්ම දේ වන්නේ නිසි නඩත්තුවක් පවත්වා ගෙන යාමයි. මේ සඳහා වූ ක්‍රමවේදයන් එල්ලාවල ගොවිපල තුළින් හදුන්වා දි ඇත්තේය.
නිවැරැදි Tjc අඹ වගාවක් පවත්වා ගෙන යාමට නම් වැදගත්ම දේ වන්නේ ඒ සඳහා නිරෝගි අඹ පැළ ලබා ගැනීමයි. නිරෝගි අඹ පැළ ලබාගත් පසු ඒ සඳහා වූ බිම සකස් කිරිමද නිවැරදි ක්‍රමයන්ට අනුවම සිදුවිය යුතුය. පැළ වලට අවශ්‍ය ජල සම්පාදනය, පොහොර යෙදිම මෙන්ම රෝග හා පරිබෝධ නාශක යෙදිම යන මූලික ක්‍රියාකාරකම් මෙහිදි වැදගත් වන අතර පැළ සිටුවීමෙන් පසුව පැළ කප්පාදු කිරිම ඉතා හොඳ පුහුණුවක් යටතේ කළ යුතුය.
පැළයක් කප්පාදුවට නිවැරැදි තාක්ෂණික දැනුමක් අවශ්‍යව ඇති අතර ඒ සඳහා වූ නිවැරැදි උපකරණද අවශ්‍ය වේ. සෙකටියරය, ලූපරය මේ අඹ පැළ කප්පාදුවට යොදා ගැනෙන අතර කියතද මේ සඳහා නිර්දේශ කර ඇත. මෙම උපකරණ භාවිතා කිරීමෙන් Tjc අඹ පැළයකට කිසිම හානියක් නොවන අතර නිවැරදි කප්පාදුව මඟින් පැළයට නියමිත හැඩයක් ලැබෙන අතර අනවශ්‍ය අතුරිකිලි ඉවත් විමෙන් පැළයට ඉතා හොඳින් හිරුඑළිය ලැබේ. එය පැළයට වැළෙඳන රෝග පාලනයටද හේතුවක් වේ.
Tjc අඹ වගාකිරීමේ අරමුණ ඇතිව යමෙකු වගාවක් ආරම්භ කරන්නේ නම් පිළිපැදිය යුතු කරුණු කාරණා රැසක් වෙයි. මුලින්ම අඹ ප්‍රභේදයට ආවේණික රෝපණ දුව්‍ය තෝරා ගත යුතුය.
දෙවැන්න වගා භුමිය සැකසිම හා සුදුසු වගා ක්‍රමයක් තෝරා ගැනීම කළ යුතුයි. අනතුරුව කාබනික පොහොර භාවිතය හා නිසියාකාරව අඹ පැළය සිටුවීමට වළ කපා ගත යුතුය.
ඉන් අනතුරුව පැළ සිටුවීම මෙන්ම එයට අවශ්‍ය ජල සම්පාදනය ගැන අවධානය යොමු කළ යුතු අතර වසර 3 ක් ගතවන තෙක් ජල සම්පාදනය ඉතා හොඳින්ම සිදුවිය යුතුය. එම නිසා මෙම අඹ වගාවට පෙර සුදුසු ජල සම්පාදන ක්‍රමයක් තෝරා ගත යුතුය.
මෙම අඹ ගස් වගා කිරීමේදි වඩා වැදගත් දේ පැළ කප්පාදු කිරීම හා ඒ සඳහා සුදුසු උපකරණ යොදා ගැනිමයි. අඹ වගාව තුළ හට ගන්නා වල් වර්ග මර්දනය අනිවාර්යයෙන්ම කළ යුතු අතර මේ සඳහා උදලු ගෑම, විසීකැති ගෑම වැනි දෑ කළ යුතුය.
මල් හට ගැනිමෙන් පසු මල් විවිධ රෝග වලින් ආරක්ෂා කිරීම වැදගත් වේ. අඹ ගෙඩි බිත්තර ප්‍රමාණයට විශාල වීමෙන් පසු හොඳ අඹ ඵලදාවක් ලබා ගැනිමට නම් ඒ සඳහාම වෙන්වූ ආවරණ බෑගය දැමිය යුතුය. මෙය අඹ ගෙඩිය පළතුරු මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමටද හේතු වේ.
පලතුරු මැස්සාගෙන් වන හානිය අවම කිරිමට පෙරමෝන උගුල් භාවිතා කිරිම කළ හැකි අතර අස්වනු නෙළීමේදි නිසි ප්‍රමාණයට මේරීමට ලක්වු අඹ පමණක් නෙළා ගැනිම කළ යුතුය. එසේම නෙලාගත් අස්වනු විධිමත්ව ශ්‍රේණිකොට අසුරා තැබීම කළ යුතුය.
Tjc අඹ වඩාත් උචිත වන්නේ විදේශිය වෙළෙඳපොළට වන අතර එයට හේතුව අපනයනයට ගැළපෙන ලෙස මෙම අඹ විශේෂයට ඉහළ වාණිජ වටිනාකමක් හිමි වීමය. එමනිසා මෙම වටිනාකම පවත්වා ගැනිම සඳහා අඹ ගෙඩියේ ගුණාත්මකබව ආරක්ෂා කළ යුතුය.
මේ නිසා වගා කටයුතු ආරම්භයට පෙර ඉතා හොඳ රෝපණ ද්‍රව්‍ය තෝරා ගත යුතුවාක් මෙන්ම නිවැරදි තාක්ෂණික ද්‍රව්‍ය අනුගමනය කිරිමට පුහුණුව ලත් ආයතනයක් හරහා දැනුමක් ලබා තිබීමද වැදගත් වේ.
මෙම අඹ විශේෂයට වෙළෙඳ පොළේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින අතර මෙම අඹ භාවිතා කර නිශ්පාදනය කරන විවිධ නිශ්පාදනයන්ටද වෙළෙඳ පොළේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. අඹ යොදාගත් වියළි ද්‍රව්‍ය, අඹ ජෑම් මෙන්ම අඹ බීම වර්ගද මේ වනවිට වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් ඇත.
Tjc අඹ පිළිබඳ වර්තමානයේ වැඩි ඉතා හොඳ ප්‍රවණතාවයක් වන්නේ එය පාසල් ප්‍රජාවටද අමතර ආදායමක් ලඟා කර දීමයි.
මේ වනවිට එල්ලාවල කෘෂි ගොවිපළ මඟින් පාසල් ඉඩම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර ඇති අතර එමඟින් දුෂ්කර පාසල්වල පවතින හිස් ඉඩම් සංවර්ධනය කිරීම මඟින් එම පාසල් වලට අමතර ආදායමක් ළඟාකර ගැනීමටද අවස්ථාව උදාකර දි ඇත.
මෙය දේශබන්දු ටොම් එල්ලාවල මහතාගේ සංකල්පයක් මත බිහිවූවක් වන අතර මේ වන විට පාසල් කිහිපයකම මෙම ව්‍යාපෘතිය සාර්ථකව පවත්වා ගෙන යන්නේ ය.
Tjc අඹ අඹ වගාවේ සියලු තාක්ෂණික ක්‍රමවේදයන් වසර 25 ක් මුළුල්ලේ කරන ලද දිගු කාලීන පර්යේෂණයන් රැසක ප්‍රතිඵලයකි.
මේ වන විට මෙම තාක්ෂණික දැනුම යොදා ගනිමින් අද විශාල පිරිසක් Tjc අඹ ප්‍රභේදය මඟින් විශාල විදේශ හා දේශීය වෙළෙඳපොළ ජයග්‍රහණය කර ඇත්තේය.
ලබන සතියේ Tjc අඹයෙන්
අමතර ආදායම් ගෙනෙන හැටි
සුභාෂිණී ජයරත්න