
මාලතී පොළට ගිහිල්ලා අද අළු කෙසෙල් ගෙනැල්ලා. අළු කෙසෙල් ගුණ කෑමක්. එහෙම කියලා දුන්නේ මාලතීගේ අත්තම්මා. අළු කෙසෙල් උයලා ලෙලි විසි කරන්න එපා කියලා ඒ දවස්වල අත්තම්මා අම්මට කියනවා මාලතී අහගෙන ඉඳලා තියෙනවා. ඒවා අදත් මතකයි. හැම දෙයක්ම පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියනවා නම් කෑම බීමත් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනිච්හම මොකේ කියලා අත්තම්මා කියනවා මලාතීට මතකයි. ඒ මතකේ නිසාම තමයි මාලතී අළු කෙසෙල් ලෙලි ටික අරන් තිබේ. මොකට ද අම්මේ අළු කෙසෙල් ලෙලි, කියලා මලතීගේ ළමයි අහන කොට කන්නනේ කියාලා මාලතී කිව්වහම පොඩ්ඩා හිනා වුණා. ලොක්කා නම් ඒ කෑම මොනවද අම්මේ කියලා ඇහුවා. දවල්ට අළු කෙසෙල් ඉව්වා.
රෑට අළු කෙසෙල් ලෙලි හීනියට ලියාලා උම්බලකඩ දාලා ලූනු දාලා තෙල් දැම්මා. පොඩ්ඩා විහිළු කළාට මොකද වැඩියෙන්ම ඉල්ල ඉල්ල කෑවේ පොඩ්ඩා.
අම්මේ අළු කෙසෙල් ලෙලිවලින් තව කෑම හදන්න බැරිද? මොකද පුතේ බැරි මාලතී එහෙම කිව්වහ පොඩ්ඩා අලුත් කෑමක් කියලා මාලතීව කොනිත්තාගෙන ගියා.
මං පුතාලාට හෙට අළු කෙසෙල් ලෙලි මලවලා මැල්ලුමක් හදලා දෙන්නං කෝ. කිව්ව විදිහට මාලතී අළු කෙසෙල් ලෙලි මැල්ලුමක් හැදුවා.
අළු කෙසෙල් ලෙලි හීනියට ලියලා, තැම්බෙන්න ළිපේ තිබ්බා. ඊට පස්සේ පොල් අඹරලා, ඒකට ලූනු දාලා, සුදු ලූනු දාලා, අවශ්‍ය පදමට ලුණුත් දාලා තැම්බෙන්න තිබ්බා. මැල්ලුම තැම්බෙන කොට සුවඳේ බැරුවා. අම්මේ හරිම සුවඳයි නේ. ඒකනේ මං පුතාට කිව්වේ අළු කෙසෙල් උයලා ලෙලි විසික්කරනවා නම් වැඩක් නැහැ කියලා. අපි කන බොන දේවල්වල ගුණ හොඳින් තේරුම් ගන්න ඕනේ. නොදැනුවත්කම නිසා අපි අතින් රසවත් කෑම විනාස වෙලා යනවා. මං මේ හදන ඒවා ඔයගොල්ලොත් ඉගෙන ගන්න ඕනේ නැත්නම් පුතේ ඔයාලා ලොකු වෙන කොට මේ කෑම ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ.
අමායා රසාදරී