රත්නා ලංකා අබේ­වි­ක්‍ර­මගේ අලුත් පොත් දෙකක් එළි­දැක්වු දා | සිළුමිණ

රත්නා ලංකා අබේ­වි­ක්‍ර­මගේ අලුත් පොත් දෙකක් එළි­දැක්වු දා

“මා ඔබේ ලංකා” එසේ කියු විට රසිකයින් ඈ හඳුනන්නේය. ඒ වෙනකෙක් නොව ඒ යුගයේ ජනප්‍රිය නිවේදිකාවක වැඩසටහන් සම්පාදිකාවක වූ රත්නා ලංකා අබේවික්‍රම ය. ගුවන් විදුලි මහ ගෙදරින් විශ්‍රාම ගිය ද ඇය දැන් ITN FM නාලිකා හි කාන්තා වැඩසටහනක් ද ඉදිරිපත් කරන්නීය. . ඈ රඟ පෑ ටෙලි නාට්‍ය, චිත්‍රපට බොහොමයකි.

කොහොම වූණත් දුරුතු මස තිස් වැනිදා ඇයට සිය ජීවිතයේ සුවිශේෂි දිනයකි. එක් හේතුවක් නම් ඇගේ උපන්දිනය එදිනට යෙදී තිබීමය. (මීට පෙර සුවඳ කැකුළු, පිපුණු සුවඳ මල්, සමනල සිතුවිලි , ආදි කවි පොත් මෙන්ම දයාබර භාග්‍යා කෙටි කතා සංග්‍රහය හා හිරු සිසිල නවකතා ඇය විසින් ලියන ලද පොත් වේ. ) අනෙක් විශේෂත්වය නම් ඇය විසින් රචනා කරන ලද “ගිමාරා” නවකතා හා “උදුල සිත් රූ” එළිදැක්වීම ද එදිනට යෙදි තිබීමය. ගිමාරා නවකතා ව සහ උදුල සිත් රූ කාව්‍ය සංග්‍රහය කවිවර ප්‍රකාශනයකි.

ස්ථානය කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යසථානයේ ශ්‍රවනාගාරයයි. එය අපූරු හැන්දෑවකි.

“ගිමාරා ” හා “උදුල සිත් රූ ” පොත් එළිදැක්වීමේ ආරාධිත දේශනය පවත්වන ලද්දේ මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය විසිනි. එමෙන්ම ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදි පාලිත පෙරේරා මහතා මෙහිදි කෙටි දෙසුමක් පවත්වන ලදී

දකුණු පළාතෙන් බිහි වූ පළමු ගුවන් විදුලි නිවේදිකාව ලෙස නමක් දිනා සිටින රත්නා සඳැස් කවියට පෙම් බදින්නිය. . ඇය විසින් ලියන ලද ගීත රැසකි. ඒ අතරින් සුලෝචනා අප දෙදෙනාටම එක රජ දහනක රජ වෙන්නට බැහැ, පය තබනා බිම වැළි කැටයක වෙමි , ඕවිල්ලේ පෙම් සඳැල්ලේ, සුවඳට මල මෙන් මෙහිදි ගායනා කරන ලදී.

වැඩසටහන මෙහෙයවන ලද්දෙ ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය හා ප්‍රවීණ ගී පද රචක බන්දුල නානායක්කාරවසම් විසිනි. රත්නා ලංකාට ආදරය කරන ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨයෝ, සමකාලිනයෝ , මෙන්ම කනිෂ්ඨයෝ සහෘදයෝ ද රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. රත්නා ලංකාගේ සාර්ථකත්වය පිටුපස සිටි ඒ දැවැන්ත සෙවණැල්ල පාලිත අබේවික්‍රම ඔවුන්ගේ දියණියන් බෑණාවරුන් මෙන්ම ඥාතීන් ද මේ අතර වූහ.

Comments