සමේ තෙත­ම­න­යට කදිම අලි‍ගැ­ට­පේර | සිළුමිණ

සමේ තෙත­ම­න­යට කදිම අලි‍ගැ­ට­පේර

ෂෙරීන් ප්‍රනාන්දු

අපගේ මුළු ශරීරය ම ආවරණය කරන සම වියළීම මඟින්, ශරීර අභ්‍යන්තරයේ පවතින විවිධ රෝගාබාධ කියාපායි. සමබර ආහාර නොගැනීම, සම තද හිරු රැස්වලට නිරාවරණය වීම, ජලය නිසි පමණට භාවිතා නොකිරීම, බෙහෙත් හා ප්‍රතිජීවක ඖෂධ වැඩිපුර භාවිතා කිරීම, වැරැදි ආහාර පුරුදු ආදිය නිසා සම වියලීම ඉක්මවන්වන අතර නිරෝගී සමක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණී ෂෙරින් ප්‍රනාන්දු මහත්මිය රන්බිමට මෙසේ අදහස් දැක්වූවාය.

* සම වියළීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගෘහස්ථ ප්‍රතිකාර කව‍රේද?

වියළුණු සමක් සහිත මුහුණට ෂුගර් ස්ක්‍රම් එකක් භාවිතා කරන්න පුළුවන්. සීනි හා වර්ජින් කොකනට් ඔයිල් තේ හැඳි 2 ක් දමා එය මිශ්‍රකර එයට මී පැණි තේ හැඳි 1/2 ක් කලවම් කර මුහුණට ස්ක්‍රම් එකක් සේ දමා විනාඩි 10 කට පසු සෝදා ඉවත් කරන්න.

හිසේ සම වියළුණු විට ලෙමන්ජූස් සීනි තේ හැන්දක් මිශ්‍ර කර පිපිඤ්ඤා හීනි පෙත්තකින් හිස මත අතුල්ලා සෝදා හරින්න.

* ශරීරයේ සම වියළීමට ප්‍රතිකාර ලෙස කෝපි ඇට කුඩුකර ඊට බ්‍රවුන් ෂුගර් හා වර්ජින් කොකනට් ඔයිල් කුරුඳු කුඩු, වැනිලා දියර ස්වල්පයක් මිශ්‍ර කර ශරීරයේ අතුල්ලා, විනාඩි 10 ක් තබා ස්ක්‍රම් කර සෝදා හරින්න.

* මුහුණේ සම වියළීමට ප්‍රතිකාර ලෙස, පාන්කුඩු, ඩබල්ක්‍රීම් හෝ යෝගට් මේස හැඳි 2 බැගින් ගෙන එයට මීපැණි තේ හැඳි 1/2 ක් දමා මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 10 ක් තබා අතුල්ලා සෝදා හරින්න.

* අලිගැටපේර පොඩිකර බිත්තර කහ මදයක් හා මී පැණි තේ හැඳි 1/2 ක්, යෝගට් මේස හැඳි 2 ක් දමා පේස්ට් එකක් සාදාගෙන මුහුණේ ගා (ඇස්ව‍ෙට් හැර) විනාඩි 10 න් පසු සෝදා හරින්න.

* කඩල පිටි මේස හැඳි 2 ට, සුදු හඳුන් කුඩු, තේ හැන්දක් දමා මී පැණි හා මුදවාපු කිරි මේස හැන්දක් ද මිශ්‍ර කර මුහුණේ හා සිරුරේ ආලේප කර විනාඩි 10 න් සෝදා හරින්න.

* කෙසෙල් ගෙඩි 1/2 හොඳින් පොඩි කර එයට කෝන් ෆ්ලවර් මේස හැඳි 2 ක් හා යෝගට් මේස හැඳි 2 ක් මිශ්‍රකර මී කිරි මේස හැන්දක් ද දමා කලවම් කර මුහුණේ ආලේප කර විනාඩි 10 තබා සෝදා හරින්න.

* පිපිඤ්ඤා ජූස් මේස හැඳි 2 ට, කොමඩු ජූස් මේස හැඳි 2 ක් දමා යෝගට් කිරිපිටි තේ හැන්දක් මිශ්‍ර කර පේස්ට් එකක් සාදා සමේ හා මුහුණේ ආලේප කර විනාඩි 10 පමණ පසු සෝදා හරින්න.

* මී කිරි මේස හැඳි 6 ට ටර්මරික් පවුඩර් මේස හැන්දක් කලවම් කර පේස්ට් එකක් සාදා ඇ‍ඟේ ගා විනාඩි 10 ක් තබා එයින් ම අතුල්ලා සෝදා හරින්න.

* සමේ වියළි බව ඇති නොවීමට යහපත් ආහාර පුරුදු මෙන් ම, ව්‍යායාමයත් වැදගත් නේද?

ස්වභාවික එළවළු, පලතුරු, කොළ කැඳ, පලාවර්ග ආහාරයට එක්කරගත යුතුයි. නිතර ශරීරයට ව්‍යායාම ඇත්නම් සම නිරෝගීව පවත්වාගන්න පුළුවන්.

විටමින් E ප්‍රතිකාරකය රෑට මුහුණේ ආලේප කර ලාවට උඩු අතට සියුම් ලෙස, රවුම් ආකාරයට මසාජ් කරන්න.

ඇස්වටේ වියළි බව නැතිකර ගැනීමට ආමන්ඩ් අඩංගු අයික්‍රීම් ආලේපකර මුදු ඇඟිල්ලෙන් රවුම් ආකාරයට මසාජ් කරන්න.

මුහුණේ මැරුණු සම ඉවත් කිරීමට දවසක් ඇර දවසක් ස්ක්‍රබ් එකක් ආලේප කර සම නොඇදීමට මුහුණේ සම දෙපසට ඇද අනෙක් ඇඟිල්ලෙන් ස්ක්‍රබ් කරන්න.

 

නිශානී හේරත් බන්නැහැක

 

Comments