
කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසංනිවේදන අංශයේ නිර්මාණාත්මක ඉගැනුම් සහ ඉගැන්නුම් ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය වූ ‘මහ සුපින‘ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ගේ නවතම වේදිකා නාට්‍යයයි.අතීතයේ ජාතක කතාවක එන කොසොල් රජු ගේ සිහින දහසය පිළිබඳ වූ කතාන්තරය අනුසාරයෙන් වර්තමාන සමාජය නිරූපණය කරමින් කෝලම් සම්ප්‍රදායට අනුව නිර්මාණය වු වෙනස්ම ආරයේ දැවැන්ත නිර්මාණයකි.
අකිල ධනුද්දර, සාරාංග දිසාසේකර, මාදනී මල්වත්ත,බුද්ධදාස විතානාරච්චි, ප්‍රියංකර රත්නායක, සුලෝචනා වීරසිංහ, ජනක රණසිංහ,සජිත අනුත්තර වැනි දක්ෂ රංගන ශිල්පීන් සහ කැලණිය විශ්ව විද්‍යාල සිසු සිසුවියන් රැසකගේ රංගන දායකත්වයෙන් එක් වන මහ සුපින වේදිකා නාට්‍ය සංගීතයට තරුපති මුණසිංහ සහ නර්තන වින්‍යාසයෙන් රවිබන්දු විද්‍යාපතිද දායක වෙති. පසුගියදා ප්‍රථම වරට කැලණිය විශ්ව විද්‍යාලයේදී වේදිකා ගත වූ එම නාට්‍ය මාර්තු 14 ප.ව 3ට (පාසල් දර්ශනය) සහ 6.30ට (මහජන දර්ශනය)කොළඹ ලයනල් වෙන්ඩට් හී ද, මාර්තු 23 ප.ව 3ට(පාසල් දර්ශනය) සහ 6.30ට (මහජන දර්ශනය) අනුරාධපුරය යොවුන් නිකේතනයේදී ද වේදිකා ගතවේ.
චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනය වැඩමුළුව 12 සහ 13 සරසවි චිත්‍රාගාරයේදී
විනාශ මුඛයට යමින් තිබෙන සිනමාපට සංරක්ෂණය කිරීමේ අරමුණින් වත්මන් රජය සිය අයවැය මඟින් චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනය හා සංරක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 50 මුදලත් වෙන්කර තිබේ.
අදාළ මූල්‍ය ප්‍රතිලාභය ප්‍රේක්ෂක ජනතාවට ලබාදෙමින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂණ සංවිධානයේ සහයෝගිත්වයෙන් චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනය හා න්‍යායාත්මක ප්‍රායෝගික වැඩමුළුවක් මේ මස 12 සහ 13 යන දෙදින පුරා දළුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත්වේ.
මීට සමඟාමීව ශ්‍රී ලංකාවේ සිනමා උරුමය සුරකීමේ කතිකාව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති ආර්. එම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රදානත්වයෙන් 14 වන දින ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත් වෙන අතර එහිදී ඩී. සී. පී තාක්ෂණයට පරිවර්තනය කළ ‘රේඛාව‘ චිත්‍රපටය ද ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙහි සම්පත්දායකයන් ලෙස ඩේවිඩ් වොල්ෂ්, මයික් නෙව්න්හාම්, ශිවේන්ද්‍ර සින්ග් ඩුන්ගපුර යන මහත්වරු කටයුතු කරති.
පැරැණි හින්දි ගීත ප්‍රසංගයක් කොළඹදී නොමිලයේ
පැරැණි හින්දි ගීත ප්‍රිය කරන රසික රසිකාවියන් වෙනුවෙන් පිහිටුවා ඇති පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජය ඉදිරපත්කරන ගීත් මාධුරී පැරණි හින්දි චිත්‍රපට ගීත ගායනා ඇතුළත් සජීවි සංගීතමය ප්‍රසංගය අද (11) පෙ.ව 9.30ට කොළඹ බිශෝප් කොලේජ් ශ්‍රවනාගාරයේදි නොමිලයේ පැවැත්වේ. පැරැණි හින්දි සංගීතය ප්‍රියකරන රසික රසිකාවියන්ට මේ උත්සවයට සහභාගිවිය හැකිය. මෙහිදී පැරැණි ගීත ඇතුළත් සී.ඩී සහ ඩී.වී.ඩී සහ සිංහල උපශීර්ෂ සහිත ජනප්‍රිය හින්දි ගීත පොත් ආදියද ලබා ගත හැකිය.
තුන්දෙනෙක් චිත්‍රපට ත්‍රිත්වය ළඟදීම
සම්මාණනීය හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනකු වන ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර හා අශෝක හඳගම එක්ව තැනූ ‘ඈ‘, ‘ඔහු‘ හා ‘අනෙකා‘ යන චිත්‍රපට ත්‍රීත්වයේ එකතුව ‘තුන් දෙනෙක් ‘ නමින් ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. කුරිරු යුද්ධය නාමිකව නිමාවුවද එහි අතුරුපල නොනිවී ඇති බව පසක් කරමින් නිමැවුණු මෙම චිත්‍රපට ත්‍රිත්වයට සම්බන්ධ වූ කාර්මික ශිල්පීන්ද එකනෙකට වෙනස්වූ ශිල්පීන්ය. කැමරා අධ්‍යක්‍ෂණයෙන් එම්.ඩී.මහින්දපාල (ඈ), ඊශිට් නාරායන් (ඔහු), චන්න දේශප්‍රිය (අනෙකා) ද, සංස්කරණයෙන් ශිකර්ප්‍රසාද් (ඈ), සමන් ඇල්විටිගල (ඔහු), රවින්ද්‍ර ගුරුගේ (අනෙකා) ද, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල (ඈ), චතුරංගි රසිකලා පතිරගේ (ඔහු), අමල් අල්විස් හා වතීශ් වරුණන් (අනෙකා) ද දායක වී ඇති අතර ‘ඈ‘ රංගනයෙන් කෙෂවරාජන්, අශෝක හඳගම, නිපුනි ශාරදා, ක්‍රිෂාන්ත ජයබාහු හා එෆ්. ජුල්ස් කොලින්ද, ‘ඔහු‘ රංගනයෙන් ප්‍රදීප් රාමවික්‍රම, දර්ශන විද්‍යා අරවින්ද, ජුලියන් කෞශල්‍යා මෙන්ඩිස්, ජුලියන් කෞශල්‍යා ගලින්දවත්ත, ෂර්ලි යස්වින් රවිශංකර්, එම්. සෆීර් ජනප්‍රිය වික්‍රමසිංහ හා වීරමන්ද ‘අනෙකා‘ රංගනයෙන් ප3⁄4ලිජා ජෙයරාජ් එම්.රාජ් ශ්‍රී, රොෂාන් පොල්වත්තගේ සහ මොහොමඞ් අතීෆ් එක්ව ඇත. කලා අධ්‍යක්ෂණයෙන් පිළිවෙළින් මංජුල අයගම, ලාල් හරින්ද්‍රනාත් හා උපුල් චමිල බණ්ඩාරද, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, නාරද තොටගමුව එක්ව ඇති මෙම චිත්‍රපයට සඳහා නිෂ්පාදන දායකත්වය ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් දරා ඇත. 1970 වසරේදී තිරගතවූ ටයිටස් තොටවත්තයන්ගේ ‘තෙවත‘ චිත්‍රපටයද මෙවන්වූ චිත්‍රපට ත්‍රිත්වයක එකතුවකි. එම ත්‍රිත්වය ‘අහල පහල‘, ‘පික්චර් පිස්සා‘ හා ‘ගිලිහුන මල් ‘ නමින් විය. එය දමිළ ජාතික එම්. රාමේෂ්වරම්ගේ නිෂ්පාදනයකි.