සිනමා අඹ­රෙන් බැස­ගිය චාන්ද­නිය | සිළුමිණ

සිනමා අඹ­රෙන් බැස­ගිය චාන්ද­නිය

මාර්තු හතරවැනි දින පැවැති අනූ වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී ගෞරව පූර්වක සිහිකිරීමට තරම් බොලිවුඩයේ පළමු සුපිරි තාරකාව ශ්‍රී දේවිය ජාත්‍යන්තරව පිළිගත් තාරකාවක වූවාය. ඇයගේ අකල් වියෝවෙන් දැනුණු කම්පනය තවමත් බොලිවුඩ් පුරවරයේ රාව ප්‍රතිරාව දෙයි. වහීඩා රෙහෙමාන්ගේ සිට ආලියා බාත් දක්වාත් අමිතාබ් බච්චන්ගේ සිට වරූන් ධවාන් දක්වාත් එකසේ සියලු තරු අසම සම රාජිනියගේ අකල් නික්මයාමට සොව පළ කළහ.

කාජල්, ප්‍රීති සින්තා, රාණි මුඛර්ජී, ප්‍රියංකා චොප්රා, කන්ගනා රනවුත්, විද්‍යා බාලන් වැනි බහුතරයක් තරු පුරයට පැමිණියේ ඇයගේ රංගන ප්‍රතිභාවෙන් අවදි වූ සිත් ඇතිවිය. සම්මානනීය කාජල්ට ශ්‍රී දේවි යනු රංගන පාසලකි. ශ්‍රී ට පසු අංක එකේ තාරකාව වූ මධුරි ඩික්සිත්ට ඇය අන්තර් ජාතික මට්ටමේ රංගන ශිල්පිනියකි. තිරයේ වරක ශ්‍රී, මධුරි සමඟ කරට කර සිටී. තවත් ජනප්‍රිය, දක්ෂ තාරකාවක වූ ජූහි චව්ලාට නිළි උමතුව වැළඳී ඇත්තේ ද ඇයගේ රංගනය නැරඹීමෙන් පසුවය. ගීත කෝකිලා ලතා මංගේෂ්කාර්ට තම ගී නදට ඇයගේ හඬ එක්වීම තරම් සතුටක් නොතිබිණි. ඇය පළමු සුපිරි තාරකාව වූයේ සමස්ත දකුණු ආසියාවටමය. ශ්‍රී ලංකේය ප්‍රේක්ෂක මතකයේ ද ඇය සඳා රැඳෙන තාරකාවකි. සද්මා, නාගීනා සිට ඉන්ග්ලිෂ්, මම් දක්වාම හද බැඳි රසික ඔබ වෙනුවෙන් නව නළු රසයම අඩංගු අවසන ශෝඛාන්තයක් වූ ඇයගේ ජිවිත කතාව අපි ලබන සතියේ සිට ඔබ වෙත ගෙන එන්නෙමු.

Comments